BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
ක්‍රීඩා

ඇෆ්ගන් පිතිකරුවාගේ තවමත් අපරාජිත පන්දු හයකින් ලකුණු 48 වාර්තාව

T

The Leader Desk

October 11, 2025 • 3:42 PM

ඇෆ්ගන් පිතිකරුවාගේ තවමත් අපරාජිත පන්දු හයකින් ලකුණු 48 වාර්තාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට දෙවසරකට පෙර ක්‍රිකට් වාර්තා පොත් අලුතින් ලියමින් ඇෆ්ගනිස්තාන පිතිකරු සෙදිකුල්ලා අටාල් (Sediqullah Atal)
  • වයස අවුරුදු 21දී අටාල් එකම ඕවරයකදී හයේ පහර හතක් එල්ල කරන අතරතුර ලකුණු 48ක් රැස් කළේ අපූර්ව වික්‍රමයක් මුදුන්පත් කර ගනිමින්.
  • මේ අතිවිශිෂ්ට ඉනිම වාර්තා වුනේ තරගයේ 19 වැනි ඔ්වරයේ.
  • ඒ වන විට ෂහීන් හන්ටර්ස් කණ්ඩායම ලකුණු 158කට කඩුලු 6ක් අහිමි කර ගෙන වැටී සිටියේ අවදානම් තත්ත්වයක.
අකුරු ප්‍රමාණය (Font Size):

දැක්වූ සුවිශේෂ දක්ෂතාව ක්‍රිකට් ලෝකයේ තවමත් අනුනාද වෙනවා.

වයස අවුරුදු 21දී අටාල් එකම ඕවරයකදී හයේ පහර හතක් එල්ල කරන අතරතුර ලකුණු 48ක් රැස් කළේ අපූර්ව වික්‍රමයක් මුදුන්පත් කර ගනිමින්. මේ විශිෂ්ට ක්‍රියාවේදී ඔහු කාබුල් ප්‍රිමිය ලීගයේ අබාසින් ඩිෆෙන්ඩර්ස් පිලට එරෙහිව ෂහීන් හන්ටර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූවා.

මේ අතිවිශිෂ්ට ඉනිම වාර්තා වුනේ තරගයේ 19 වැනි ඔ්වරයේ. ඒ වන විට ෂහීන් හන්ටර්ස් කණ්ඩායම ලකුණු 158කට කඩුලු 6ක් අහිමි කර ගෙන වැටී සිටියේ අවදානම් තත්ත්වයක. නායක සෙදිකුල්ලා අටාල් පන්දු 43කින් ලකුණු 71ක් ලබා ගෙන හොඳ පිතිකරණයක යෙදී සිටියා. වමතින් දඟ පන්දු යවන අමිර් සසායි ට මුහුණ දෙමින් සිටි අටාල් ගරුසරු නැති පිතිහරඹයක නිරත වීමට මේ අවස්ථාවේ තීරණය කළා.

ඕවරය ආරම්භ වුනේ නීතිවිරෝධී (නෝ-බෝල්) පන්දුවකට හයේ පහරක් එල්ල කරමින්. ඉන්පසුව ‘වයිඩ්’ පන්දු පහක් යැවුනු අතර ඉන්පසු අටාල් නිදහස් පහරකින් උපරිම ප්‍රයෝජන ගනිමින් තවත් දැවැන්ත හයේ පහරක් එල්ල කළා. එතැනින් නතර නොවූ ඔහු එම ඕවරයේ සෑම පන්දුවකටම හයේ පහර එල්ල කළේ තම කණ්ඩායම මුළු ලකුණු 200 පසුකර ගෙන යමින් සහ ඔහුගේ ශතකය පන්දු 48කින් වාර්තා කරමින්. සසායිගේ මේ ඕවරය මෑත ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම ප්‍රවේගකාරී පිතිහරඹයක් ප්‍රදර්ශනය වූ එක් අවස්ථාවක් ලෙසින් තවමත් රැඳී තිබෙනවා.

ඉනිම අවසන් වන විට අටාල් නොදැවී ලකුණු 118ක් රැස්කර ගෙන සිටි අතර පන්දු 56ක එම ඉනිමට හයේ පහර 10ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්ව තිබුනා. ඒ අනුව ෂහීන් හන්ටර්ස් කණ්ඩායම ලකුණු 213කට කඩුලු 6ක මුළු ලකුණු සංඛ්‍යාවක් සටහන් කළා. පිළිතුරු වශයෙන් ඩිෆෙන්ඩර්ස් පිලේ සියලු දෙනා ඕවර 18.3ක් ඇතුළත ලකුණු 121කට දැවී ගියේ හන්ටර්ස් කණ්ඩායමට ලකුණු 92ක ජයග්‍රහණයක් අත්කර දෙමින්.

ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩාවේ සෙදිකුල්ලා අටාල්ගේ නැගිටීම උල්කාවක් මෙන් වේගී එකක්. වමත් ආරම්භක පිතිකරුවකු වන ඔහුගේ මංගල විස්සයි20 තරගය වූයේ කාබුල් ඊගල්ස් කණ්ඩායම වෙනුවෙන් 2020 සැප්තැම්බරයේ ක්‍රීඩා කළ Shpageeza ප්‍රිමිය ලීග් තරගය.

ඔහු සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් ටෙස්ට් 1ක්, ජාත්‍යන්තර එක්දින 10ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 19ක් ක්‍රීඩා කර තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...