BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඔක්තෝබර 7 ප්‍රහාරයට ආ ත්‍රස්තයින් අතර සිටි ජාත්‍යන්තර ස්වේච්ඡා සංවිධාන සේවකයකු ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මරුට

T

The Leader Desk

December 1, 2024 • 8:01 AM

ඔක්තෝබර 7 ප්‍රහාරයට ආ ත්‍රස්තයින් අතර සිටි ජාත්‍යන්තර ස්වේච්ඡා සංවිධාන සේවකයකු ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ මෝටර් රථයක් ඉලක්ක කර ඊයේ (30) එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ, 'ලෝක මධ්‍යම මුළුතැන්ගෙය' (World Central Kitchen) ජාත්‍යන්තර ස්වේච්ඡා සංවිධානයේ සේවකයින් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
  •   තම සේවකයකු එවැනි ත්‍රස්ත ප්‍රහාරයකට සම්බන්ධ බව මෙතෙක් දැන නොසිටි බව, එම සංවිධානය කියා සිටී.
  • එය 'අත්වැරදීමක්' යැයි ඊශ්‍රායල හමුදා පසුව ප්‍රකාශ කළහ.
  • එම සිදුවීම ජාත්‍යන්තරයේද, ඉමහත් ආන්දෝලනයට ලක් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගාසා යුද්ධයට මුල්වූ පසුගිය වසරේ ඔක්තෝබර 7 දා, ඊශ්‍රායලයේ සිදු කළ හමාස් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ එම ස්වේච්ඡා සංවිධානයේ සේවකයකු ඉලක්ක කොට ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල හමුදා පවසති.  


තම සේවකයකු එවැනි ත්‍රස්ත ප්‍රහාරයකට සම්බන්ධ බව මෙතෙක් දැන නොසිටි බව, එම සංවිධානය කියා සිටී.
 
qq i
 
ප්‍රහාරයත්  සමග ගාසා තීරයේ, එහි මෙහෙයුම් තාවකාලිකව නතර කර තිබේ. මෙම වසර ආරම්භයේදී ද, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ එහි සේවකයින් සත් දෙනකු ඝාතනය වීමත් සමග, එම සවිධානය ගාසා තීරයේ සිය මෙහෙයුම් මුල් වරට අත්හිටුවීය. ලෝක මධ්‍යම මුළුතැන්ගෙය (World Central Kitchen) යනු සූප වේදී හොසේ අන්ද්‍රෙස් (José Andrés) විසින් සා ගිනි නිවීම පිණිස ආරම්භ කරන ලද පුණ්‍ය සංවිධානයකි. එය ගාසා තීරයේ අවතැන් වූ පිරිස් වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයේ නිරත වේ.
ඊයේ, සිය  ප්‍රහාර හමුවේ  ජීවිතක්ෂයට පත්, 2023 ඔක්තොර්බර් 7 දා කිබුට්ස් ප්‍රහාරයට සම්බන්ධ එම හමාස් ත්‍රස්තවාදියා, 'ලෝක මධ්‍යම මුළුතැන්ගෙය' ජාත්‍යන්තර ස්වේච්ඡා සංවිධානයට බඳවා ගත්තේ කෙසේදැයි, වහා හෙළි කරන ලෙස ඊශ්‍රායල හමුදා විසින් එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨයින් වෙත දන්වා තිබේ. 

එහේද් අසමි ඛ්දේ (Ahed Azmi Qdeih) නම් එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයෝ ඊශ්‍රායලයේ චෝදනා ප්‍රතික්ෂේප කරති.
 


ඊශ්‍රායල ප්‍රහාරයත් සමග, මිලියන 2.3කට අධික ජනගහනයක් අවතැන්ව සිටින සහ දැඩි සාගතයෙන් පෙලෙන ගාසා තීරයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු යළිත් වරක් අර්බුදයකට පත්ව ඇත. 

ඊයේ මියගිය පුද්ගලයා එම ස්වේච්ඡා සංවිධානයේ ගාසා තීරයේ මුළුතැන්ගෙවල් සහ ආහාර ගබඩා අතර භාණ්ඩ ප්‍රවාහනයේ යෙදුණු එහි මෝටර් රථ රියදුරකු ලස සේවය කළ අයෙකි.
 
