BREAKING
Top Ad
පුවත්

මාධ්‍යවේදීහු අගමැතිගෙන් 5000/= ඉල්ලති

T

The Leader

June 10, 2021 • 6:45 AM

මාධ්‍යවේදීහු අගමැතිගෙන් 5000/= ඉල්ලති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රට මුහුණ දී සිටින ආපදා තත්වය හමුවේ ප්‍රාදේශිය වෘත්තීමය මාධ්‍යවේදීන්ද දැඩි ආර්ථික අපහසුතාවයන්ට ලක්ව සිටින බව
  •     මෙම තත්වය පිළිබදව ගැඹුරින් සලකා වෘත්තීමය ප්‍රදේශිය මාධ්‍යවේදීන් වෙත ද රජය විසින් අඩු ආදායම් ලාභීන් සදහා ගෙවනු ලබන රුපියල් පන්දහස ලබා දීමට කටයුතු කරන ලෙස මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.
  •       ########## THE LEADER TV  B & S ගේ පොහොර සින්දුවට කෝටි 8 ක් ?
අකුරු ප්‍රමාණය (Font Size):
අගමැතිවරයාට දැනුම් දෙන මාධ්‍ය වෘත්තිය සම්මේලනයක්, ප්‍රාදේශිය මාධ්‍යවේදීන් වෙතද අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් ගෙවන රුපියල් පන්දහස ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.
 
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ජුනි 10 බ්‍රහස්පතින්දා යොමු කළ ලිපියක් මගින් මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය දැනුම් දී ඇත්තේ කොරෝනා වසංගතය, ගංවතුර, නායයෑම් නිසා රට ම බලවත් ව්‍යසනයකට පත්ව තිබෙන මේ මොහොතේ ප්‍රාදේශිය වෘත්තීමය මාධ්‍යවේදියාගේ දරුපවුල්, ඔවුන්ගේ ආහාර පුමුඛ මුලික අවශ්‍යතාවන් සපුරා ගන්නට නොහැකිව බලවත් පීඩනයකට මුහුණ දෙමින් සිටින බවයි.
 
 
"ජනතාව  වෙත තොරතුරු ළගා කරවීම සදහා විශාල කාර්යභාරයක් ඉටු කරන ප්‍රාදේශිය මාධ්‍යවේදීන් පුවත් පත් මුද්‍රණය, අලෙවිය අත්හිටුවා තිබෙන, විද්‍යුත් මාධ්‍ය වාර්තාකරණය අසීරුව පවතින මොහොතක නිසි ආදායමක් නොමැතිව, ඔවුන්ගේ දරුපවුල් බලවත් අසීරුතාවකට පත්වීම පිළිබදව ඔබතුමාට අවබෝධයක් තිබෙන බව අප සම්මේලනය දැඩිව විශ්වාස කරනු ලබයි."
 
 
මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි සහ සභාපති කරුණාරත්න ගමගේ අගමැතිවරයාට අවධාරණය කර ඇත්තේ ප්‍රාදේශිය මාධ්‍යවේදීන් නිසි වැටුපක්, දීමනාවක්, පමණක් නොව කිසිදු වෘත්තීය අයිතිවාසිකමකට හිමිකම් නොකියන, නිරන්තරව  පීඩාවට පත් වන වෘත්තීය කණ්ඩායමක් බවයි.
 
 
මෙම තත්වය පිළිබදව ගැඹුරින් සලකා වෘත්තීමය ප්‍රදේශිය මාධ්‍යවේදීන් වෙත ද රජය විසින් අඩු ආදායම් ලාභීන් සදහා ගෙවනු ලබන රුපියල් පන්දහස ලබා දීමට කටයුතු කරන ලෙස මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.
 
 
 
##########
THE LEADER TV 
B & S ගේ පොහොර සින්දුවට කෝටි 8 ක් ?
 
සාපය පලදේ: අලුත් පක්ෂයකට රහස් කතා! 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...