BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

ගෝඨාභයගේ පොරොන්දු කුණු බක්කියට: වියත්මග මන්ත්‍රීන්ටත් රැකියා 600 ක කෝටාවක්!

T

The Leader Desk

October 18, 2020 • 9:17 AM

ගෝඨාභයගේ පොරොන්දු කුණු බක්කියට: වියත්මග මන්ත්‍රීන්ටත් රැකියා 600 ක කෝටාවක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා වියත්මග ප්‍රධානින් මැතිවරණ සමයේ දුන් පොරොන්දුවකට පිටුපාමින්
  • රජයේ ආයතනවල පහල ශ්‍රේණි සඳහා කිසිදු දේශපාලන බලපෑමකින් තොරව අඩු ආදායම්ලාභී, ආබාධිත දෙමව්පියන් සිටින පවුල්වලට රැකියා ලක්ෂයක් ලබාදෙන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ සමයේත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් කියා සිටියේය.
  • ඒ අනුව, මහ මැතිවරණයට පෙරම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාම සේවා කොට්ඨාශ මට්ටමින් රැකියා ලක්ෂයක් සඳහා දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාශයකින් සුදුසුකම් ඇති වයස 40 ට අඩු තරුන තරුනියන්ගෙන්  අයදුම්පත් ලබාගෙන ජනාධිපති කාර්යාලයට යොමු කරනු ලැබීය.
  • ජනාධිපතිගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම වැඩසටහනේ පරමාර්ථය බව ජනාධිපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා හිතවතුන්ට රජයේ රැකියා දහස් ගණනක් කෝටා ක්‍රමයට බෙදා දීමට ආණ්ඩුව මේවනවිට කටයුතු කරමින් සිටියි.

රජයේ ආයතනවල පහල ශ්‍රේණි සඳහා කිසිදු දේශපාලන බලපෑමකින් තොරව අඩු ආදායම්ලාභී, ආබාධිත දෙමව්පියන් සිටින පවුල්වලට රැකියා ලක්ෂයක් ලබාදෙන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ සමයේත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් කියා සිටියේය.

ඒ අනුව, මහ මැතිවරණයට පෙරම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාම සේවා කොට්ඨාශ මට්ටමින් රැකියා ලක්ෂයක් සඳහා දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාශයකින් සුදුසුකම් ඇති වයස 40 ට අඩු තරුන තරුනියන්ගෙන්  අයදුම්පත් ලබාගෙන ජනාධිපති කාර්යාලයට යොමු කරනු ලැබීය.

එම ප්‍රචාරක මෙහෙයුම පක්ෂ භේදයකින් තොරව 'පොහොට්ටුවේ' ඡන්ද ප්‍රමාණය ඉහල නැවීමට ද හේතුවක් විය.

PMD JOB

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය වසරේ නොවැම්බර් මස ධූරයට පත්වී සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් 50,000ක් සහ අඩු ආදායම්ලාභීන් 100,000ක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කෙරිණ.

උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා සුදුස්සන් තෝරා ගැනීම පෙබරවාරි මස මුල් සතියේ ආරම්භ කරනු ලැබීය.  

අඩු ආදායම්ලාභී ලක්ෂයක් දෙනා සේවා නියුක්ත කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් ස්ථාපනය කෙරිණ.

ජනාධිපතිගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම වැඩසටහනේ පරමාර්ථය බව ජනාධිපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර තිබිණ.

Ada Job

 

මැතිවරණ කොමිසමේ තහංචිය  හා මන්ත්‍රීවරුන්ගේ බලපෑම් :

2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහන අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නියම කළේය.

එබැවින් වැඩසටහන අත්හිටුවන ලදී.

අගෝස්තු 05 මහ මැතිවරණය අවසන් වූ විගස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 08 වැනි පරිච්ඡේදයේ විධිවිධාන ප්‍රකාර විධායකය ස්ථාපනය කිරීමට ජනාධිපති විසින් පියවර ගනු ලැබිය.

කෙසේවුවද, මහ මැතිවරණයෙන් පසු පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී, එනම් පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් 144 ක් සහභාගි වූ රැස්වීමේදී බොහෝ මන්ත්‍රීවරු කියා සිටියේ මෙම රැකියා ලක්ෂයේ ව්‍යාපෘතියට වැඩියෙන් තෝරාගෙන ඇත්තේ එක්සත් ජාතික පාක්ෂිකයන්ව බවයි.

ග්‍රාමසේවා නිලධාරීන් මෙහිදී විපක්ෂයට පක්ෂපාත වී පොදු ජන පෙරමුනට උදව්කල පාක්ෂිකයන් කපා හැර ඇති බවයි.

ඒ අනුව මේ රැකියා ලක්ෂය එක් මන්ත්‍රීවරයෙකුට 600 ක් බැගින් (වියත්මග මන්ත්‍රී සහ මන්ත්‍රීවරියන්ද ඇතුලුව) ලබා දීමට මහින්ද රාජපක්ෂ අගමැතිවරයා එකඟ විය.

 

බැසිල්ගෙන් බාල්දියක් !

මේ අතර පසුගියදා 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මෙම රැකියා බෙදාදීමේ වැඩසටහනට විරෝධය පළකරමින් පවසා ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොව තම පක්ෂ ජාලයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ 2018 ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන් ද මැතිවරණ ජයග්‍රහණයට සුවිශාල දායකත්වයක් ලබ්දුන් බැවින් ඔවුන්ට කෝටාවක් ලබා දිය යුතු බවයි.

ඒ අනුව බැසිල් රාජපක්ෂගේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟ වි තිබේ.

එනම් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට 600 ක්, පළාත් සභා මන්ත්‍රීන්ට 50 ක් ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ට 25 ක් ද වශයෙනි.

ඒ සඳහා කඩිනමින් අයදුම්පත් සකස් කර මන්ත්‍රීවරුන්ටත්, පළාත් සභා මන්ත්‍රීවරුන්ටත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් මේවනවිට ලබා දී ඇත.

 

එක රටක් එක නීතියක් !!!

එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දස අතේ සහතික වුවද කටයුතු සිදුවන්නේ පෙර පරිදිම කෝටා ක්‍රමයට බව මෙම සිද්ධියෙන් ද තහවුරු වේ.

පවතින ක්‍රමයට විරුද්ධව පක්ෂපාතීත්වයෙන් තොරව සැමට සාධාරණය ඉටු කළ යුතු යැයි වගාඩම්බර දෙසූ වියත්මග මන්ත්‍රීවරු 09 දෙනාත් අයදුම්පත් රැගෙන ගොස් තිබේ.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබෙන 8400 කෝටාව මුළු රටටම බෙදනවාද? නැතිනම් තම තමන්ගේ ආසනවලට බෙදනවාද යන්නත්, වියත්මග කෝටාව බෙදන්නේ කෙසේද යන්නත් දේශපාලන ක්‍රියාකාරීන් බලාගෙන සිටී.

වියත්මග ප්‍රධානියකු වන රියද් අද්මිරාල් වීරසේකර රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ දිස්ත්‍රික්කයේ තමන්ගේ මනාප සටන කොට්ඨාශ මට්ටමින් මෙහෙයවූ පුද්ගලයින්ට දැනටමත් අයදුම් පත් 05 බැගින් බෙදා දී ඇත.

Job Form

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...