BREAKING
Top Ad
විදේශ

ලිබියාවේ ජලගැලීම් : පුද්ගලයින් 5300ක් ජීවිතක්ෂයට; 10,000ක් අතුරුදන්

T

The Leader

September 13, 2023 • 10:47 AM

ලිබියාවේ ජලගැලීම් : පුද්ගලයින් 5300ක් ජීවිතක්ෂයට; 10,000ක් අතුරුදන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිබියාවේ දරුණු ජලගැලීමෙන් විනාශයට පත් ඩර්නා නගරයේ මේ වන විට මළ සිරුරු 5,300කට අධික සංඛ්‍යාවක්
  • ලිබියාවේ ඩර්නා නගරයේ ජල ගැලීම් එරට සිවිල් ගුවන් සේවා අමාත්‍ය හබු අබූ ෂුකේකා පවසන්නේ මියගිය සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර එය දෙගුණයක් විය හැකි බවයි.
  • පුද්ගලයන් 10,000 ක් පමණ අතුරුදන් වී ඇති බව රතු අඩ සඳ සංවිධානය ප්‍රකාශ කරන අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
  • ඉරිදා දිනයේ හමා ආ සුළි කුණාටුව, නැගෙනහිර කලාපයේ පිහිටි බෙන්ගාසි, සූසා ඇතුළු නගරවලට ද බලපා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගණන් කර ඇති බව ලිබියාවේ නැගෙනහිර පරිපාලනය භාර අමාත්‍යවරයෙකු රොයිටර් පුවත් ඒජන්සියට ප්‍රකාශ කර ඇත.

ලිබියාවේ ඩර්නා නගරයේ ජල ගැලීම්



එරට සිවිල් ගුවන් සේවා අමාත්‍ය හබු අබූ ෂුකේකා පවසන්නේ මියගිය සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර එය දෙගුණයක් විය හැකි බවයි.

සුනාමි වැනි දරුණු ජල ගැලීමකින් මුහුදට ගසාගෙන ගිය විපතට පත් වූවන්ගේ සිරුරු ගොඩගැනීමට ලිබියාවේ ගලවා ගැනීමේ කණ්ඩායම් මහත් පරිශ්‍රමයක් දරති.

ඩැනියෙල් සුළි කුණාටුව කඩා වැදීමත් සමග පසුගිය ඉරිදා ඩර්නා හි වේලි දෙකක් සහ පාලම් හතරක් කඩා වැටී නගරයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට විය.

පුද්ගලයන් 10,000 ක් පමණ අතුරුදන් වී ඇති බව රතු අඩ සඳ සංවිධානය ප්‍රකාශ කරන අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

"මළ සිරුරු හැම තැනක ම බිම වැටිලා තියෙනවා," නැගෙනහිර කලාපය භාර රජයේ අමාත්‍යවරයා රොයිටර්ස් පුවත් ඒජන්සියට පැවසීය.

ඉරිදා දිනයේ හමා ආ සුළි කුණාටුව, නැගෙනහිර කලාපයේ පිහිටි බෙන්ගාසි, සූසා ඇතුළු නගරවලට ද බලපා තිබේ.

නැගෙනහිර කලාප රජයේ හදිසි ප්‍රතිචාර කමිටුවේ සාමාජික සහ ගුවන් සේවා අමාත්‍ය හබු අබූ ෂුකේකා දුරකතනය ඔස්සේ රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ,"නගරයෙන් 25%ක් අතුරුදන් වෙලා කියලා මම කියන්නේ අතිශයෝක්තියක් නෙවෙයි.‍ ගොඩනැගිලි ගොඩක් කඩා වැටිලා."

ලිබියාවේ රතු කුරුස සහ රතු අඩසඳ ජාත්‍යන්තර සම්මේලනයේ ප්‍රධානී තමර් රාමදාන් වාර්තාකරුවන්ට පවසා ඇත්තේ, සමස්ත මරණ සංඛ්‍යාව මීට වඩා "බොහෝ සංඛ්‍යාවක්" වනු ඇති බව ය.

