BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බලොකිස්තාන් ගැටුම් පාලනය කෙරේ; බෙදුම්වාදීන් 216ක් මරුට

T

The Leader Desk

February 5, 2026 • 2:22 PM

බලොකිස්තාන් ගැටුම් පාලනය කෙරේ; බෙදුම්වාදීන් 216ක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්ථානයේ බලොකිස්තාන් (Balochistan) ප්‍රාන්තයේ, එරට හමුදා විසින් සිදු කළ ආරක්ෂක මෙහෙයුමක දී
  • එරට හමුදාව අද (5) එය නිල වශයෙන් තහවුරු කළේය.
  • එහිදී ආරක්ෂක හමුදා සහ සාමාන්‍ය පුද්ගලයින් 58ක් ඝාතනය වූහ.
  • සෙනසුරාදා (31) එහි බලොක් විමුක්ති හමුදාව හඳුනාගත් ඉලක්ක වෙත ප්‍රහාර ආරම්භ කිරීමත් සමග එම ප්‍රාන්තය මුළුමනින්ම අක්‍රීය විය.
අකුරු ප්‍රමාණය (Font Size):

සන්නද්ධ කැරලිකරුවන් 216ක් ඝාතනය කෙරේ. එරට හමුදාව අද (5) එය නිල වශයෙන් තහවුරු කළේය.

බලොකිස්තාන් ප්‍රාන්තයේ සන්නද්ධ බෙදුම්වාදීන් හා රජයේ හමුදා අතර ඉකුත් තෙදින තුළ ගැටුම් ඇවිලිණි. එහිදී ආරක්ෂක හමුදා සහ සාමාන්‍ය පුද්ගලයින් 58ක් ඝාතනය වූහ. තත්ත්වය වහා පාලනය පිණිස පාකිස්ථාන හමුදාව ඩ්‍රෝන යානා සහ හමුදා හෙලිකොප්ටර පිටත් කර  හැරියේය.

එරට පිහිටි විශාලතම ප්‍රාන්තය බලොකිස්තානය වේ. සෙනසුරාදා (31) එහි බලොක් විමුක්ති හමුදාව හඳුනාගත් ඉලක්ක වෙත ප්‍රහාර ආරම්භ කිරීමත් සමග එම ප්‍රාන්තය මුළුමනින්ම අක්‍රීය විය. ප්‍රදේශය පුරා ස්ථාන රැසකින් පිපිරීම් වාර්තා වූ අතර රජයේ හමුදා සහ බෙදුම්වාදීන් අතර වෙඩි හුවමාරු සිදු විය. බෙදුම්වාදී කැරලිකරුවන් 197 දෙනකු ඝාතනය කළ බව රජයේ හමුදා මුලදී ප්‍රකාශ කළහ.

බලොක්  විමුක්ති හමුදාව යනු කලාපයේ ප්‍රබලතම බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම ය. ග්‍රෙනේඩ් අර්ගයේ අත්බෝම්බ සහ රයිෆල් ගිනි අවියෙන් සන්නද්ධ ව ඔවුහු ප්‍රාන්තය පුරා භීෂණය ක්‍රියාත්මක කළහ. සෙනසුරාදා සිට එහි සියලු දුම්රිය සේවා ද අක්‍රිය විය. ප්‍රාන්තයේ බහුතර ප්‍රදේශයක අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා ද බිඳ වැටිණි. කැරලිකරුවෝ පොලිස් ස්ථාන තුනක් ගිනි බත් කළහ. අනතුරුව පැමිණි හමුදා හෙලිකොප්ටර  මගින් කැරලි කරුවන් ඉලක්ක කර ෂෙල් ප්‍රහාර එල්ල කෙරිණි.

50,000කට අධික ජනගහණයකින් යුත් කාන්තාරබද නුෂ්කි නගරයේ පොලිස් ස්ථාන තුනක සහ තවත් ආරක්ෂක මුරපොල කිහිපයක පාලනය මුළුමනින්ම කැරලිකරුවන් අතට  පත් විය. කැරලිකරුවෝ රාජ්‍ය නිලධාරීන්ට අයත් නිවාස සහ වෙනත් රාජ්‍ය දේපල ද නතු කර ගත්හ. රාජ්‍ය ගොඩනැගිලි සංකීර්ණය  බලහත්කාරයෙන් අත්පත් කරගත් ඔවුහු නියෝජ්‍ය කොමසාරිස්වරයා ද ප්‍රාණ ඇපකරුවකු ලෙස රඳවා ගත්හ. නගරයේ පාලනය යළි සියතට ගැනීම පිණිස ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුමේදී පොලිස් නිධාරීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

බලොකිස්ථානය, ඛනිජ සම්පතින් පොහොසත් කලාපයකි. එය ඉරානයට සහ ඇෆ්ඝනිස්ථානයට දේශසීමාව පිහිටියේය. චීන ආයෝජනයෙන් එහි, ග්වාඩාර් වරාය සහ තවත් ව්‍යපෘති රැසක් ක්‍රියාත්මක ය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍ර :

Pakistan sends helicopters, drones to end desert standoff; 58 dead

Pakistan military says it concludes week-long fight against Baloch separatists


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...