BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ස්විට්සර්ලන්ත ගින්නෙන් 40ක් මරුට: 100කට වැඩි පිරිසකට බරපතලයි

T

The Leader Desk

January 1, 2026 • 3:53 PM

ස්විට්සර්ලන්ත ගින්නෙන් 40ක් මරුට: 100කට වැඩි පිරිසකට බරපතලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව වසර උදාවේ ස්විට්සර්ලන්තයේ ක්‍රාන්ස් - මොන්ටානා (Crans-Montana ) නගරයේ ඇල්පයින් (Alpine )
  • එරට වේලාවෙන් අද අළුයම 1.30ට පමණ අනතුර සිදු විය.
  • ඒ වන විට ආපාන ශාලාවේ විශාල පිරිසක් නව වසර උදාව සමරමින් ජය පැන් පානය කරමින් සිටි බව වාර්තා විය.
  • මේ මොහොතේ, එය ප්‍රහාරයක් බවට පැහැදිලි තොරතුරු අනාවරණය ව නැතැයි වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සංචාරක නිකේතනයේ ආපාන ශාලාවක හටගත් පිපිරීමකින්  සහ අනතුරුව හටගත් ගින්නෙන් පුද්ගලයින් 40 දෙනකු ජීවිතක්ෂයට පත්ව  100කට ආසන්න පිරිසක් බරපතල  තුවාළ ලබා ඇතැයි, ඒ පිලිබඳ නවතම තොරතුරු වලින් අනාවරණය වේ.

එරට වේලාවෙන් අද අළුයම 1.30ට පමණ අනතුර සිදු විය. ඒ වන විට ආපාන ශාලාවේ විශාල පිරිසක් නව වසර උදාව සමරමින් ජය පැන් පානය කරමින් සිටි බව වාර්තා විය.

මේ මොහොතේ, එය ප්‍රහාරයක් බවට පැහැදිලි තොරතුරු අනාවරණය ව නැතැයි වාර්තා වේ.  

සිද්ධියෙන් තුවාළ ලත් පිරිස් වැඩි දුර ප්‍රතිකාර පිණිස සියොන් (Sion), ලොසේන් ( Lausanne) ජිනීවා ( Geneva ) සහ සුරිච් ( Zurich) හි රෝහල් වෙත ඇතුළත් කර තිබේ. බොහෝ රෝගීන් පිලිසුම් තුවාළ සහිතව රෝහල් ගත අකර ඇත.

සහන මෙහෙයුම් පිණිස හෙලිකොප්ටර 10ක් සහ ගිලන් රථ 40ක් යොදවා තිබේ. සිද්ධියෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු හැකි ඉක්මනින් ඥාතීන් වෙත ලබා දීමට කටයුතු කෙරෙමින් පවතී.

නව වසර උදාවේ ගිනි කෙළි දල්වීමකින් අනතුර හටගත් බවට නිල නොලත් තොරතුරු ලැබී තිබේ.

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/1/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Dozens killed, 100 injured in fire at Swiss ski resort bar, police say

සබැඳි පුවත් :

ස්විස් අනතුරින් ගුවන් කලාපයකුත් වැසේ

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...