BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

ඉන්දීය හමුදාව විසින් උතුරේ දී ඝාතනය කළ 60 කට වැඩි පිරිසක් සැමරේ

T

The Leader Desk

August 3, 2021 • 3:19 PM

ඉන්දීය හමුදාව විසින් උතුරේ දී ඝාතනය කළ 60 කට වැඩි පිරිසක් සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය හමුදා ප්‍රහාරයකින් වසර තිස් දෙකකට පෙර පේදුරු තුඩුවේ දී මරා දමන ලදුව අදටත් යුක්තිය ඉටු නොවූ හැට දෙනකුට වැඩි පිරිස අනුස්මරණය කොට උතුරේ දී සමරුවක් පවත්වා තිබේ.
  •       මිය ගිය අයට සැබෑ ගරුත්වයක් අත් කර දිය හැකි වන්නේ දෙමළ ජනයාගේ ස්වයං පාලන අයිතිය සහ දේශපාලන විසඳුම ජයග්‍රහනය කිරීම තුලින් පමණක් බව ගුණ සැමරුමට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් පසුගිය වසරේ පවසා තිබුනි.
  •     අනුස්මරණය කරනු ලැබූ අත දරුවකු ඇතුළු සාමාන්‍ය වැසියන් 63 දෙනකු යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී ඝාතනයට ලක් ව ඇත්තේ 1989  ඔක්තෝබර් 2 හා 3 යන දින දෙකේ ඉන්දීය සාම සාධක හමුදාව විසින් සිදු කරන ලද වෙඩි තැබීම් වලිනි.
  •     අත දරුවා:     වැල්වැටිතුරෙයි පුරවැසි කමිටුව විසින් ලේඛනගත කොට ඇති පරිදි ඉන්දීය හමුදා විසින් වැල්වැටිතුරෙයි සමුහඝාතනයේදී මරා දමන ලද බාලම දරුවා දහඅට මසක් වයසැති ගනේෂලිංගම් ශෂී ය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මරා දමනු ලැබුවන්  සිහිකරමින් වැල්වැටිතුරෙයි  පිහිටි සිය කාර්යාලයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් අගෝස්තු 2 සදුදා පුෂ්පෝපහාර දක්වා පහන් දල්වමින් උපහාර දැක් වු බවයි උතුරේ වාර්තාකරුවන් පවසන්නේ.
 
28c1de3f 3743 4552 b3ca 6616c649d88f 
 
මිය ගිය අයට සැබෑ ගරුත්වයක් අත් කර දිය හැකි වන්නේ දෙමළ ජනයාගේ ස්වයං පාලන අයිතිය සහ දේශපාලන විසඳුම ජයග්‍රහනය කිරීම තුලින් පමණක් බව ගුණ සැමරුමට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් පසුගිය වසරේ පවසා තිබුනි.
 
 
අනුස්මරණය කරනු ලැබූ අත දරුවකු ඇතුළු සාමාන්‍ය වැසියන් 63 දෙනකු යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී ඝාතනයට ලක් ව ඇත්තේ 1989  ඔක්තෝබර් 2 හා 3 යන දින දෙකේ ඉන්දීය සාම සාධක හමුදාව විසින් සිදු කරන ලද වෙඩි තැබීම් වලිනි.
 
 
එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් ඉන්දීය සාම සාධක හමුදාවේ ඉහළ නිලධාරියකු ඇතුළු හය දෙනකු මිය යෑමෙන් පසු ගම් වැදුණු හමුදා භටයන් පළාත සිසාරා යමින් දරුවන්, කාන්තාවන් හා වැඩිහිටියන් නිවෙස්වලින් එලියට ඇද මරා දමා දේපල කොල්ලකා ගිනිබත් කර තිබේ.
 
 
අත දරුවා:
 
 
වැල්වැටිතුරෙයි පුරවැසි කමිටුව විසින් ලේඛනගත කොට ඇති පරිදි ඉන්දීය හමුදා විසින් වැල්වැටිතුරෙයි සමුහඝාතනයේදී මරා දමන ලද බාලම දරුවා දහඅට මසක් වයසැති ගනේෂලිංගම් ශෂී ය. හැත්තෑ හැවිරිදි ඒ ඉලයපෙරුමාල් සහ නඩරාජා නල්ලමුත්තු වියපත්ම දෙදෙනාය.
 
දිවි බේරාගත්තවුන් විසින් ලබා දී ඇති තොරතුරුවලින් දැක්වෙන්නේ ඉන්දීය හමුදාව සැලසුම් සහගතව නිරායුද සාමාන්‍ය වැසියන්ම ඉලක්ක කරගත් ආකාරයයි.
 
“ළමයි එක්ක ගෑනු පිරිමි දෙගොල්ලොම ගේ ඇතුලට වෙලා හිටියා,” යි දහඅටවැනි වියේ පසුවූ  රාජෙශ්වරන් පුෂ්පරාජා ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශයක දැක්වේ.
 
