BREAKING
Top Ad
පුවත්

ලංකා මිනරල් කෝටි 30ක වංචාවක් : ඇමති එපා කියද්දී අනුමැතිය දීලා ? -බැසිල්වාදීන් විමල්ට නෙළයි !!

T

The Leader

March 27, 2021 • 7:40 AM

ලංකා මිනරල් කෝටි 30ක වංචාවක් : ඇමති එපා කියද්දී අනුමැතිය දීලා ? -බැසිල්වාදීන් විමල්ට නෙළයි !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටොන් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 18ක පාඩු පිට ඉල්මනයිට් ඛනිජ වැලි ටොන් 85,000ක් අලෙවි කිරීමක් පිලිබඳව,
  •   මෙම ගනුදෙනුවේදී වැඩිම ලංසුව ඩොලර් 165ට පැමිණ තිබියදී අඩු ලංසුවක් වූ ඩොලර් 147ට ලබා දීමෙන් මෙම පාඩුව සිදුව ඇති බව පැවසේ.
  •   මේ හේතුවෙන් රජයට රුපියල් කෝටි 30ක පාඩුවක් සිදුව ඇති බව අනාවරණය වී තිබේ.    එම ගනුදෙනුවට අදාළව ටොන් 20,000ක මුදල් ද තවමත් ගෙවා නොමැති බවද 'කෝප්' කමිටුවේ දී අනාවරණය වී ඇත.
  • 165 ක මිලක් ඉදිරිපත් කළ ගැණුම්කරු වෙනුවට මිල ගණන් ලැයිස්තුවේ තෙවන තැන සිටි ඉල්ලුම්කරුට ටොන් එකක් ඇ.ඩො.
අකුරු ප්‍රමාණය (Font Size):
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) දී හෙළිදරව් වී ඇති අතර එහිදී අනාවරණය වූ බරපතලම කාරණය වන්නේ, මෙම විකිණීමට අදාළ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය මගින් පත් කළ ටෙන්ඩර් අනුකමිටුවකින් ලබා දී ඇත්තේ විෂයබාර අමාත්‍ය විමල් විරවංශගේ විරෝධය පවා නොතකා හරිමින් බවයි.
 
මෙම ගනුදෙනුවේදී වැඩිම ලංසුව ඩොලර් 165ට පැමිණ තිබියදී අඩු ලංසුවක් වූ ඩොලර් 147ට ලබා දීමෙන් මෙම පාඩුව සිදුව ඇති බව පැවසේ.
 
මේ හේතුවෙන් රජයට රුපියල් කෝටි 30ක පාඩුවක් සිදුව ඇති බව අනාවරණය වී තිබේ. 
 
එම ගනුදෙනුවට අදාළව ටොන් 20,000ක මුදල් ද තවමත් ගෙවා නොමැති බවද 'කෝප්' කමිටුවේ දී අනාවරණය වී ඇත.
 
 
 
 
 වහාම වාර්තාවක් කැඳවයි : 
 
Anusha Charitha කෝප් සභාපති චරිත හේරත්, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිටගෙන් වාර්තාවක් කැඳවයි.
 
 
පූර්ණවශයෙන් රජය සතු සමාගමක් වන 'ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ්' ආයතනය විසින් ඉල්මනයිට් ඛනිජවැලි ටොන් එකක් සඳහා ඇ.ඩො. 165 ක මිලක් ඉදිරිපත් කළ ගැණුම්කරු වෙනුවට මිල ගණන් ලැයිස්තුවේ තෙවන තැන සිටි ඉල්ලුම්කරුට ටොන් එකක් ඇ.ඩො. 147 කට ඉල්මනයිට් ඛනිජ වැලි මෙට්රික් ටොන් 85,000ක ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය ලබා දීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති මහාචාර්ය චරිත හේරත් විසින් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට වෙත දැනුම් දී ඇත.
 
කෝප් කමිටු සභාපතිවරයා මෙම දැනුම්දීම කර ඇත්තේ, පසුගිය 23 වන දින පැවති "ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ්" ආයතනයේ කාර්යසාධනය විමර්ශනය කිරීමේ කෝප් කමිටු රැස්වීමේදීය.
 
මෙම විකිණීමට අදාළ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය මගින් පත් කළ ටෙන්ඩර් අනුකමිටුවකින් ලබා දී ඇති බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද ලංකා මිනරල් සෑන්ඩ් ආයතනයේ නිලධාරීහු ඒ අවස්ථාවේදී සඳහන් කර තිබේ.
 
 
මේ පිළිබඳව සිය අවධානය යොමුකළ කෝප් කමිටු සාමාජිකයන් ප්‍රකාශ කළේ මිනරල් සෑන්ඩ් ආයතනයේ නිලධාරීන් විසින් අමාත්‍ය මණ්ඩලය පවා නොමඟ යෑවීමට කටයුතු කර ඇති බව නිරීක්ෂණය වන බවයි.
 
