BREAKING
Top Ad
විදේශ

පැය 24 ඇතුළත 266 ක් ජීවිතක්ෂයට !

T

The Leader

October 22, 2023 • 9:41 PM

 පැය 24 ඇතුළත 266 ක් ජීවිතක්ෂයට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ පහරදීම්වලින් ගතවුණු පැය 24 ඇතුළත ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් 266 දෙනකු ජීවිතක්ෂයට පත් වී
  • ඊට අමතරව ජබාලියා සරණාගත කඳවුරට ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇත.
  • එම ප්‍රහාරයෙන් මියගිය ගණන 30 ක් බව පැවැසෙයි.
  • පුද්ගලයින් 1400කට අධික පිරිසක් ඝාතනය කරමින් හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් දියත් කර මේවන විට සති දෙකකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතැයි 'අල් ජසීරා' උපුටා දක්වමින් 'ලංකාදීප' වාර්තා කර ඇත.

ඊට අමතරව ජබාලියා සරණාගත කඳවුරට ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇත. එම ප්‍රහාරයෙන් මියගිය ගණන 30 ක් බව පැවැසෙයි.

පුද්ගලයින් 1400කට අධික පිරිසක් ඝාතනය කරමින් හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් දියත් කර මේවන විට සති දෙකකි. ගාසා තීරයේ පලස්තීන බලධාරීන් පවසන්නේ, හමාස් සටන්කාමීන් සොයමින්, ඊශ්‍රායල හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාරවලින්, මේ වනවිට  පුද්ගලයින් 4,600 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවය.


ඊශ්‍රායලය ගාසා වෙත බෝම්බ හෙලීම වේගවත් කරයි


230c41f0 70ed 11ee 8139 61b1db4c8e2fඊශ්‍රායල් හමුදාව ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම තීව්‍ර කිරීමට ප්‍රතිඥා දී ඇති අතර තවදුරටත් උතුරු ගාසාහි රැඳී සිටින පලස්තීන සිවිල් වැසියන්ට දකුණට පලා යන ලෙස අනතුරු අඟවා තිබේ.

ඊශ්‍රායල් හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ මෙය "යුද්ධයේ මීළඟ අදියරේදී අපගේ හමුදාවන්ට ඇති අවදානම අවම කිරීමට" ඉඩ සලසන බවයි - මීළඟ අදියර ගොඩබිම් ආක්‍රමණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මධ්‍යම ගාසාහි රෝහලකදී ගත් ඡායාරූපක දැක්වෙන්නේ අවම වශයෙන් ළමුන් 12 දෙනෙකුගේ ඇතුළු මළ සිරුරු පේළියට තබා ඇති අයුරුය. ඔවුන් මිය ගියේ කවදාද කොහේදී ද යන්න පැහැදිලි නොමැත.

රෝහලේ කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයෙක් බීබීසීයට පැවසුවේ මියගිය අයගේ සිරුරු එතීමට රෙදිපිළි පවා නොමැති බවය.

හමාස් සංවිධානය පවසන්නේ පසුගිය පැය 24 තුළ එල්ල වූ ප්‍රහාර වලින් පලස්තීනුවන් 266 දෙනෙකු ඝාතනය කර ඇති අතර, ඊට ළමුන් 117 දෙනෙකු ද ඇතුළත් බවය. ඊශ්‍රායලය පවසන්නේ තමන් එක රැයකින් "ත්‍රස්තවාදීන් දුසිම් ගණනක්" මරා දැමූ බවයි.


ලෝක බලවතුන්ගේ සහාය ඊශ්‍රායලයට

ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය එක් වී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තම සහාය ඊශ්‍රායලයට හිමිවන බවය.

එසේ වුවත්, හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේ දී, ඊශ්‍රායලය ජාත්‍යන්තර මානුෂීය නීති අනුගමනය කරමින්, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට පියවර ගතයුතු යැයි ද බටහිර ලෝක බලවතුන් ඊශ්‍රායලයට දැනුම් දී තිබේ.

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...