BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
පුවත්

අභාවප්‍රාප්ත තිස්ස බණ්ඩාරනායකගේ අවසන් කටයුතු අද (21)සවස

T

The Leader Desk

February 21, 2022 • 3:44 AM

  අභාවප්‍රාප්ත තිස්ස බණ්ඩාරනායකගේ අවසන් කටයුතු අද (21)සවස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීණ රංගන ශිල්පියකු වන තිස්ස බණ්ඩාරනායක අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි බණ්ඩාරනායක මහතා මියයන විට 65 හැවිරිදි වියෙහි පසුවිය.
  • ඔහු හොඳම සහය නළුවාට හිමි සුමති සම්මානය ඇතුළු සම්මාන ගණනාවකින්ම පිදුම් ලබා ඇත.
  • තිස්ස බණ්ඩාරනායක ගේ දේහය මාකොල දකුණ, ජය මාවත, අංක 16/1 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු කැලණිය, සේපාල කනත්තේදී අද (21) පස්වරු 6.00ට සිදුකෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


1954 මාර්තු 8 වනදා මෙලොව උපත ලද තිස්ස බණ්ඩාරනායක කිරිබත්ගොඩ ස්ටැම්ෆර්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර 1984 නිෂ්පාදනය කෙරුණු ඒකාධිපති වේදිකා නාට්‍ය තුළින් රංගන ශිල්පියෙකු ලෙස එළි දුටුවේය.

කාහල නාදය, අලුබඳුන, ගිරිකුල, මහතලා හටන, යුගවිලක්කුව, සංසාරේ පිය සටහන්, සිත නිවන කතා ආදී ටෙලි නාට්‍ය, භවදුක, වෑකන්ද වලව්ව, නිල් දිය යහන, ඉගිලෙන මාළුවෝ, දැවෙන විහඟුන් ඇතුළු චිත්‍රපට මෙන්ම, ඒකාධිපති, මකර රාක්‍ෂයා, ධවල භීෂණ ආදී වේදිකා නාටඨ ඇතුළු නිර්මාණ 300 කට පමණ තිස්ස බණ්ඩාරනායක රංගනයෙන් දායක වී ඇති අතර නිර්මාණ රැසක නිරූපණය කර ඇත්තේ භික්‍ෂූන් වහන්සේගේ චරිතයවීම විශේෂත්වයකි.


තිස්ස බණ්ඩාරනායක දියණියන් දෙදෙනකුගේ පියෙකි.

ඔහු හොඳම සහය නළුවාට හිමි සුමති සම්මානය ඇතුළු සම්මාන ගණනාවකින්ම පිදුම් ලබා ඇත.

තිස්ස බණ්ඩාරනායක ගේ දේහය මාකොල දකුණ, ජය මාවත, අංක 16/1 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු කැලණිය, සේපාල කනත්තේදී අද (21) පස්වරු 6.00ට සිදුකෙරේ.

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...