BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

රටම කතා කරන කුඩම්මා 24 තෙක් රිමාන්ඩ්

T

The Leader Desk

March 11, 2023 • 9:04 AM

  රටම කතා කරන කුඩම්මා 24 තෙක් රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 17 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දුන් රාගම කුරුකුලාව ප්‍රදේශයේ කාන්තාව ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) නියෝග කළේය
  • එහි එම කුඩම්මා විසින් ගැහැණු දරුවාට ඉතා නින්දිත ලෙස පරුෂ වචනයෙන් බැන වදින ආකාරයත්, දරුවාට මරණ තර්ජන කරන ආකාරයත් එම වීඩියෝව තුළ අඩංගුව ඇත.
  • මෙම වීඩියෝ දර්ශන ප්‍රචාරය වූ විගසින් රාගම පොලිසිය මැදිහත් වී සුලු තුවාල සහිතව සිටි දැරිය ඊයේ (10) දිනයේ දී රෝහල් ගත කර තිබේ.
  • අනතුරුව දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ පොලිසිය, මෙම අමානුෂික ප්‍රහාරය සිදුකළ 39 හැවිරිදි කාන්තාව අත් අඩංගුවට ගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


කුඩම්මා කෙනෙකු විසින් දරුවෙකුට අමානුෂික ලෙස සලකන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය කළඹමින් සංසරණය වෙමින් තිබේ.

එහි එම කුඩම්මා විසින් ගැහැණු දරුවාට ඉතා නින්දිත ලෙස පරුෂ වචනයෙන් බැන වදින ආකාරයත්, දරුවාට මරණ තර්ජන කරන ආකාරයත් එම වීඩියෝව තුළ අඩංගුව ඇත.

මෙම වීඩියෝ දර්ශන ප්‍රචාරය වූ විගසින් රාගම පොලිසිය මැදිහත් වී සුලු තුවාල සහිතව සිටි දැරිය ඊයේ (10) දිනයේ දී රෝහල් ගත කර තිබේ. අනතුරුව දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ පොලිසිය, මෙම අමානුෂික ප්‍රහාරය සිදුකළ 39 හැවිරිදි කාන්තාව අත් අඩංගුවට ගෙන ඇත.

රාගම පොලිසිය පැවසුවේ දැරියගේ මව මියගොස් ඇති අතර ඇයට අමානුෂික ලෙස පහර දෙන්නේ ඇයගේ කුඩම්මා විසින් බවය.

දැරිය තරුණයින් සමග පවතින ප්‍රේම සබඳතාවලින් මුදාගැනීම සඳහා මෙලෙස ඇයට දඬුවම් කළ බව කුඩම්මා පොලිසියට පවසා ඇත.

මේ වනවිට දැරියගේ පියා සේවය කරන්නේ කොරියාවේ ය. ඔහු එහි සිට නිවසේ CCTV දර්ශන ඔස්සේ මේ අමානුෂික ප්‍රහාරය දැක ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කර තිබෙන බව අනාවරණය වී තිබේ.

රාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...