BREAKING
Top Ad
පුවත්

නිලධාරීන් රු. 5000ක අවුරුදු දීමනාව ලබාදීමේ වැඩසටහනෙන් කර අරී !

T

The Leader

April 11, 2021 • 10:37 PM

නිලධාරීන් රු. 5000ක අවුරුදු දීමනාව ලබාදීමේ වැඩසටහනෙන් කර අරී !    

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොවිඩ් වසංගතයේ බලපෑමට ලක්වූ සමෘද්ධි හා අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 30ක් වෙනුවෙන් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000ක දීමනාවක් ලබාදීමේ වැඩසටහනට සහභාගි නොවන බව
  •   මෙම වැඩසටහන වෙනුවෙන් රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 15,000කට (රුපියල් කෝටි 1500කට) අධික වන අතර මෙම වැඩසටහන අද (12 වැනිදා) සිට ආරම්භ කරන බව සමෘද්ධි අමාත්‍යාංශය පවසයි.
  •   කෙසේ වෙතත් සමෘද්ධි හා ග්‍රාම නිලධාරීහු පවසන්නේ, ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම වැඩසටහනට එක්නොවන බවයි.
  • අබේසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
සමෘද්ධි හා ග්‍රාම නිලධාරීහු පවසති.
 
මෙම වැඩසටහන වෙනුවෙන් රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 15,000කට (රුපියල් කෝටි 1500කට) අධික වන අතර මෙම වැඩසටහන අද (12 වැනිදා) සිට ආරම්භ කරන බව සමෘද්ධි අමාත්‍යාංශය පවසයි.
 
කෙසේ වෙතත් සමෘද්ධි හා ග්‍රාම නිලධාරීහු පවසන්නේ, ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම වැඩසටහනට එක්නොවන බවයි.
 
සමෘද්ධිලාභීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට මෙලෙස රුපියල් 5000 දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය අගමැති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය සෙනසුරාදා (10 වැනිදා) නිකුත් කෙරිණි. 
 
 
එම චක්‍රලේඛයට අනුව සමෘද්ධිලාභී පවුල්, අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගෙන ඇති පවුල්, වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයන් සිටින පවුල්, ආබාධිත දීමනාව ලබන පුද්ගලයන් සිටින පවුල්, වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් දීමනාව ලබන පුද්ගලයන් සිටින පවුල්, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයන් සිටින පවුල් හා අභියාචනා ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලැබූ පවුල් මෙම දීමනාව ලැබීමට සුදුසුකම් ලබයි. 
 
දීමනාව ලබාදීමේදී ප්‍රතිලාභී පවුලකට ගෙවීම් සිදුකරනු ලබන්නේ එක් කාණ්ඩයක් යටතේ පමණි. 
 
ඡන්ද හිමි නාමලේඛනයේ එක් ගෘහමූලික අංකයක් යටතේ ලියාපදිංචි වී සිටියද, අනු පවුල් වශයෙන් ජීවත් වන පවුල් සඳහාද මෙම දීමනාව ලබාදීමට නියමිතය.
 
මේ පිළිබඳව අදහස් පළ කළ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි පැවසුයේ, මෙම දීමනාව ලබාදීමට අවශ්‍ය අරමුදල් ලංකා සහ මහජන බැංකු වෙතින් අද (12 වැනිදා) දිනයේ ලබාගෙන දීමනාව ලබාදීම ආරම්භ කරන බවයි. 
 
මේ අතර සමෘද්ධි ගුවන් විදුලි සේවාව සහ වට්ස්ඇප් ජාල හරහා සියලුම සමෘද්ධි නිලධාරීන් කඩිනමින් දැනුවත් කරමින් සමෘද්ධි බැංකු හා නිලධාරීන් මගින් මෙම දීමනාව ලබාදීමට සමෘද්ධි අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
 
 
කෙසේ වෙතත් ඊයේ (11 වැනිදා) මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම් හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන ලද්දේ මේ තරම් විශාල පිරිසකට මෙම දීමනාව ලබාදීම සඳහා පවතින කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. 
 
 
එම නිසා අප්‍රේල් 12 සහ 13 දින වෙනුවට අප්‍රේල් 15 වැනිදායින් පසුව මෙම දීමනාව ලබාදීමට මැදිහත්විය හැකි බව එම සංගමයේ සභාපති එන්.ඒ.අයි.බී.එම්. අබේසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
 
 
 
ඊට සමගාමීව මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර සඳහන් කරන ලද්දේ මීට පෙර කොවිඩ් වසංගතයකින් පීඩාවට පත් පවුල් කාණ්ඩ 10 අතුරින් 7කට පමණක් මෙවර දීමනාව ලබාදීමට පියවර ගන්නා බැවින්, එහිදී ග්‍රාම නිලධාරීන් දෝෂ දර්ශනයට ලක්විය හැකි බවයි. 
 
 
 
එවැනි අභූත චෝදනාවලට ලක්වීමට අකැමැති හෙයින් තම සංගමය මෙම වැඩසටහනට සහභාගි නොවන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 
(උපුටා ගැනීම් - අරුණ පුවත්පතින්)
THE LEADER TV

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

 

 මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...