BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

හොං කොං ගින්නේ මරණ 55ට නගී; 300කට වඩා අතුරුදන්

T

The Leader Desk

November 28, 2025 • 5:21 AM

හොං කොං ගින්නේ මරණ 55ට නගී; 300කට වඩා අතුරුදන් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙරේදා (නොවැම්බර් 26), ගිනි ගත් හොං කොං මහල් නිවාස සංකීර්ණය, තවමත් දැවෙමින් පවතී. අවම වශයෙන් පුද්ගලයින් 55 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 300කට අධික පිරිසක් තව දුරටත් අතුරුදන්ව සිටිති.
  • ගින්න හටගෙන පැය 24ක් ඉකුත්ව තිබියද, එය එරට වේලාවෙන් ඊයේ මධ්‍යහ්නය වන විටත් දැවෙමින් පැවති  බව බලධාරීහු කියති.
  • නිවාස සංකීර්ණයේ අවසන් ගොඩනැගිලි හතරෙහි ගින්න පාලනය කර ඇතැයි, ගිනි භටයෝ පැවසූහ.
  •   ඊයේ, ගින්නට හසු වූයේ හොං කොං හි උතුරු ටායි පෝ (Tai Po) හි පිහිටි වැඞ් ෆුක් කොර්ට් (Wang Fuk Court) මහල් නිවාස සංකීර්ණය යි.
අකුරු ප්‍රමාණය (Font Size):
ඉදිකිරීම් සමාගමක දැඩි නොසැලකිල්ල හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි අනුමාන කරන බව, පොලිසිය ඊයේ  (27) සඳහන් කළේය. අනාරක්ෂිත ඉදිකිරීම් ද්‍රව්‍ය යොදා ගැනීම ඊට හේතුවයි. හොං කොං දේශය, ඉදිකිරීම් සඳහා උණ බට ආශ්‍රිත පලංචි භාවිතා කරන ලොව අවසන් රටවල් කිහිපය අතුරින් එකකි. ගින්න හටගෙන පැය 24ක් ඉකුත්ව තිබියද, එය එරට වේලාවෙන් ඊයේ මධ්‍යහ්නය වන විටත් දැවෙමින් පැවති  බව බලධාරීහු කියති.


නිවාස සංකීර්ණයේ අවසන් ගොඩනැගිලි හතරෙහි ගින්න පාලනය කර ඇතැයි, ගිනි භටයෝ පැවසූහ. තවත් ගොඩනැගිලි තුනක වූ ගිනි මුළුමනින් නිවා දැමීමට ඔවුහු සමත් වූහ. ගිනි නිවීම් සේවා එහි තව දුරටත් ක්‍රියාන්විතයේ යෙදී සිටිති.  

ඊයේ, ගින්නට හසු වූයේ හොං කොං හි උතුරු ටායි පෝ (Tai Po) හි පිහිටි වැඞ් ෆුක් කොර්ට් (Wang Fuk Court) මහල් නිවාස සංකීර්ණය යි. එය, උස් ගොඩනැගිලි  8කින් සමන්විත අතර නිවාස ඒකක 2000කට ආසන්න සංඛ්‍යාවකින් යුක්තය. නගරයේ පවතින අධික  නිවාස මිල හේතුවෙන් 4,600කට වැඩි පිරිසක් එහි තට්ටු නිවෙස්හි නේවාසිකව වෙසෙති.

69292590c4d2dcc029e731b3
එහි විසූ නිවසියන්නට දැන් සියල්ල අහිමිව පවතී. 1948 වසරේ සිදු වූ හොං කොං ගිනි අනතුරකින් පසු මෙතෙක්, එහි වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වන සිදුවීම මෙය වේ. ගබඩා සංකීර්ණයක හටගත් පෙර ගින්නෙන් පුද්ගලයින් 176 දෙනකු ජීවිතක්ෂයට පත් විය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/27 /2025

Hong Kong fire live: At least 55 are dead as blaze burns on after 24 hours

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...