BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

කොළඹ රථ ගාල් බද්දට ගත් කොම්පැනිවලින් කෝටි 26ක පොල්ලක්

T

The Leader Desk

June 10, 2023 • 1:37 PM

කොළඹ රථ ගාල් බද්දට ගත් කොම්පැනිවලින් කෝටි 26ක පොල්ලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රථ ගාල් ගාස්තු අය කිරීම සඳහා කොන්ත්‍රාත් ලබා ගත් පෞද්ගලික ආයතන මගින් නගර සභාවට
  • 2021 දෙසැම්බර් 31 වන දින වන විට ආයතන 38කින් මෙසේ අයකරගත යුතු වන හිඟ ගාස්තු ආදායම රු.
  • කොළඹ මහ නගර සභාවේ 2022 වර්ෂයේ හිඟ ආදායම රුපියල් මිලියන 6,280.50ක් බව ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) හෙළිදරව් විය.
  • 2021 වර්ෂයේ මුළු හිඟ ආදායම රු.
අකුරු ප්‍රමාණය (Font Size):

ගෙවිය යුතු මාසික කුලී මුදල් රුපියල් මිලියන 265ක් නොගෙවා ඇතැයි ‘කෝපා’ කමිටුවේදී අනාවරණය විය.

2021 දෙසැම්බර් 31 වන දින වන විට ආයතන 38කින් මෙසේ අයකරගත යුතු වන හිඟ ගාස්තු ආදායම රු. මිලියන 265කි.

කොළඹ මහ නගර සභාවේ 2022 වර්ෂයේ හිඟ ආදායම රුපියල් මිලියන 6,280.50ක් බව ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) හෙළිදරව් විය.

කොළඹ මහ නගර සභාවේ 2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (ජූනි 6) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම තොරතුරු සඳහන් විය.

2021 වර්ෂයේ මුළු හිඟ ආදායම රු. මිලියන 5,835.6ක් බව ද, 2020 වර්ෂයේ රු. මිලියන 5,386.4ක් බව ද, 2019 වර්ෂයේ 4,481.5ක් බව ද අනාවරණය විය.

මෙහිදී වරිපනම් බදු, කුලී සහ වෙනත් බදු වශයෙන් මෙම හිඟ මුදල් පවතින බව හඳුනාගනු ලැබිණි.



මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ හිඟ බදු පවතින දේපළ අත්පත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව යි. එසේ ම ඇතැම් දේපළවල හිමිකරුවන් හඳුනාගැනීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවත්, මහ නගර සභාවේ මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිටින නිලධාරීන් හිඟ වීමත් මෙම හිඟ මුදල් අයකර ගැනීමේදී ගැටලු ලෙස මතුවී ඇති බව යි.



පැමිණ සිටි කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ අනවසර ඉදිකිරීම් සඳහා ද වරිපනම් අංක ලබා දී ඇති බව ය. මේ අනුව කමිටුව නිර්දේශ කළේ, 2023 ජූලි මස 6 වන දින විට මෙම මුදල් අයකර ගැනීමට දින වකවානු සහිතව වැඩපිළිවෙළක් සකස්කොට සම්පූර්ණ වාර්තාවක් කෝපා කමිටුවට ලබා දෙන ලෙස යි.

තව ද මෙහිදී කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පිළිබඳව ද සාකච්ඡා වූ අතර මෙම අංශයේ සේවය අගය කරන බව ද ලංකාව පුරා මෙය ව්‍යාප්ත විය යුතු බව ද ‘කෝපා’ කමිටුවේ සභාපතිවරයා පැවසීය.

එසේ ම මෙහිදී සඳහන් වූයේ උස මහල් 20ක් පමණ වන තෙක් ගොඩනැගිලිවල ගිනි නිවීමට මෙම අංශයට පහසනුකම් පවතින බව යි.

මෙහිදී ‘කෝපා’ කමිටු සභාපති ලසන්ත අලගියවන්න, පැවසුවේ මහල් 20 ඉක්මවන ගොඩනැගිලිවල ගින්නක් ඇතිවුවහොත් ගුවන් හමුදාවේ සහයෝගය ලබා ගැනීම වැදගත් වන බව යි.

එසේ ම, විධිමත් පරිදි දැන්වීම් ආදායම ලබා නොගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ඒ අනුව, මේ සඳහා විධිමත් ක්‍රියාවලියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සහ එය නිවැරදිව අධීක්ෂණය කිරීමේ ඇති අවශ්‍යතාව කාරක සභාවේ සභාපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.

කොළඹ 7 ප්‍රදේශයේ පවතින ඉඩමක වරිපනම් ගෙවීම මග හැරීම පිළිබඳව සහ ඉඩම් ලේඛන නිවැරදිව පවත්වාගෙන නොයාම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

(mawbima.lk)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොළඹ රථ ගාල් බද්දට ගත් කොම්පැනිවලින් කෝටි 26ක පොල්ලක් | The Leader