වාර්තා කරයි.
මෙහිදී ආරක්ෂිත ක්‍රමවේද යොදා භාරගෙන ඔවුන් සංචාරක හෝටල් වෙත යොමු කිරීමට නියමිතය.
ගුවන් තොටුපොළ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පවසන්නේ ගුවන්තොටුපොළේ දී විෂබීජ හරණයේ සිට සියලුම කටයුතු ගුවන් සේවා අධිකාරිය මගින් කරන බවයි.
මෙරටට එන සංචාරකයන් සියලු දෙනා කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් නිරීක්ෂණය කරන බව එහි ප්‍රධාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
උදයංගගේ වැඩක් !
කොවිඩ් - 19 වසංගතය මධ්‍යයේ විදේශීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව නැවත විවෘත කිරීමට රජය ගන්නා උත්සාහයේ කොටසක් ලෙස රුසියානු සංචාරකයින් රැගත් ගුවන් යාන මෙරට ගෙන ඒමේ ව්‍යාපෘතිය රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ගේ මෙහෙයවීම මත සිදුවන්නක් බව පැවසේ.
මෙම ව්‍යාපෘතිය යටතේ රුසියානු ගුවන් සේවය වන එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයකින් එරට ධනවතුන් 200 කට අධික පිරිසක් ඊයේ (27 ඉරිදා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණද එම ගුවන් ගමන අවලංගු කිරීමට කටයුතු කර තිබිණ.
යුරෝපය පුරා හදිසියේම පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය නිසා මෙම ගුවන් ගමන අවලංගු කර ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.
සබැඳි පුවත් :