අසල්වැසි ටියුනීසියාවේ සිට වීඩියෝ මගින් අදහස් පළ කරමින් ඔහු පැවසුවේ, "අපේ කණ්ඩායම් තවමත් තක්සේරු කරමින් ඉන්නවා. මේ වෙලාවේ මරණ අපි ළඟ නිශ්චිත සංඛ්‍යා දත්ත නැහැ. මේ දක්වා අතුරුදන් වෙලා ඉන්න සංඛ්‍යාව 10,000 ඉක්මවා තිබෙනවා," යනුවෙනි.

8yh787මුහුද ආසන්න ඩර්නා ප්‍රදේශයේ පහත් බිම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.


නැගෙනහිර කලාපය සමග, බටහිර කලාපයේ මිස්රාටා නගරය ද ජලගැලීම්වලට ගොදුරු වූ ප්‍රදේශ අතර වේ.

දීර්ඝ කාලයක් ලිබියාව පාලනය කළ කර්නල් මුවම්මර් ගඩාෆි 2011 වසරේදී බලයෙන් පහ කර ඝාතනය කිරීමෙන් පසු, ලිබියාව දේශපාලන ව්‍යාකූලත්වයට පත්ව ඇති අතර, ට්‍රිපොලි අගනුවර සහ නැගෙනහිර කලාපය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ජාත්‍යන්තරව පිළිගත් අන්තර්වාර රජයක් සමග රට බෙදී ගියේ ය.

ලිබියානු මාධ්‍යවේදී අබ්දුල්කාදර් අසාද් පවසන පරිදි, ස්වාභාවික විපතකදී විවිධ ක්ෂේත්‍රයන්හි බලධාරීන්ට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට නොහැකි වීම නිසා මුදා ගැනීමේ ප්‍රයත්නයන්ට බාධා එල්ල වී තිබේ.

"ලිබියාවේ මුදා ගැනීමේ කණ්ඩායම් නෑ‍. බේරා ගැනීමට පුහුණු සේවකයින් නෑ. පහුගිය අවුරුදු දොළහේ ම යුද්ධය ගැනයි අවධානය යොමු කළේ," ඔහු බීබීසී පුවත් සේවයට පැවසීය.

"ලිබියාවේ ආණ්ඩු දෙකක් තියෙනවා... ඒක ටිකක් ව්‍යාකූල නිසා ලිබියාවට ලැබෙන උපකාර ප්‍රමාද වෙනවා. උදව් කරන්න ඉදිරිපත් වෙන අය හිටියාට උපකාර ලැබෙන්නෙ නෑ."

ට්‍රිපොලි පදනම් කර ගත් පාලනය, මළ සිරුරු බහාලන මලු ඇතුළු වෛද්‍ය සැපයුම් උපකරණ, ටොන් 14ක් , සෞඛ්‍ය සේවකයින් සහ වෛද්‍යවරුන් 80 දෙනෙකු ගුවන් යානයකින් යවා ඇත.

ct644t5ඩර්නාහි යාබද ප්‍රදේශ ආශ්‍රිත දෑ මුහුදට ගසාගෙන ගොස් ඇත.



ලිබියාව සඳහා වන ඇමෙරිකානු නියෝජිත රිචර්ඩ් නෝර්ටන් පවසා ඇත්තේ, එක්සත් ජාතීන්ගේ පාර්ශවකරුවන් සහ ලිබියානු බලධාරීන් සම්බන්ධීකරණය කරමින් නැගෙනහිර ලිබියාව වෙත ආධාර යැවීමට ඇමෙරිකාව සැලසුම් කර ඇති බව ය.

ඊජිප්තුව, ජර්මනිය, ඉරානය, ඉතාලිය, කටාර් සහ තුර්කිය ආධාර යැවූ හෝ යැවීමට සූදානම් බවට පවසා ඇති රටවල් අතර වේ.


(ලුසී ෆ්ලෙමිං‍)
බීබීසී
-BBC සිංහල සේවය

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...