BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

අතුරුදන් එම්.එච්. 370 ගුවන් යානය සොයා යළි මෙහෙයුම් ඇරඹේ

T

The Leader Desk

December 3, 2025 • 10:02 AM

අතුරුදන් එම්.එච්. 370 ගුවන් යානය සොයා යළි මෙහෙයුම් ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැලේසියා ගුවන් සේවයට අයත්, අතුරුදන් වූ එම්.එච්.370 ( MH370) යානය පිලිබඳ සෝදිසි මෙහෙයුම් මෙම මස 30 දා සිට යළි ඇරඹේ.
  • එම මෙහෙයුම් යළි අරඹන බව ගවේෂණ භාර  ඕෂන් ඉන්ෆිනිටි (Ocean Infinity ) සමාගම ඉකුත් දා දැනුම් දුන්නේය.
  • දින 55ක් තුළ සාගර පතුළ  ආශ්‍රිතව අදාල මෙහෙයුම් ක්‍රියාත්මක  කෙරේ.
  • අතුරුදන් ගුවන් යානය පවතින බවට වැඩි සම්භාවිතාවකින් අනුමාන කෙරෙන ප්‍රදේශයක නව ගවේෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

මගීන් 227ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් රැගෙන ක්වාලා ලම්පූර් සිට බෙයිජිං බලා පියාසර කරමින් තිබූ බොයිඞ් 777 වර්ගයට අයත් එම්.එච්.370 ගුවන් යානය 2014 වර්ෂයේ ගුවනේදී  අතුරුදන් විය. එය මෑත කාලීන ගුවන් ඉතිහාසයේ සිදුවූ මෙතෙක් නොවිසඳුණු අභිරහස් ගුවන් අනතුරක් වේ. අනතුරින් පසු, අතුරුදන් ගුවන් යානය සොයා ජාත්‍යන්තර මට්ටමේ සෝදිසි මෙහෙයුම් කිහිපයක් දියත් කෙරුණ ද ඒ සියල්ල ඵල රහිත විය.

malayasiya airplane
දකුණු ඉන්දීය සයුරේ සිදු කෙරුණු ඒ පිලිබඳ ආසන්නතම සෝදිසි මෙහෙයුම ද අයහපත් කාලගුණික තත්ත්වය මත ඉකුත් අප්‍රේල් මස නවතා දැමිණි. එම මෙහෙයුම් යළි අරඹන බව ගවේෂණ භාර  ඕෂන් ඉන්ෆිනිටි (Ocean Infinity ) සමාගම ඉකුත් දා දැනුම් දුන්නේය. දින 55ක් තුළ සාගර පතුළ  ආශ්‍රිතව අදාල මෙහෙයුම් ක්‍රියාත්මක  කෙරේ. අතුරුදන් ගුවන් යානය පවතින බවට වැඩි සම්භාවිතාවකින් අනුමාන කෙරෙන ප්‍රදේශයක නව ගවේෂණ කටයුතු සිදු කිරීමට නියමිතය. එම නිශ්චිත ප්‍රදේශය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත.

ගුවන් යානය  එහි ගමන් මාර්ගයෙන් පිටතට හිතා මතාම, පියාසර කර ඇති බවට පළ වන මතය මැලේසියානු බලධාරීන් තවමත් පූර්ණ වශයෙන් බැහැර කර නැත. පසු  කාලීනව,ගුවන් යානයේ බවට විශ්වාස කළ හැකි සුන් බුන් අප්‍රිකානු වෙරළ තීරයෙන් සහ ඉන්දියානු සාගරයේ දූපත් අසලින් හමු විය. ඉන් ඇතැම් කොටස් ගුවන් යානයට අයත් ඒවා  බවට පසුව තහවුරු කෙරිණි.

 

59b28199 dtpejperzkqjf99fpyu1
ගුවන් යානය සොයා නව මෙහෙයුම්, මැලේසියානු රජය සහ ගවේෂණ සමාගම අතර පූර්ව එකඟතා ගිවිසුම් ප්‍රකාරව සිදු කෙරේ. ඒ අනුව, දකුණු ඉන්දීය සාගරයේ වර්ග කි.මී.15,000ක් පීරා සිදු කෙරෙන ගවේෂණ අතරතුර සොයා ගැනෙන  ගුවන් යානයේ බවට තහවුරු කෙරෙන සුන් බුන් වෙනුවෙන්, රජය විසින් එම සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක් පිරිනැමීමට එකඟව තිබේ. අනතුරින් පසු, එම සමාගම විසින් 2018 තෙක් සිදු කෙරුණු ගවේෂණවලදී, දී ඒ පිලිබඳ කිසිදු හෝඩුවාවක් හමු නොවිණි.

malay air

එම්.එච්.370 ගුවන් යානය කවුරුන් හෝ හිතා මතාම නියමිත ගුවන් පථයෙන් ඉවතට පියාසර කර ඇති බව, එම  අනතුර පිලිබඳ 2018  වසරේ නිකුත් කෙරුණු පිටු 495කින් යුත් වාර්තාවකින් අනාවරණය විය. එහෙත්, ඊට සෘජුව වගකිවයුත්තේ කවුරුන්දැයි නිවැරදිවම නිශ්චය  කිරීමට විමර්ශන නිලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් ඒ පිලිබඳ අවසන් නිගමනයකට එළැඹීමට නොහැකි විය. කෙසේ වෙතත්, ගුවන් යානය පිලිබඳ  පසුබිම, මූල්‍ය කටයුතු, ගුවන් නියමුවා සහ උප නියමුවාගේ පුහුණුව මෙන්ම,  ඔවුන්ගේ මානසික සෞඛ්‍යය පිලිබඳ ගැටළුවක් නොපැවති  බව ද විමර්ශන නිලධාරීහු පැවසූහ.

අනතුර සිදුවන අවස්ථාවේ, ගුවන් යානය තුළ චීන ජාතිකයින් 150ක් ගමන් ගනිමින්  සිටියහ. ඊට අමතරව, මැලේසියානු ජාතිකයින් 50 දෙනකු, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, එක්සත් ජනපදය, යුක්‍රේනය සහ කැනඩාව යන රටවලට අයත් මගීහු ද එහි වූහ. ඔවුන්ගේ ඥාතීහු මැලේසියානු ගුවන් සේවයෙන්, බොයිඞ් ගුවන් යානා ඇන්ජින් නිෂ්පාදනය කරන රෝල්ස් රොයිස් සමාගමෙන් සහ එලායන්ස් රක්ෂණ සමාගමෙන් ගුවන් අනතුරින් මිය ගිය සිය පවුල් සාමාජිකයින් වෙනුවෙන්  වන්දි ලබා දෙන ලෙස බල කර සිටිති.

 



(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...