BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරානයේ ජන අරගල උග්‍ර අතට; 38ක් මරුට; 2,200ක් අත්අඩංගුවට

T

The Leader Desk

January 9, 2026 • 1:05 PM

ඉරානයේ ජන අරගල උග්‍ර අතට; 38ක් මරුට; 2,200ක් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ උද්ගතව ඇති ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් එරට උත්තරීතර නායක, අලි ඛමෙනි රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතීමට නියමිතය.
  • ඊයේ (8) රට පුරා අන්තර්ජාල බිඳ වැටීම් වාර්තා විය.
  • එම තත්ත්වය අද (9) වන විට ද නොවෙනස්ව පවතී.
  • 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පෙරලා දැමුණු අවසන් ඉරාන අධිරාජයා  වූ, මොහම්මද් රෙසා පහ්ලවී ගේ පිටුවහල් කෙරුණු පුත් රෙසා පහ්ලවී විසින් රජයට එරෙහි මහජන උද්ඝෝෂණ කැඳවා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මහජනතාවට මුහුණපෑමට සිදු වී ඇති ආර්ථික දුෂ්කරතා මුල් කර ගෙන මේ වන විටත්, රට පුරා දැවැන්ත ජන උද්ඝෝෂණ හට ගෙන තිබේ.

ඊයේ (8) රට පුරා අන්තර්ජාල බිඳ වැටීම් වාර්තා විය. එම තත්ත්වය අද (9) වන විට ද නොවෙනස්ව පවතී. 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පෙරලා දැමුණු අවසන් ඉරාන අධිරාජයා  වූ, මොහම්මද් රෙසා පහ්ලවී ගේ පිටුවහල් කෙරුණු පුත් රෙසා පහ්ලවී විසින් රජයට එරෙහි මහජන උද්ඝෝෂණ කැඳවා ඇත.

එරට භාවිත රියාල්  මුදල් ඒකකය දින දින කඩා වැටීමත් සමග වෙළඳ ප්‍රජාව ඉමහත් කෝපයට පත්ව රජයට එරෙහි උද්ඝෝෂණයට පිවිසියහ. වත්මන, ඊට තවත් පිරිස් ද එක්ව සිටිති. තරුණ කොටස් ඒ අතර ප්‍රමුඛ වේ. 2022 -  23 වකවානුවේ ජන අරගල වලදී මෙන් නොව, මෙවර කාන්තා සහභාගිත්වයේ අඩුවක් ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.

 

මෙවර උද්ඝෝෂණ හමුවේ විරෝධතාකරුවන් 34ක් සහ ආරක්ෂක නිලධාරීන් සිව් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි, එක්සත් ජනපදයේ සිට ක්‍රියාත්මක මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි. රජය විසින් පුද්ගලයින් 2,200ක් අත්අඩංගුවට ගෙන තිබේ.  

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් උද්ගත ජන අරගල සාධාරණීකරණය කර, විරෝධතාකරුවන් සාකච්ඡා මේසයට කැඳවන මුවාවෙන් රජය ඔවුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන බව උද්ඝෝෂකයෝ චෝදනා කරති.

(සටහන |Reuters ඇසුරින්;  හර්ෂ උදයකාන්ත පීරිස්)
1/9/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Iran's Supreme Leader to give speech about protests shortly, state TV says

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...