BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි●
Top Ad
පුවත්

චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන හරි තොරතුරකට ලක්ෂ 5ක තෑග්ගක් (වීඩියෝ)

T

The Leader Desk

February 16, 2022 • 3:58 PM

චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන හරි තොරතුරකට ලක්ෂ 5ක තෑග්ගක් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'හිරු' මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරයට වගකිව යුතු අපරාධකරුවන් පිළිබඳ තහවුරු කරන ඔත්තුවක් ලබාදෙන අයෙකුට
  • ඒ අනුව එවැනි නිවැරදි තොරතුරක් වේ නම් කරුණාකර 0770322821 අමතන ලෙස හිරු CIA  ජනතාව වෙත දැනුම්දී සිටියි.
  • දර්ශන ඔස්සේ විමර්ශන කරන බව පොලිසිය පවසයි.
  • අදාළ වාහනය ස්පේසියා වර්ගයට සමාන වෑන් රථයක් බවට සී.සී.ටී.වී දර්ශන විශ්ලේෂණය කිරීමෙන් පසු සැක මතුව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

රුපියල් ලක්ෂ 5ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට හිරු CIA කණඩායම තීරණය කර ඇත.

ඒ අනුව එවැනි නිවැරදි තොරතුරක් වේ නම් කරුණාකර 0770322821 අමතන ලෙස හිරු CIA  ජනතාව වෙත දැනුම්දී සිටියි.

මේ අතර, හිරු ටී.වී.මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ මැර පිරිස එම ප්‍රහාරය එල්ල කිරීම සඳහා මෝටර් රථය සහ යතුරුපැදිය පැමිණි මෙන්ම යළි පළාගිය මාර්ගය සොයා තවදුරටත් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ විමර්ශන කරන බව පොලිසිය පවසයි.

අදාළ වාහනය ස්පේසියා වර්ගයට සමාන වෑන් රථයක් බවට සී.සී.ටී.වී දර්ශන විශ්ලේෂණය කිරීමෙන් පසු සැක මතුව තිබේ.

ඒ අනුව අදාළ සී.සී.ටී.වී දර්ශන වැඩිදුර විමර්ශන සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යොමුකිරීමට නියමිතව ඇත.

සිද්ධියට අදාළව ප්‍රදේශයේ සී.සී.ටී.වී කැමරා දර්ශන 26 ක් පමණ විමර්ශන නිලධාරින් ඊයේ වනවිට පරීක්ෂා කර තිබූ අතර, එහිදී අනාවරණ වී තිබුණේ එම මැර පිරිස ප්‍රහාරය එල්ල කිරීම සඳහා කොළඹ දෙස සිට පිලියන්දල මංසන්ධිය දක්වා පැමිණ ඇති බවයි.

එහිදී අදාළ වෑන් රථය පිලියන්දල පන්සල අසලින් යළි හරවා ජාලියගොඩ හන්දිය පසුකර ගමන් කරන ආකාරය ද නිරීක්ෂණය වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි නිලධාරින් ද ඇතුළුව පොලිස් නිලධාරින් 60 දෙනෙකුගෙන් පමණ සමන්විත විමර්ශන කණ්ඩායම් 9 ක් තවදුරටත් පරීක්ෂණ සිදුකරනු ලබයි.

හිරු ටී.වී. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල - ගංඟාරාම පාරේ නිවසට මුහුණු ආවරණය කරගත් නාඳුනන කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ පෙරේදා (14) අලුයමයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ගවේෂණය සඳහා හිරු CIA  කණ්ඩායමේ නියෝජිතයින් ද යොදවා ඇත.

 

 

 

 

 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...