 
 
ඔවුන් රැකවල් පතා ගොස් සිටියේ විශ්‍රාමලත් මිනින්දෝරු අධිකාරිවරයකු වන සුබ්‍රමනියම්ගේ නිවසට බව ඝාතන මාලාවෙන් දින කීපයක් ඇවෑමෙන් යාපනයට ගිය ඉන්දීය මාධ්‍යවේදිනී රීටා සෙබස්තියන් ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පතට වාර්තා කර තිබුණි.
 
“අපි ඔක්කොම හිටියේ එක කාමරේක. හවස දෙකහමාරට විතර කවුදෝ ගෙදර දොරට ගැහුවා. ගේ ඇතුලට ආපු ඉන්දීය සාම සාධක හමුදාවේ භටයෝ සුබ්‍රමනියම් මහත්තයාට වෙඩි තියල ගෑනුන්ටයි, පිරිමින්ටයි වෙන වෙනම හිටගන්න කිව්වා. ඒගොල්ලෝ ඉස්සරවෙලාම පිරිමින්ට වෙඩි තියලා, ඊගාවට කාන්තාවන්ට වෙඩි තිබ්බා. මම බිම ඇදගෙන වැටිලා මලා වගේ ඉඳලා ආපහු නැගිට්ටේ හමුදාව ගියාමයි. මං දැක්කා මගේ අම්මයි, සහෝදරයයි මැරිලා. ඔක්කොම නම දෙනෙක්.”  
 
ඉන්දීය භටයන් පිටව ගිය පසු සිය සහෝදරියක් සහ සහෝදරයකු සොයා මඩන්තායි ගණදෙවි කෝවිලට ගිය පුෂ්පරාජාට ආපසු එන්නට ලැබී ඇත්තේ දින දෙකකට පසුය. ඒ ඉන්දීය හමුදාව විසින් ඉදිරි දින දෙකටම ඇඳිරි නීතිය පනවන ලද හෙයිනි.
 
“අපි ආපහු සුබ්‍රමනියම් මිනින්දෝරු මහත්තයාගේ ගෙදරට එනකොට නරක් වෙලා ගිය, ගඳ ගහන මළ සිරුරු නමයක් තිබුනා. ඒවා අඳුරගන්න බෑ. මම අම්මයි, සහෝදරයයි අඳුන ගත්තේ ඇඳගෙන හිටිය ඇඳුම් වලින්. හවස පහමාරට විත‍ර අහල පහල අයගේ උදව්වෙන් අපි ඒ දෙන්නගේ සිරුරු අනික් හත් දෙනාගේ මිනීත් එක්ක අල්ලපු ඉඩමේ වලක දාලා ආදාහනය කළා.”
 
 
මළ සිරුරට ඇඳිරි නීතිය:
 
 
ප්‍රදේශයේ වැඩිහිටියකු මාධ්‍යවේදිනී රීටා සෙබස්තියන් ට පවසා තිබුනේ ඉන්දීය හමුදාව විසින් අගෝස්තු 2 සිට 4 දක්වා ඇඳිරි නීතිය පනවන ලද්දේ මරා දමන ලද අයගේ අවසන් කටයුතු ආගමානුකුලව සිදු කරනු වලක්වා ලනු පිණිස බවයි.
 
වැල්වැටිතුරෙයි පුරවැසි කමිටු සභාපති සබාරත්නම් සෙල්වේන්ද්‍ර වරලත් ගණකාධිකාරී වරයෙකි. කොළඹ රැකියාව හැරදමා පලා එන්නට ඔහුට සිදුවී තිබුනේ 1983 කළු ජූලියෙන් පන බේරා ගැනීමටය. ඉන්දීය හමුදා ඉලක්කයට වැල්වැටිතුරෙයි ගොදුරු වූයේ එය එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් ගම වූ නිසා බව ඔහුගේ පිළිගැනීමයි.
 
 
මිනී මැරීමෙන් නොනැවතුණු ඉන්දීය භටයන් ගෙවල් 123 ක්, කඩ සාප්පු 45 ක් හා ධීවර යාත්‍රා 176 ක් ගිනිබත් කර තිබේ.
 
 
බොහෝ දුක් මහන්සියෙන් මේ ජන හා දේපල සංහාරය ලේඛණගත කරන්නට වෙහෙසුණු පුරවැසි කමිටු ලේකම් වරයා මරණයෙන් ගැලවුනත් වදහිංසාවෙන් බේරී ගන්නට අසමත් විය.
 
