BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
පුවත්

60ට වැඩි පුද්ගලයින්ගේ එන්නත්කරණ වැඩසටහන අද සිට

T

The Leader Desk

August 11, 2021 • 6:01 AM

60ට වැඩි පුද්ගලයින්ගේ එන්නත්කරණ වැඩසටහන අද සිට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි, මෙතෙක් කොවිඩ් මර්දන එන්නත නොගත් පුද්ගලයින් සඳහා සැලසුම් කළ විශේෂ එන්නත්කරණ වැඩසටහන අද
  •   නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා සිටියේ , මෙතෙක් කොව්ඩ් මර්දන එන්නත ලබා නොගත් අවුරුදු 60ට වැඩි පුද්ගලයින්‌ගේ තොරතුරු කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් මේ වනවිටත් රැස් කරගෙන ඇති බවයි.
  •   ඒ අනුව, අදාළ පුද්ගලයින්‌ට එන්නත ලබා ගත යුතු දිනය, වේලාව හා ස්ථානය කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙනු ඇති .
  •     Sputnik V එන්තන් මාත්‍රා 15,000 ක් දිවයිනට       මේ අතර ශ්‍රී ලංකාව විසින් මිලදී ගත්, රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V (Sputnik V) එන්නත් මාත්‍රා තොගයක් අද (11) අලුයම දිවයිනට රැගෙන විත් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

(11) සිට ආරම්භ වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

 
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා සිටියේ , මෙතෙක් කොව්ඩ් මර්දන එන්නත ලබා නොගත් අවුරුදු 60ට වැඩි පුද්ගලයින්‌ගේ තොරතුරු කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් මේ වනවිටත් රැස් කරගෙන ඇති බවයි.
 
ඒ අනුව, අදාළ පුද්ගලයින්‌ට එන්නත ලබා ගත යුතු දිනය, වේලාව හා ස්ථානය කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙනු ඇති .
 
එම විශේෂ එන්නත්කරණ වැඩසටහන සිදු වන ස්ථාන මෙසේය..
 
?කොළඹ දිස්ත්‍රික්කය – නාරාහේන්පිට යුධ හමුදා රෝහල
අගෝස්තු 11,12,13
 
?ගම්පහ දිස්ත්‍රික්කය – ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල
අගෝස්තු 12,13 ,14
 
? කළුතර දිස්ත්‍රික්කය – කළුතර මහ රෝහල
අගෝස්තු 12,
 
 
එම මධ්‍යස්ථානය පවසන්නේ, මෙතෙක් එන්නත් නොගත් පුද්ගලයින්ට තම තොරතුරු 1906 දුරකථන අංකයෙන් දැනුම් දිය හැකි බවයි.
 
 
Sputnik V එන්තන් මාත්‍රා 15,000 ක් දිවයිනට
 
8bd7284f 26b748fe sputnik vaccine sri lanka 1 850x460 acf cropped 
 
මේ අතර ශ්‍රී ලංකාව විසින් මිලදී ගත්, රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V (Sputnik V) එන්නත් මාත්‍රා තොගයක් අද (11) අලුයම දිවයිනට රැගෙන විත් තිබේ.
 
අනතුරුව එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මඟින් මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන එනු ලැබීය.
 
මේ අතර අදත් ස්ථාන රැසක කොරෝනා මර්දන එන්නත්කරණය සිදු කෙරේ.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ , කොළඹ නගරයේ මෙතෙක් කිසිදු කොරෝනා මර්දන එන්නතක් ලබා නොගත් අවුරුදු 30 වැඩි පුද්ගලයින් එන්නත්කරණය කොළඹ සුගතදාස ක්‍රිඩාංගණයේදී සිදු කෙරෙන බවයි.
 
මේ අතර කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ යුද හමුදාව විසින් පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයේදී අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා සයිනෝෆාම් පළමු හා දෙවන මාත්‍රාව ලබාදීම මෙන්ම ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබාදීම අදත් සිදු කෙරෙනු ඇත.
 
බත්තරමුල්ල දියත උද්‍යානයේද එන්නත්කරණ මධ්‍යස්ථානයක් ක්‍රියාත්මකයි.
 
මෙතෙක් කිසිදු එන්නතක් ලබා නොගත් අවුරුදු 30 වැඩි පුද්ගලයින් ද ළඟම ඇති එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් එන්නත්කරණය සිදුකර ගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
 

 
THE LEADER TV 
 
උදයංග බෙරගසා මරණය වඩම්වයි ! 
 
 
නාමල්-නිමාලි ඔලිම්පික් හුටපටය! ඇත්ත කතාව තිත්ත රහට! 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

60ට වැඩි පුද්ගලයින්ගේ එන්නත්කරණ වැඩසටහන අද සිට | The Leader