තරගාවලියක් ලෙස පැවැත්වෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කර තිබේ.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් මෙම ඉසව්ව සඳහා ස්ත්‍රී පුරුෂ භාවය අනුව කාණ්ඩ දෙකක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 දෙනෙකුගේ කෝටා වෙන් කිරීමෙන් පසු සහභාගී වන කණ්ඩායම්වලට ක්‍රීඩකයින් 15 දෙනෙකු දක්වා සංචිත ඉදිරිපත් කළ හැකි ය.
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සඳහා කණ්ඩායම් සුදුසුකම් ලබන්නේ කෙසේ දැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තවමත් හෙළි කර නැත.
කෙසේ වෙතත්, ඔලිම්පික් උළෙල කෙරෙහි ඉන්දියාවේ උනන්දුව වැඩි කිරීම සඳහා ක්‍රිකට් භාවිත කිරීමට සංවිධායකයින් උනන්දු වන බව වටහා ගත හැකි ය.
වත්මන් T20 ලෝක කුසලානය ඉන්දියාව සතුව පවතින අතර, අනුග්‍රාහකයින් වැඩි වීමෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ඒ හරහා මූල්‍යමය අවස්ථා විවර වනු ඇත.
කර්ස්ටි කවෙන්ට්‍රි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරය සඳහා තේරී පත්වීමට පෙර, මෑතකදී ඩුබායිහිදී පැවති චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා සමග 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල ගැන සාකච්ඡා කළා ය.
මේ අතර, ඔලිම්පික් උළෙලට අදාළ ක්‍රිකට් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳව ද මෙතෙක් නිවේදනය කර නැත.
ඔලිම්පික් උළෙලක මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාව පැවැත්වුණේ, 1900 පැරිස් නුවරදී ය. එහිදී නෙදර්ලන්තය සහ බෙල්ජියම ඉවත් වීමෙන් පසුව, මහා බ්‍රිතාන්‍යය ප්‍රංශයට එරෙහිව ලකුණු 158ක අවසන් මහා තරගය ජයග්‍රහණය කළේ ය.
(සටහන | තිමති ඒබ්‍රහම්)
බීබීසී ක්‍රීඩා වාර්තාකරු
උපුටා ගැනීම - BBC සිංහල සේවය
2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරගාවලිය ගැන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණයක් ගනී
T
The Leader Desk
April 11, 2025 • 4:06 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ඇතුළත් කිරීම, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සඳහා ම කණ්ඩායම් හයක පන්දු වාර 20
- ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් මෙම ඉසව්ව සඳහා ස්ත්‍රී පුරුෂ භාවය අනුව කාණ්ඩ දෙකක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 දෙනෙකුගේ කෝටා වෙන් කිරීමෙන් පසු සහභාගී වන කණ්ඩායම්වලට ක්‍රීඩකයින් 15 දෙනෙකු දක්වා සංචිත ඉදිරිපත් කළ හැකි ය.
- කෙසේ වෙතත්, ඔලිම්පික් උළෙල කෙරෙහි ඉන්දියාවේ උනන්දුව වැඩි කිරීම සඳහා ක්‍රිකට් භාවිත කිරීමට සංවිධායකයින් උනන්දු වන බව වටහා ගත හැකි ය.
- වත්මන් T20 ලෝක කුසලානය ඉන්දියාව සතුව පවතින අතර, අනුග්‍රාහකයින් වැඩි වීමෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ඒ හරහා මූල්‍යමය අවස්ථා විවර වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


