BREAKING
Top Ad
විදේශ

2060 දී කාබන් ශුන්‍ය රටක්! චීනයෙන් ප්‍රතිඥාවක්!

T

The Leader

September 12, 2023 • 9:14 AM

2060 දී කාබන් ශුන්‍ය රටක්! චීනයෙන් ප්‍රතිඥාවක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2060 වර්ෂය වන විට කාබන් නිශ්ක්‍රීයකරණයට පත් වූ රටක් වශයෙන් චීනය නිර්මාණය කරන බව
  • ඒ එතුමාගේ ප්‍රධානත්වයෙන්  “Green is the color of new development“ තේමාව මුල් කරගනිමින් අද (09) චීනයේ ක්වින්හායි පළාතෙහි පැවැති ජාත්‍යන්තර කාලගුණ විපර්යාස සමුළුව අමතමිනි.
  • එසේම සමස්ත ලෝකයටම මෙය මහගු ආදර්ශයක් වනු ඇතැයි ද පවසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 චීන කොමියුනිස්ට් පක්ෂය සඵත කර සිටියි. චීනය මෙසේ ප්‍රතිඥා දී සිටියේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය ලියූ ජියන්ශාවෝය. ඒ එතුමාගේ ප්‍රධානත්වයෙන්  “Green is the color of new development“ තේමාව මුල් කරගනිමින් අද (09) චීනයේ ක්වින්හායි පළාතෙහි පැවැති ජාත්‍යන්තර කාලගුණ විපර්යාස සමුළුව අමතමිනි.

මෙම සමුළුව  සදහා ලොව පුරා රටවල් නියෝජනය කරමින් 200කට අධික නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටි අතර ලංකාව නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වරුණ රාජපක්ෂ ද සහභාගී විය.

ලොව පුරා සිදුවන කාර්මිකණය හා දේශගුණික ගැටළු සම්බන්ධයෙන් ඉහළ අවධානයකින් සිටින චීන ජනරජය සංවර්ධනයේදී තමන් විසින් අත්පත් කරගන්නා දියුණුවත් සමගම 2060 වර්ෂය වන විට චීනය කාබන් ශුන්‍ය රටක් නිර්මාණය කරන බවට ප්‍රතිඥා දී සිටින බව අමාත්‍ය ලියූ ජියන්ශාවෝ වැඩිදුරටත් එහිදී සදහන් කොට ඇත. එසේම සමස්ත ලෝකයටම මෙය මහගු ආදර්ශයක් වනු ඇතැයි ද පවසා තිබේ.

{gallery}A zero carbon country{/gallery}

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...