BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

මාස 5ක් පුරා අපයෝජනයට ලක් වූ ඉන්දියාවේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී

T

The Leader Desk

October 24, 2025 • 1:37 PM

මාස 5ක් පුරා අපයෝජනයට ලක් වූ ඉන්දියාවේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ සතාරා දිස්ත්‍රික්කයේ රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරියක් සියදිවි හානි කර ගෙන
  • විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ වෛද්‍යවරිය තමාගේ මරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳව සිය අතෙහි සටහනක් තබා ඇති බවය.
  • එහි ඇය සඳහන් කර ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් තමාට කායික හා මානසික හිරිහැර සිදු කිරීම හේතුවෙන් තමා මෙසේ සිය දිවි නසා ගන්නා බවය.
  • වැඩිදුරටත් ඇය එහි දක්වා ඇත්තේ පසුගිය මාස පහ පුරාවටම එක් පොලිස් නිලධාරියෙකු විසින් තමා කිහිප වතාවක්ම දූෂණයට ලක් කර ලිංගික හිරිහැර කළ බවත් අනෙක් නිලධාරියා විසින් තමාට මානසික හිරිහැර කළ බවත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇති පුවතක් සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ වෛද්‍යවරිය තමාගේ මරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳව සිය අතෙහි සටහනක් තබා ඇති බවය.

එහි ඇය සඳහන් කර ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් තමාට කායික හා මානසික හිරිහැර සිදු කිරීම හේතුවෙන් තමා මෙසේ සිය දිවි නසා ගන්නා බවය.

වැඩිදුරටත් ඇය එහි දක්වා ඇත්තේ පසුගිය මාස පහ පුරාවටම එක් පොලිස් නිලධාරියෙකු විසින් තමා කිහිප වතාවක්ම දූෂණයට ලක් කර ලිංගික හිරිහැර කළ බවත් අනෙක් නිලධාරියා විසින් තමාට මානසික හිරිහැර කළ බවත් ය.

අදාළ වෛද්‍යවරිය විසින් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර තිබුණ ද ඔවුන් ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වා නොමැති බවද සඳහන් වේ.

වෛද්‍යවරිය සිය දිවි නසා ගැනීමත් සමග අදාළ සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රදේශයෙන් පළා ගොස් තිබේ.

කෙසේවෙතත් මේ වන විට එම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනමට ලක්ව ඇති අතර වෛද්‍යවරියගේ අතෙහි තිබූ සියදිවි නසා ගැනීමේ සටහනේ සඳහන් චෝදනා අනුව විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහාරාෂ්ට්‍ර කාන්තා කොමිසමේ ප්‍රධානී රූපාලි චකන්කර් පවසා ඇත්තේ මේ කාරණය සම්බන්ධයෙන් චූදිතයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවය.

පලා ගිය සැකකරුවන් සොයා ගැනීමට පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවද සඳහන් වේ.

(adaderana)

මුලාශ්‍රය :

'Sexually harassed me repeatedly': Woman doctor dies by suic ..

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...