BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

රැකියාවෙන් දොට්ට දැම්මොත් ලක්ෂ 25ක වන්දියක් - අති විශේෂ ගැසට් නිවේදනයක්

T

The Leader Desk

March 1, 2021 • 2:59 AM

රැකියාවෙන් දොට්ට දැම්මොත් ලක්ෂ 25ක වන්දියක් - අති විශේෂ ගැසට් නිවේදනයක්   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හාම්පුතුන් විසින් නියමිත කාලයට පෙර රැකියාව අවසන් කරන සේවකයන්ට රුපියල් ලක්ෂ විසිපහක වන්දියක් ගෙවීම පසුගිය 19 වැනිදා සිට ක්‍රියාත්මකය.
  • එම සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලින් අනතුරුව අදාළ සේවකයන්ටද මෙම ගැසට් නිවේදනය අනුව ඉහත වන්දිය ලබාගැනීමට හැකිවනු ඇතැයි කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති පවසයි.
  • එය ප්‍රකාශයට පත්කර ඇත්තේ 2005 වසරේදීය.
  •    වන්දි මුදල රුපියල් පක්ෂ විසිපහක් විය යුතු බවට නව නීතියක් ගෙන එන්නේ අවුරුදු පහළොවකට පසුව බව කම්කරු කොමසාරිස්වරයා කීවේය.
අකුරු ප්‍රමාණය (Font Size):
මේ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති පසුගිය 19 වැනිදා නිකුත්කර තිබේ. 
 
ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයන් සහ අර්ධ රාජ්‍ය අංශයට අයත් සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල සේවකයන්ට මෙම වන්දි හිමිකම ගැසට් නිවේදනය නිකුත් කළදා සිට ලැබේ.
 
කොවිඩ් වසංගතය නිසාද පසුගිය කාලයේ හාම්පුතුන් විසින් බොහෝ දෙනකුගේ සේවය අවසන් කර ඇත. එම සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලින් අනතුරුව අදාළ සේවකයන්ටද මෙම ගැසට් නිවේදනය අනුව ඉහත වන්දිය ලබාගැනීමට හැකිවනු ඇතැයි කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති පවසයි.
 
සේවය අවසන් කරන අය සඳහා මින් පෙර හාම්පුතුන් විසින් ගෙවිය යුතු වන්දි මුදල වූයේ රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසකි. එය ප්‍රකාශයට පත්කර ඇත්තේ 2005 වසරේදීය.
 
 වන්දි මුදල රුපියල් පක්ෂ විසිපහක් විය යුතු බවට නව නීතියක් ගෙන එන්නේ අවුරුදු පහළොවකට පසුව බව කම්කරු කොමසාරිස්වරයා කීවේය.
 

WhatsApp Image 2021 03 01 at 7.24.13 AM

 
 
 
(අරුණ)
 

 


 

 

 
 
 
500ට තරහා වෙලා මිලියනයට යාළු වුණු ගී ලොවේ පියවරු...
 

 

පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...