තවද මේ වන විට ඉල්මනයිට් මෙට්රික් ටොන් එකක මිල ඇ.ඩො. 240 කට ආසන්න වන බවත් මෙහිදී අනාවරණය වී ඇත. 
 
2018 සහ 2019 වර්ෂවල ලබා ඇති මුලු අලෙවියට සාපේක්ෂව 2020 වසරේ අලෙවිය අඩු වීම සම්බන්ධව මෙහිදී කමිටුවේ අවධානය යොමුවී ඇති අතර 2020 වසරේ ඔක්තෝබර් මාසයේ ගැනුම්කරුවෙකුට අලෙවිකළ මෙම ඉල්මනයිට් ඛනිජවැලි මෙට්රික් ටොන් 85,000 ක ප්‍රමාණය පුල්මුඩේ නිධියේ ගබඩාකර තිබීම නිසා ආයතනයට තවදුරටත් ඛනිජවැලි ගබඩා කිරීමට ඉඩ පහසුකම් අවම වීමෙන් පාඩුවක් සිදුවන බව ද මෙහිදී අනාවරණය වී තිබේ.
 
එහිදී ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයේ බලධාරීන් පවසා ඇත්තේ, පවතින කොවිඩ් තත්ත්වය මෙම තොගය ඉවත්කරගැනීම සඳහා ඇති කාලය දීර්ඝ කළ බවයි. 
 
මෙම තොගයෙන් මුදල් ගෙවා ඇත්තේ මෙට්රික් ටොන් 6,000 ක් සඳහා පමණක් බවත් තවත් මෙට්රික් ටොන් 20,000 ක් සඳහා මුදල් අය කර ගැනීමට නියමිත බවත් මෙහිදී අනාවරණය වී ඇත.
 
මේ පිළිබඳව විමර්ශනය කොට මසක් තුළ වහාම වාර්තාවක් ලබා දෙන ලෙස කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට ට කෝප් සභාපතිවරයා නිර්දේශ කර තිබේ.
 
එසේම මෙම ඉල්මනියිට් තොගය කඩිනමින් ඉවත්කරගැනීම සහ ඊට අදාළ හිඟ මුදල අයකර ගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙස ද දැනුම් දී ඇති කමිටු සභාපතිවරයා, මෙලෙස අමාත්‍ය මණ්ඩලය පත්කළ අනුකමිටුවක් මඟින් මෙලෙස ටෙන්ඩර් ප්‍රදානය කළ ද මෙවැනි අවස්ථාවලදී මීට වඩා වගකීමකින් කරුණු සොයාබලා කටයුතු කළ යුතු බව අවධාරණය කර තිබේ.
 
කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ලෙස අනුෂ පැල්පිට මේ අවස්ථාවේදී අමාත්‍යංශය වෙනුවෙන් කරුණු දක්වා ඇතත්, මෙම ගනුදෙනුව සිදුව ඇත්තේ ඔහු අමාත්‍යංශයේ වැඩබාර ගැනීමට පෙරය. වාර්තාවන අන්දමට මෙම වංචාව සිදුව ඇත්තේ 2020 වසරේදීය.
 
 
'අද දෙරණ' එම සිද්ධිය වාර්තා කර තිබුනේ මෙසේය.
 
 
 
විමල් - බැසිල් ගැටුම පෙරට ම ....
 
මේ සම්බන්ධයෙන් 'ද ලීඩර්' කළ සොයා බැලීමකදී අනාවරණය වුයේ, මෙම සිද්ධිය 'කෝප්' කමිටුව හරහා ඉස්මතු කිරීමට කටයුතු කර ඇත්තේ 'බැසිල්වාදින්' විසින් බවයි. ඒ විමල් විරවංශ අමාත්‍යවරයාට එරෙහි ජනමතයක් ඇතිකරලීමේ අරමුණින් යුතුවය.
 
'කෝප්' කමිටුව රැස්වීමට දින කිහිපයකට පෙර ගම්පහ දිස්ත්‍රීක්කය නියෝජනය කරන උග්‍ර බැසිල්වාදී රාජ්‍ය අමාත්‍යවරයකු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු කැඳවා, ''අපි මේ පාර කෝප් එකේදී විමලයව නැති කරනවා '' යයි අවධාරණය කරමින්, කෝප් කමිටුවේ සිදුවන කතාබහට පුළුල් ප්‍රචාරයක් ලබාදෙන්නැයි ඉල්ලා තිබේ.
 
 ඉහත වීඩියෝවෙන් පවා පැහැදිලිව ප්‍රදර්ශනය වන්නේ බැසිල්වාදී 'කෝප්' කමිටු සාමාජිකයින් මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න කිරීමක් සිදුකරන බවයි. ඒ විමල් විරවංශ ඇමතිවරයාගේ අමාත්‍යංශයේ දුර්වලතා ඉස්මතු කරමිනි.
 
'කෝප්' කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් ද දැඩි බැසිල්වාදියකු ලෙස සැලකේ.
 

 

 


 

 
 
The Leader TV

 

 

බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...