BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
පුවත්

මෛත්‍රීගෙන් තවත් 'සප්‍රයිස්' එකක් : වාර්තා 3ක් සමග යළි කරළියට!

T

The Leader Desk

October 18, 2019 • 4:09 AM

මෛත්‍රීගෙන් තවත් 'සප්‍රයිස්' එකක් : වාර්තා 3ක් සමග යළි කරළියට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමාට භාර දී ඇති ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තා 3ක තොරතුරු සමගින් මෙවර ජනාධිපතිවරණයට කිසියම් බලපෑම් සහගත ක්‍රියාවලියක නිරතවීමට,
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපති මෙත්‍රිපාල සිරිසේන ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ. 

විශේෂයෙන්ම ඉකුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ, රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවූ 'බරපතල වංචා දූෂණ විර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව, මහ බැංකු බැඳුම්කර වංචාව සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ 2015-2018 සමයේ රාජ්‍ය ආයතනවල වංචා දූණෂ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තා ද ජනාධිපතිවරයා සතුව තිබේ.

ඔහු මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ තමන් රටේ ජනාධිපතිවරයා ලෙස සහ පොලිසිය හා හමුදාව භාර අමාත්‍යවරයා‌ ලෙස ජනාධිපතිවරණයේදී ස්වාධීනව කටයුතු කරන බවය. 
ඒ අනුව ජනාධිපතිවරණය අවසන්වන තෙක් ශ්‍රීලනිපයේ සභාපතිධූරයේ රාජකාරි ආවරණය කිරීමට එම පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වෙත ද පැවරීය.

කෙසේවුවද අද (18) පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වීමට ජනාධිපතිවරයා ද එක්වීමට නියමිතව ඇතැයි පැවසේ.

(උපුටා ගැනීම -රාවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...