BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

චීනයේ පාලනය යටතේ, මැකාවෝ 25 වන සංවත්සරය සමරයි

T

The Leader Desk

December 18, 2024 • 11:10 AM

චීනයේ පාලනය යටතේ, මැකාවෝ 25 වන සංවත්සරය සමරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනයේ පාලනය යටතේ, මැකාවෝ නාගරික කලාපය 25 වන සංවත්සරය සැමරීමේ උත්කර්ෂවත් උළෙලට සහභාගී වීම පිණිස චීන ජනපති ෂී ජින්පින් (Xi Jinping) අද මැකාවෝ වෙත පැමිණියේය.
  • මීට පෙර, අවසන් වරට චීන ජනපති, මැකාවෝ වෙත පැමිණියේ 2019 වසරේය.
  • චීනය තුළ කැසිනෝ ක්‍රීඩාව නීති ගත කර ඇති එකම කලාපය ද එය වේ.
  • එහි බදු ආදායමෙන් 80%ක්ම   කැසිනෝ ක්‍රීඩාව මගින් උත්පාදනය කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සංවත්සර උළෙල වෙනුවෙන් ඔහු ඉදිරි තෙදිනක කාලය එහි රැඳී සිටිනු ඇත.   

චීන ජනාධිපතිවරයා මැකාවෝ වෙත සිදු කරන තෙවන නිල සංචාරය මෙයවේ. මීට පෙර, අවසන් වරට චීන ජනපති, මැකාවෝ වෙත පැමිණියේ 2019 වසරේය. මෙවර සංචාරයේදී ඔහු, පසුගිය ඔක්තෝබර මස තේරී පත් වූ මැකාවෝ ප්‍රධාන විධායක දිවුරුම් දීමට ද සහභාගි වීමට නියමිතය.

 

මැකාවෝ යනු චීනය සතු විශේෂ නාගරික පරිපාලන කලාපයකි. චීනය තුළ කැසිනෝ ක්‍රීඩාව නීති ගත කර ඇති එකම කලාපය ද එය වේ. එහි බදු ආදායමෙන් 80%ක්ම   කැසිනෝ ක්‍රීඩාව මගින් උත්පාදනය කෙරේ. එබැවින්, කැසිනෝ ක්‍රීඩාව එම කලාපය තුළ නීතිගත ප්‍රධාන මූල්‍යෝත්පාදන කර්මාන්තයක් ලෙස නම් කර තිබේ.

කලක් පෘතුගීසි පාලනය යටතේ පැවති මැකාවෝ නාගරික කලාපය, 1999, දෙසැම්බර් 20 වන දා මහජන චීන සමූහාණ්ඩුවට ඈඳා ගැනීමත් සමග චීන පාලය යටතට පත් විශේෂ පරිපාලන කලාපයක් ලෙස නම් කෙරිණි. එය, චීනය විසින් හොං කොං දේශය පාලනය කෙරෙන "එක්  රටක්, ක්‍රමවේද දෙකක්" යන පරිපාලන විධිවිධාන යටතේම පවතින නාගරික කලාපයකි.

චීන රජය කෙරෙහි දක්වන පක්ෂපාතීත්වය සහ සමාජ-ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන්, මැකාවෝ දේශය නිරන්තරයෙන් චීන රජයේ ඇගයීමට ලක් වේ. එහි ජනගහනය 700,000කට අධිකය. ඉන් වැඩි පිරිස ඉකුත් දශක කිහිපය තුළ චීනයට අයත් ප්‍රධාන භූමියේ සිට සංක්‍රමණය වූ චීන ජාතිකයින්ය. 

1218 china macau
මැකාවෝ 25 වන සංවත්සර සැමරුම් වෙනුවෙන් සමස්ත කලාපයම චීන ජාතික ධජයෙන් සහ රක්ත වර්ණ සුභ පැතුම් බැනර වලින් සරසා තිබේ.  