පළාතේ පාසලේ මුල්ගුරුවරයාද වූ කමිටුවේ ලේකම් හමුවන විට ඔහු බැට කෑ තුවාල තවමත් මුහුණේ ඉතිරිව තිබූ බව මාධ්‍යවේදී ඩේවිඩ් හවුස්ගෝ 1989 අගෝස්තු 17 දා ලන්ඩන් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට සැපයූ වාර්තාවක ලියා තිබේ. යාපනයේ උඩුප්පිඩි ඉන්දීය හමුදා කඳවුරේදී විඳි ගැහැට පුරවැසි කමිටු ලේකම් නඩරාජා ආනන්දරාජ් විස්තර කර ඇත.
 
“එක හමුදා භටයෙක් මගේ ඔලුව බිත්තියේ ඇන්නා. තව එක්කෙනෙක් ගිරිය හරහා පොල්ලක් තියලා මගේ හුස්ම හිර වෙනකල් ඒක උඩ නැගලා හිටියා. මට එතකොට ඇහුනා ‘ඕකව මරපන්, ඕකව මරපන්” කියලා කෙනෙක් කෑගහනවා. උඩ හිටිය එකාවත් පෙරලගෙන පොල්ල තල්ලු කරනකොට මම සිහි නැති වෙන්න ඔන්න මෙන්න කියලා හිටියේ.”
 
 
“වැරදීමක්-කණගාටුයි”
 
 
පසුදා ඔහු හමුවූ ඉන්දීය හමුදා සෙන්පතියන් පිරිසක් ‘වැරදීමක්’ සිදුවූ බව ඔහුට පැවසීමෙන්ම තහවුරු වන්නේ මේ ඝාතන, වධබන්ධන සහ විනාශකාරී ක්‍රියා සැලසුම් සහගතව සිදුවූ බවයි.
 
“ඊළඟ දවසේ වඩමාරච්චි ආඥාපති නිලධාරී බ්‍රිගේඩියර් ශංකර් ප්‍රසාද්, නියෝජ්‍ය අණදෙන නිලධාරී කර්නල් ඖජ්ලා සහ උඩුප්පිඩි අණදෙන නිලධාරී කර්නල් ෂර්මා මාව හම්බ වෙන්න ඇවිල්ලා කණගාටුව ප්‍රකාශ කළා. මට නරක විදියට සැලකුවේ වැරදීමකින් කියලයි බ්‍රිගේඩියර් මට කිව්වේ.”
 
තොරතුරු ලබාදුන් ප්‍රදේශවාසියකු මාධ්‍යවේදී ඩේවිඩ් හවුස්ගෝට පවසා ඇත්තේ “මම පේදුරු තුඩුව ගිනි තියනවා, හැම එකාම මරා දානවා” යැයි   එක් ඉහල නිලධාරියකු පැවසූ බවයි.
 
220px My Lai massacre  
Mỹ Lai massacre : ඇමරිකානු හමුදා විසින් දකුණු දිග වියට්නාමයේදී පන්සියයකට අධික නිරායුද වැසියන් 1968 මාර්තු 16 දා මරා දැමීමයි
 
 
පසු කලෙක ඉන්දීය ආරක්ෂක අමාත්‍ය පදවියට පත්වූ ජෝර්ජ් ෆර්නැන්ඩස් වැල්වැටිතුරෙයි සමූහ ඝාතනය හඳුන්වා තිබුනේ “ඉන්දියාවේ මයි ලායි” ලෙසිනි.
 
මයි ලායි සමුහඝාතනය යනුවෙන් කුප්‍රකටව ඇත්තේ ඇමරිකානු හමුදා විසින් දකුණු දිග වියට්නාමයේදී පන්සියයකට අධික නිරායුද වැසියන් 1968 මාර්තු 16 දා මරා දැමීමයි.
 
සොල්දාදුවන් 26 දෙනකුට එරෙහිව චෝදනා නැගුනද අවසානයේදී වරදකරු බවට පත් වූයේ විලියම් කැලේ නම් එක ලුතිනන් වරයකු පමණි.
 
 
වැල්වැටිතුරේ ලාංකිකයන් සමූහයක් විදේශ හමුදාවක් විසින්  ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ කළ පරීක්ෂණයකුත් නැත, හානියට පත්වූවන්ට දෙනලද වන්දියකුත් නැත.
 
 
ඉන්දීය හමුදා විසින් සාමාන්‍ය වැසියන් ඉලක්ක කොට ඊට ආසන්න මාසයක පමණ කාලය තුල සිදුකරන ලද එකම අපරාධය ඒ නොවේ. ඊට පෙර ජූලි 26 දාද ඊට පසු අගෝස්තු 21 දාද තවත්  සමූහ ඝාතන දෙකක් කළ බව ලේඛනගත වී ඇත.
 

 
THE LEADER TV 
 
ගම්මන්පිල හා සාගරගෙන් සුපිරි පාටියක් ! 
 
 
කොතලාවල පණතින් ආණ්ඩුව පුපුරයිද ?
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...