BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
ක්‍රීඩා

2030 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මහාද්වීප තුනක් හරහා රටවල් හයක

T

The Leader Desk

October 19, 2023 • 12:11 PM

2030 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මහාද්වීප තුනක් හරහා රටවල් හයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝලීය ක්‍රීඩාවේ වඩාත්ම ජනප්‍රිය ඉසව්ව වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට වසර සියයක් පිරෙන 2030 තරගාවලිය මහාද්වීප තුනක පිහිටි රටවල් හයක පැවැත්වෙන
  • මංගල ලෝක කුසලාන පාපන්දු තරගාවලිය උරුගුවේ රටේ මොන්ටිවිඩේයෝ අගනගරයේදී පවත්වා තිබෙන්නේ 1930 වසරේදී.
  • 1930දී ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රථම තරගයට සත්කාරකත්වය දැක්වූ උරුගුවේ හි මොන්ටිවිඩේයෝ නුවරදී 2030 තරගාවලියේ ආරම්භක තරගය පැවැත්වෙන අතර ඉන්පසුව ආජන්ටිනාව සහ පැරගුවේ හි තරග පැවැත්වීමටයි නියමිත.
  • කෙසේ වෙතත් මෙහිදී ගුවන් ගමන් ප්‍රමාණය, ක්‍රීඩා ලෝලීන්ගේ සංචාරයන්, ක්‍රීඩකයන්ගේ සංචාරය කිරීම යනාදිය ඉතා විශාල වන බැවින් දේශගුණික විපර්යාසයන් පිළිබඳ ගැටළුවක්ද උද්ගතව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

බවට ජගත් පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙන්නේ. කෙසේ වෙතත් ලබන වසරේ පැවැත්වෙන FIFA කොන්ග්‍රස් රැස්වීමකදී මේ තීරණය ස්ථිර කර ගත යුතුව තිබෙනවා.

ස්පාඤ්ඤය, පෘතුගාලය හා මොරොක්කෝව මේ තරගාවලියේ සම සත්කාරකයින් ලෙස නම් කර තිබෙනවා. 

එහෙත් තරගාවලියේ ආරම්භක තරග තුන පැවැත්වෙනු ඇත්තේ උරුගුවේ, පැරගුවේ සහ ආජන්ටිනාවේ වන අතර දකුණු අමෙරිකාවේ පැවැත්වෙන මේ ආරම්භක තරග ත්‍රිත්වය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශතසංවත්සරය සංකේතවත් කිරීම විශේෂත්වයක්. මංගල ලෝක කුසලාන පාපන්දු තරගාවලිය උරුගුවේ රටේ මොන්ටිවිඩේයෝ අගනගරයේදී පවත්වා තිබෙන්නේ 1930 වසරේදී.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශතසංවත්සරය ඉතාමත් සුවිශේෂ ආකාරයට සැමරීමට සමස්ත පාපන්දු ලෝකය නියෝජනය කරන ජගත් පාපන්දු සම්මේලන කවුන්සලය ඒකමතිකව තීරණය කර තිබෙනවා.

fifa tywt

ජගත් පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ

“2030 වසරේදී අප්‍රිකාව, යුරෝපය හා දකුණු අමෙරිකාව යන මහාද්වීප තුනේත් ආජන්ටිනාව, මොරොක්කෝව, පැරගුවේ, පෘතුගාලය, ස්පාඤ්ඤය හා උරුගුවේ යන රටවල් හයේත් අපි ගෝලීය වශයෙන් අද්විතීය පා සටහනක් තබන්නේ මේ අලංකාර ක්‍රීඩාව, එහි ශතසංවත්සරය හා FIFA ලෝක කුසලානය උත්සවශ්‍රීයෙන් සමරන අතරවාරයේ ලෝකය එක්සත් කරමින්” යනුවෙන් ජගත් පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ පවසන්නේ, බෙදුනු ලෝකයක FIFA සහ පාපන්දුව එක්සත් වන බව සඳහන් කරමින්.

1930දී ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රථම තරගයට සත්කාරකත්වය දැක්වූ උරුගුවේ හි මොන්ටිවිඩේයෝ නුවරදී 2030 තරගාවලියේ ආරම්භක තරගය පැවැත්වෙන අතර ඉන්පසුව ආජන්ටිනාව සහ පැරගුවේ හි තරග පැවැත්වීමටයි නියමිත.

කණ්ඩායම් හතළිස් අටේ තරගාවලියේ ඉතිරි කොටස උතුරු අප්‍රිකාව හා යුරෝපයට යොමුවන්නේ ඉන් අනතුරුව.

spin port moro

මෙසේ අර්ධගෝලීය වශයෙන් මාරු වීමෙන් පෙනී යන්නේ ලෝක කුසලාන කණ්ඩායම් එක ම තරගාවලියකදී එකිනෙකට වෙනස් සෘතු දෙකක ක්‍රීඩා කිරීම යි. කෙසේ වෙතත් මෙහිදී ගුවන් ගමන් ප්‍රමාණය, ක්‍රීඩා ලෝලීන්ගේ සංචාරයන්, ක්‍රීඩකයන්ගේ සංචාරය කිරීම යනාදිය ඉතා විශාල වන බැවින් දේශගුණික විපර්යාසයන් පිළිබඳ ගැටළුවක්ද උද්ගතව තිබෙනවා.

මේ තරග වැඩසටහනට අනුව මොරොක්කෝව 2010 වසරේදී දකුණු අප්‍රිකාවෙන් පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට සත්කාරකත්වය දක්වන දෙවැනි අප්‍රිකානු රට බවට පත්වෙනවා. ස්පාඤ්ඤය අවසන් වතාවට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් පැවැත්වූයේ 1982 වසරේදී. පෘතුගාලය මෙතෙක් ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට සත්කාරකත්වය දක්වා නැහැ.

ස්පාඤ්ඤයේ පැවති තරගාවලියේදී ඉතාලිය තෙවැනි වතාවටත් ජයග්‍රාහකයින් වූවද පසුගිය ලෝක කුසලාන තරගාවලියන් දෙක ට ම සුදුසුකම් ලබා ගැනීමට ඔවුන් අසමත් වුනා.

football 764537

මේ තරගාවලිය මෙතෙක් පවත්වා තිබෙන ක්‍රමවේදය අනුව තරගාවලියේ සත්කාරකයින් ලෙස උරුගුවේ, ආජන්ටිනාව, පැරගුවේ, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ මොරොක්කෝව යන කණ්ඩායම් ඉබේ ට ම 2030 තරගාවලිය සඳහා සුදුසුකම් ලබනවා.

මේ අතර 2034 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය සඳහා සලකා බැලෙන්නේ ආසියානු පාපන්දු සම්මේලනය සහ සාගර පාපන්දු සම්මේලනයට අයත් රටවලින් කෙරෙන ඉල්ලීම් පමණක් බවට ජගත් පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා. 

මේ තීරණයට අනුව 2034 වර්ෂයේදී ප්‍රථම වතාවට මේ තරගාවලියේ සත්කාරකත්වය දිනා ගැනීම සඳහා ලංසුවක් තබන බව සෞදි අරාබිය නිවේදනය කර තිබෙනවා. සත්කාරකත්වය සඳහා ඉල්ලීම් භාර ගැනීම මේ මස 31 වැනිදායින් අවසන් වීමටයි නියමිතව තිබෙන්නේ.

සටහන :
ප්‍රේමයේ චමත්කාරයෙන් සුන්දර වූ කාඩිෆ් මැරතන් තරගය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...