2013 වසරේ ෂී ජින්පින්, චීනයේ ජනපති ධුරයට පත් වීමත් සමග මැකාවෝ හි තිරසර සමාජ-ආර්ථික සංවර්ධනයක් පිණිස නව මාවත් විවර විය. එහි ස්ථාවර ආර්ථික වර්ධනය චීන ජනපතිවරයාගේ ඉමහත් ප්‍රසාදයට ලක්ව පවතී.

ෂී පාලනය යටතේ මැකාවෝ හි විශේෂ දූෂණ මර්ධන වැඩසටහනක් ද දියත් කෙරිණි. එය, එහි ආර්ථික ස්ථාවර භාවයට බෙහෙවින් ඉවහල් වූ සාර්ථක වැඩසටහනක් විය. එම වැඩසටහන හේතුවෙන්, මැකාවෝ හි කැසිනෝ ක්‍රීඩා ව්‍යාපාරය වෙත ජාත්‍යන්තරයේ ඉතා ඉහළ  ස්ථරවල දැවැන්ත මූල්‍ය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට හැකි විය.

Xi Arrives Macau with wife 1028x900

 

මෙවර මැකාවෝ වෙත සිදු කරන සිය තෙදින නිල සංචාරයේදී චීන ජනපතිවරයා හෙට (19) එහි  සංස්කෘතික සංදර්ශනයකට සහ රාත්‍රී භෝජන සංග්‍රහයකටද සහභාගි වේ.

සිකුරාදා (20) ඔහු මැකාවෝ 25 වන සංවත්සර උළෙලට සහ මැකාවෝ විශේෂ පරිපාලන කලාපයේ නව ප්‍රධාන විධායක, සෑම් හෝ ෆායි (Sam Hou Fai) එම ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාවට ද  සහභාගී වීමට නියමිතය. 62 හැවිරිදි සෑම් දකුණු චීනයේ ග්වන්දොන් (Guangdong) පළාතේ උපත ලැබූවකු වන අතර, පෘතුගීසි බස පිලිබඳ හසල දැනුම ඇත්තෙකි.1999 සිට ඔහු මැකාවෝ හි ඉහළම අධිකරණයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි. ඔහු, චීන ප්‍රධාන භූමියේ උපත ලබා මැකාවෝ නාගරික ප්‍රධානියා ලෙස තේරී පත්වූ ප්‍රථම චීන ජාතිකයා ද වේ. මේ මස මුලදී, ඉදිරි පස් වසරක කාලය වෙනුවෙන්  මැකාවෝ පරිපාලනය සඳහා ඔහු සිය නිලධාරී මණ්ඩලය නම් කළේය.

新华社照片,澳门,2024年12月17日    澳门大三巴牌坊前摆放着庆祝海报(12月17日摄)。    回归祖国25周年前夕,澳门街头装扮一新,洋溢着喜庆气氛。    新华社记者 陈铎 摄

 

නව පරිපාලනය මගින්, මැකාවෝ නගරවාසීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ක්‍රීඩා නොවන කර්මාන්ත සංවර්ධනය ඉලක්ක කොට වැඩසටහන් පෙළක් දියත් කිරීමට අපේක්ෂිතය. මැකාවෝ නව පරිපාලනය, චීන සහ පෘතුගීසි බස කතා කරන රටවල් අතර ශක්තිමත් පාලමක් ලෙස, ද්වීපාර්ශ්වීය සබඳතා තර කිරීමට ක්‍රියා කරන බව සෑම් ප්‍රකාශ කරයි. මැකාවෝ සහ දකුණු චීනයේ වෙනත් නාගරික කලාප අතර සහයෝගිතා ප්‍රවර්ධනය ද එම වැඩසටහන්හි තවත් එක් අරමුණකි. සංචාරක ව්‍යාපාරය සහ විනෝදාස්වාද කටයුතු ප්‍රවර්ධනයට එහි ඉදිරි ආර්ථික වැඩපිළිවෙළේ ප්‍රධාන තැනක් හිමි වී තිබේ. 


(CHINADAILY.COM.CN සහ විදෙස් පුවත්  ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...