BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
පුවත්

'දිට්වා' ප්‍රචණ්ඩ වෙයි - පැය 48කින් ඉන්දියාවට

T

The Leader Desk

November 28, 2025 • 3:35 AM

 'දිට්වා' ප්‍රචණ්ඩ වෙයි - පැය 48කින් ඉන්දියාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි ඇති වූ 'දිට්වා' සුළි කුණාටුව ඉදිරි පැය 48ක කාලය තුළ තමිල්නාඩුවෙන් ඉන්දියාවට ඇතුළුවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.
  • ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් 'දිට්වා' මේ වනවිට ඉන්දියාවේ පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් අතර කොරොමැන්ඩල් වෙරළ තීරය දෙසට ගමන් කරමින් පවතින බව සඳහන්.
  • මේ හේතුවෙන් ඩෙල්ටා දිස්ත්‍රික්කයට මෙන්ම තමිල්නාඩුවේ කඩලූර් සහ විල්ලුපුරම් දිස්ත්‍රික්කවලට රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
  • ඊයේ (27) පස්වරුව වනවිට 'දිට්වා' සුළි කුණාටුව මඩකලපුවට කිලෝමීටර් 60ක් දුරින් ගමන්කරමින් තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ හේතුවෙන් තමිල්නාඩුව ආශ්‍රිත වරායන්වලට අවවාදාත්මක නිවේදන මේ වනවිට නිකුත්කර තිබේ.

ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් 'දිට්වා' මේ වනවිට ඉන්දියාවේ පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් අතර කොරොමැන්ඩල් වෙරළ තීරය දෙසට ගමන් කරමින් පවතින බව සඳහන්.

මේ හේතුවෙන් ඩෙල්ටා දිස්ත්‍රික්කයට මෙන්ම තමිල්නාඩුවේ කඩලූර් සහ විල්ලුපුරම් දිස්ත්‍රික්කවලට රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ඊයේ (27) පස්වරුව වනවිට 'දිට්වා' සුළි කුණාටුව මඩකලපුවට කිලෝමීටර් 60ක් දුරින් ගමන්කරමින් තිබුණි.


වැඩිම වර්ෂාපතනය ඉදිරි පැය කිහිපය තුළ...


මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද නිවේදනය කර සිටියේ, මෑත ඉතිහාසයේ දිවයිනට ඇඳහැලෙන වැඩිම වර්ෂාපතනය ඉදිරි පැය කිහිපය තුළ බලාපොරොත්තු විය හැකි බවය.

ගතවූ පැය 24ක කාලය තුළ පුද්ගල මරණ 37ක් වාර්තා වූ අතර, නොවැම්බර් 17 වැනිදා සිට මේ දක්වා මිය ගිය එම ගණන 47ක්ය.

කෙසේ නමුත් ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන්ව සිටී.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩුපීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනයවීමත් සමග ප්‍රධාන ගංගා ද්‍රෝණි රැසක පහත්බිම්වලට අධි අවදානම් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත්කිරීමට වාර්මාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

මේ වනවිට දිස්ත්‍රික්ක 07ක ප්‍රදේශීය ලේකම් ‍කොට්ඨාස 58කට නායයෑම් සම්බන්ධයෙන් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...