BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

මාස 3කට වැඩි කාලයක් රඳවාගෙන සිටි සිසු-ජන නායකයන්ට ඇප ලැබේ

T

The Leader Desk

November 12, 2021 • 10:11 AM

මාස 3කට වැඩි කාලයක් රඳවාගෙන සිටි සිසු-ජන නායකයන්ට ඇප ලැබේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොතලාවල පනතට එරෙහිවත් දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙනුත් කළ උද්ඝෝෂණයකට පසුව අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගෙන අයුතු
  • ඒ අනුව අද කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් ලබන සඳුදා එම සිසුජන නායකයන් පස් දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කරනු ලැබීය.
  • කොතලාවල පනතට එරෙහිව අගෝස්තු 3 වනදා පැවති විරෝධතාවයේදී පොදු දේපළ වලට හානිකළ බවට චෝදනා කරමින් චමීර කොස්වත්ත, කෝෂිලා හංසමාලි, වසන්ත මුදලිගේ, හේෂාන් හර්ෂණ, අමිල සන්දීප යන සිසු ජන ක්‍රියාකාරීන් පස්දෙනා දින 100ට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
  • මෙයින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහ සිසුජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි පොලිසිය නගන චෝදනා වලට සාක්ෂි නොමැතිව අත්අඩංගුවේ තබා ගෙන සිටින ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෙස සිරගත කර සිටි චමීර කොස්වත්ත, කෝෂිලා හංසමාලි ඇතුළු සිසුජන නායකයන් පස් දෙනාට ඊයේ (11) හෝමාගම මහාධිකරණය විසින් ඇප නියම කරනු ලැබූ අතර එම නියෝගය අද (12) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබිණි.

ඒ අනුව අද කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් ලබන සඳුදා එම සිසුජන නායකයන් පස් දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කරනු ලැබීය.

ඡායාරූපවලින් දැක්වෙන් අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ සිසුජන නායකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් උසාවි භූමියෙන් පිටතට එන අයුරු සහ නීතිඥ කමල් විජේසිරි මාධ්‍ය වෙත අදහස් දක්වන අයුරුය.

IMG_9033.jpg

IMG_9037.jpg

කොතලාවල පනතට එරෙහිව අගෝස්තු 3 වනදා පැවති විරෝධතාවයේදී පොදු දේපළ වලට හානිකළ බවට චෝදනා කරමින් චමීර කොස්වත්ත, කෝෂිලා හංසමාලි, වසන්ත මුදලිගේ, හේෂාන් හර්ෂණ, අමිල සන්දීප යන සිසු ජන ක්‍රියාකාරීන් පස්දෙනා දින 100ට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

මෙයින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහ සිසුජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි පොලිසිය නගන චෝදනා වලට සාක්ෂි නොමැතිව අත්අඩංගුවේ තබා ගෙන සිටින ලදී. කෝෂිලා හංසමාලිගේ නම පොලිසිය විසින් කඩුවෙල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ සඳහන් නොවීමේ තත්වයක්ද තිබුණි.

මීට අමතරව අදාළ විරෝධතාව සංවිධානය කළ ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරයේ ශිෂ්‍ය නායකයන් ලෙස අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ජයවර්ධනපුර මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප මෙන්ම රජරට විශ්වවිද්‍යාලයේ හේෂාන් හර්ෂණ සිදුකළ බව කියන පොදු දේපල අලාභය රු. 179,000ක් බව පොලිසිය පවසා ඇති නමුත් ඒ මුදලට අදාළ අලාභය ගණනය කළ ආකාරය ඔප්පු කිරීමට පොලිසියට නොහැකි තත්වයක් පැවතුනි.



THE LEADER TV
 
 
සුසිල්ට ඇමතිකමෙන් අයින්වෙන්න කියලා!
 


මොළ හතේ සාගතේ හෙට සිට! | මොණරවිලගේ ලියමන
 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...