BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
පුවත්

ආණ්ඩුව ඉන්දනවලින් බිලියන 400ක ලාභයක් උපයාගෙන!

T

The Leader Desk

June 12, 2021 • 8:22 AM

ආණ්ඩුව ඉන්දනවලින් බිලියන 400ක ලාභයක් උපයාගෙන!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෝවිඩ් 19 හමුවේ ලෝක වෙළඳපොලේ ඉන්දන මිල කඩා වැටීමෙන් ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සංස්ථාව ලැබූ
  •   එතැන් පටන් දිගින් දිගටම ලෝක වෙළඳපොලේ ඉන්දන මිළ අඩුව ගොස් 2020 අප්‍රේල් වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක බ්‍රෙන්ට් මිළ ඇමරිකානු ඩොලර් 26.46 දක්වා පහත වැටිණ.
  •   නමුත් එම අවස්ථාවේ දී ඛනිජ තෙල් සංස්ථාව තෙල් ආනයනය කර ඇත්තේ ඊටත් වඩා අඩු මිලකටය.
  • එනම්, බැරලයක් ඇමරිකානු ඩොලර් 19.56 කටය.    බහුතර ජනතාවක් විසින් යහපාලන ආණ්ඩුව බලයෙන් පහකරන අවස්ථාව වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිළ එම ප්‍රමාණයටම යළිත් වැඩිවී ඇත්තේ 2021 මාර්තු මාසයේදීය.
අකුරු ප්‍රමාණය (Font Size):
ඇමරිකානු ඩොලර් බිලියන 2ක අසන්න ලාභයෙන් ජනතාවට කිසිඳු සහනයක් ලබාදී නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය. 
 
එම ලාභය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 400කට ආසන්නය. 
 
 තම අනන්‍යතාවය හෙළිනොකරන්නැයි ඉල්ලා සිටිමින් තව දුරටත් කරුණු පැහැදිලි කළ එම නිලධාරියා පැවසුයේ, වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වූ අවස්ථාවේදී තමන්ගේ ජාවාරම්කරුවන්ට බදු සහන ලබාදෙමින් අහිමිකරගත් මුදල, ඉන්දන වලින් ලැබූ ලාබයෙන් සමනය කරගැනීමට කටයුතු කල බවයි. 
 
කෝවිඩ් ආරම්භක අවස්ථාවේදී එනම් 2020 අප්‍රේල් වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළ ඇමරිකානු ඩොලර් 26 දක්වා පහත වැටුනද, එහි වාසිය ජනතාවට ලබානොදුන් වත්මන් ආණ්ඩුව ඒ කෙටි කාලය තුල දී ජනතාව හිමිවිය යුතුව තිබු ඇමරිකානු ඩොලර් බිලියන 2ක ලාබය ජනතාවට ලබා නොදී ගසා කෑ බවයි.
 
එම මුල්‍ය විශේෂඥයා පැවසු පරිදි, වත්මන් ආණ්ඩුව පාලන බලය ලබාගන්න අවස්ථාවේ දී එනම් 2019 නොවැම්බර් මාසය වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක බ්‍රෙන්ට් මිළ ඇමරිකානු ඩොලර් 62.49කි.
 
එතැන් පටන් දිගින් දිගටම ලෝක වෙළඳපොලේ ඉන්දන මිළ අඩුව ගොස් 2020 අප්‍රේල් වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක බ්‍රෙන්ට් මිළ ඇමරිකානු ඩොලර් 26.46 දක්වා පහත වැටිණ.
 
නමුත් එම අවස්ථාවේ දී ඛනිජ තෙල් සංස්ථාව තෙල් ආනයනය කර ඇත්තේ ඊටත් වඩා අඩු මිලකටය. එනම්, බැරලයක් ඇමරිකානු ඩොලර් 19.56 කටය. 
 
බහුතර ජනතාවක් විසින් යහපාලන ආණ්ඩුව බලයෙන් පහකරන අවස්ථාව වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිළ එම ප්‍රමාණයටම යළිත් වැඩිවී ඇත්තේ 2021 මාර්තු මාසයේදීය. එනම් ඇමරිකානු ඩොලර් 65.89ක් ලෙසයි.
 
අප වෙත මෙම සංඛ්‍යා හා දත්ත ඉදිරිපත්කළ මහ බැංකුවේ හිටපු ආර්ථික විශේෂඥයා පැවසුයේ, ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා ප්‍රකාශයට පත්කරන ආර්ථික දත්ත වලින් මෙම කාරනා පැහැදිලිව අනාවරණය කරගත හැකි බවයි.
 
මෙම  දත්ත අනුව, වත්මන් ආණ්ඩුව පසුගිය වසර එකහාමාර තුළ ඉන්දන වලින් අත්පත්කර ගත් සුවිශේෂී ආර්ථික වාසිය ඇමරිකානු ඩොලර් බිලියන 2 කවන අතර එම දැවැන්ත ලාභයෙන් අංශු මාත්‍රයක සහනයක් හෝ ජනතාවට ලබාදී නොමැත.
  
යහපාලන ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ මිළ සුත්‍රය ක්‍රියාත්මක වුයේ නම්, ජනතාවට පසුගිය මස කිහිපයේ දී ඉන්දන ලීටරයකින් අවම වශයෙන් රුපියල් 25ක සහනයක් ලබාදීමට හැකියාව තිබිණ.
 
  Mangala post 2
Mangala post 1
 
 
සබැඳි පුවත් :
 

 


 

 
THE LEADER TV 
 
 

 

මැති ඇමති සැප වාහන වෙන්දේසියේ විකුණයි! 

 

සතොස අරක්කු පැන්නුවේ ලොක්කාගෙ පාටියට? 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...