BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

පූජා භූමි' නාමයෙන් උතුරේ තවත් අක්කර 400ක් පවරා ගැනීමේ සැලසුම්

T

The Leader Desk

March 27, 2021 • 9:09 AM

පූජා භූමි' නාමයෙන් උතුරේ තවත් අක්කර 400ක් පවරා ගැනීමේ සැලසුම්   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මතබේදයට ලක්වී තිබෙන පුරාවිද්‍යා ගවේෂණ නාමයෙන් උතුරු පළාතේ යුද පීඩිත දෙමළ ජනතාවටත්, වනාන්තරයටත් අයත් තවත් අක්කර සිය ගණනක් පවරා ගැනීමට දැරෙන උත්සාහයක් ගැන කරුණු හෙළිවී තිබේ.
  • ඒ අවට පිහිටි අක්කර හාරසීයක් ‘බෞද්ධ පූජා භූමියක්’ බව කොළඹ බලධාරීහු පවසති.
  •   මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම්ට යවන ලිපියකින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ දෙමළ ජනතාව පාරම්පරිකව වාසය කළ එම ඉඩම් වැඩිදුර ගවේෂණ කටයුතු සඳහා භාර දෙන ලෙසයි.
  •     1932 වර්ෂයේ සිතියමක් උපුටා දක්වමින් පුරාවිද්‍යා බලධාරීන් මුලින් පවසා ඇත්තේ අක්කර 78ක් වන්දනාස්ථාන ලෙස නම් කර ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව සැලසුම් අනුව මෙසේ පවරා ගන්නට යන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ තන්නිමුරිප්පු ප්‍රාදේශයේ කුරුන්තූර් සිව දේවාලය අවට භූමියයි. ඒ අවට පිහිටි අක්කර හාරසීයක් ‘බෞද්ධ පූජා භූමියක්’ බව කොළඹ බලධාරීහු පවසති.
 
මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම්ට යවන ලිපියකින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ දෙමළ ජනතාව පාරම්පරිකව වාසය කළ එම ඉඩම් වැඩිදුර ගවේෂණ කටයුතු සඳහා භාර දෙන ලෙසයි.
 
 
1932 වර්ෂයේ සිතියමක් උපුටා දක්වමින් පුරාවිද්‍යා බලධාරීන් මුලින් පවසා ඇත්තේ අක්කර 78ක් වන්දනාස්ථාන ලෙස නම් කර ඇති බවයි. එම ප්‍රදේශයේ නැවත මැනුම් කටයුතු කිරීමට අවශ්‍ය බව එම ලිපියේ සඳහන් වෙයි. ඒ අනුව යුද හමුදාව හා එක්ව  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගවේෂණ කටයුතු අරඹා තිබේ.
 
 
දැන් අලුතින් එවා තිබෙන නිවේදනයකින් ඉල්ලා ඇති පරිදි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කුරුන්තූර් අවට අක්කර 400ක් පවරා දිය යුතුව ඇත.
 
මෙයින් අක්කර 150ක් තන්නිමුරිප්පු ගම්වාසීන්ටද, ඉතිරි කොටස නාගර්චෝලයි කැලෑවද සතු වන බව ප්‍රාදේශීය සභාවේ පැවති සාකච්ඡාවකදී හෙළිවූ බව පළාතේ මාධ්‍යවේදීහු පවසති.
 
මෑතදී තන්නිමුරිප්පු ප්‍රදේශවාසීන් තම ඉඩම් හෙළිපෙහෙළි කර වගා කටයුතු ආරම්භ  කිරීමට යාමේදී බෞද්ධ භික්ෂුන් සමග පැමිණි පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් එම කටයුතු බලහත්කාරයෙන් වලක්වා තිබේ.
 
 
 IMG 4406
 
 
 
මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම්වරයාට ලිපිය ලැබී ඇත්තේ ඉන් අනතුරුවය.
 
ඒ සම්බන්ධ සාකච්ඡාවක් අප්‍රේල් 1 දාට යොදාගෙන තිබේ.
 
පුරාවිද්‍යා ගව්ෂණයේ නාමයෙන් පවරා ගන්නට යන භූමිය පිටතින් ගෙනෙන සිංහලයන් පදිංචි කරවීමට යොදා ගනු ඇති බවට ප්‍රදේශවාසීහු බිය පල කරති.
 
 
 
 
රජය විසින් උතුරු නැගෙනහිර ඉඩම් පවරාගැනීමේ අරමුණ සම්ප්‍රදායික දෙමළ නිජභූමිය භූගෝලීය වශයෙන් කැබලි කිරීම බවට එක්සත් ජනපද බුද්ධි මණ්ඩලයක් විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවකින් අනතුරු අඟවා තිබුණි.
 
 
“වාරිමාර්ග යෝජනා ක්‍රම, හමුදා කඳවුරු, පුරාවිද්‍යා රක්ෂිත, වනජීවී අභයභූමි, රක්ෂිත වනාන්තර සහ විශේෂ ආර්ථික කලාප යනාදිය මගින් උතුරේ හා නැගෙනහිරේ ඉඩම් කොල්ල කෑම අවුරුදු දෙකකට ඉහතදී ආණ්ඩුව වෙනස් වීමත් සමග නරක අතට හැරී තිබේ,” යි වාර්තාව එළිදැක්වූ ඕක්ලන්ඩ් ආයතනයේ අනුරාධා මිත්තල් පවසන්නීය.
 
දෙමළ දේශපාලකයන් පවසන පරිදි රජය විසින් ආපසු පවරා දිය යුතුව ඇති උතුරු නැගෙනහිර පෞද්ගලික ඉඩම් ප්‍රමාණය අක්කර 4000 ඉක්මවයි.
 
දහස් සංඛ්‍යාත ජන සහභාගිත්වයකින් පසුගිය පෙබරවාරියේ පවත්වන ලද P2P පොතුවිල්, පොලිකන්ඩි දෙමළ මුස්ලිම් පාද යාත්‍රාවේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ඉඩම් අයිතියයි. 
 
 
 

 
 
The Leader TV

 

 

බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...