මෙම වසරේ අප්‍රේල් මස එම ස්වේච්ඡා සංවිධානයේ සේවකයින් ඉලක්ක කර ගාසා තීරයේදී එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් එහි සේවය කළ බ්‍රිතාන්‍ය ජාතිකයින් තිදෙනකු, පෝලන්ත සහ ඔස්ට්‍රේලියානු ජාතිකයින් දෙදනකු, කැනේඩියානු ඇමෙරිකානු ද්විත්ව පුරවැසියකු සහ පලස්තීන ජාතිකයකු ඇතුළු සත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එය 'අත්වැරදීමක්' යැයි ඊශ්‍රායල හමුදා පසුව ප්‍රකාශ කළහ. එම සිදුවීම ජාත්‍යන්තරයේද, ඉමහත් ආන්දෝලනයට ලක් විය. ඊශ්‍රායල ප්‍රහාරයක් අතරතුර පසුගිය අගෝස්තුවේ ද, එහි සේවය කළ පලස්තීනුවකු මරණයට පත් විය.
 
ගාසා තීරයේ ඛාන් යුනිස් හි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වෙත ඊයේ එල්ල කෙරුණු තවත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 13 දෙනකු ජීවිතක්ෂයට පත් විය. ඔවුන්ගේ මළ සිරුරු එහි නසේර් රෝහල වෙත රැගෙන ගොස් තිබේ. 

මුස්ලිම් දේවස්ථානයක සිට පැමිණෙමින් සිටියදී ඊශ්‍රායල ප්‍රහාරයකින් සිය සේවකයකු ඝාතනය වූ බව 'සේව් ද චිල්ඩ්රන්' (Save the Children) ජාත්‍යන්තර ස්වේච්ඡා සංවිධානයද නිවේදනය  කළේය.
 
People check a car hit by an Israeli strike in Khan Yunis in the southern Gaza Strip on November 30, 2024, in which five people were reported killed, including three World Central Kitchen (WCK) workers, according to a report by the civil defence in the Palestinian territory. The Israeli army said in a statement that it had carried out a strike on "a vehicle transporting a terrorist who participated in the October 7 massacres", adding that "the assertion that the terrorist was travelling among workers of the WCK is under investigation.” (Photo by BASHAR TALEB / AFP)
බෙයිට් ලහියා හි කාමල් අද්වාන් රෝහල අවට ප්‍රදේශයක් ද, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට ලක්විය. එහි ගොඩනැගිලි තුළ සිටි සිය ගණනකට වැඩි පිරිසක් ප්‍රහාරයෙන් විනාශයට පත් එම ගොඩනැගිලි සුන්බුන්වලට යටවී හෝ මියගොස් ඇතැයි, එම රෝහල් අධ්‍යක්ෂ පැවසීය. පවතින ඊශ්‍රායල ප්‍රහාර සහ භූමි ආක්‍රමණ හේතුවෙන්  ප්‍රදේශය වෙත ලඟා වීමට කිසිසේත් හැකියාවක් නැතැයි, ඔහු කියා සිටී.
 
ඊයේ හමාස් සංවිධානය විසින් සිය භාරයේ සිටින, ඊශ්‍රායල-ඇමරිකානු ජාතිකයකුවන ඊඩ්න් ඇලෙක්සැන්ඩර් (Edan Alexander) නම් ප්‍රාණ ඇපකරුවකු සම්බන්ධ වීඩියෝවක් මුදා හැරිණි. තමා මේවන විට දින 420ක් හමාස් සංවිධානය භාරයේ පසුවන බවත්, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර රැගෙන එන්නකුට ඩොලර්  මිලියන 5 ක ත්‍යාගයක් පිරිනමන බව පවසා, හමුදා ආරක්ෂාව පමණක් අපේක්ෂා කරමින්, ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත හුදෙකලා කර ඇති බවත්, ඇලෙක්සැන්ඩර් විසින් ප්‍රකාශ කරන ආකාරය දැක්වෙන එම වීඩියෝවේ අන්තර්ගතය බලහත්කාරයෙන් ලබා ගන්නා ලද ප්‍රකාශයක් බවට සැක කෙරේ.
d59059b8 8f99 4456 bff4 8e2be2e38263 e3096b0f 
එම වීඩියෝව මුදා හැරීමෙන් පසු, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් ඇලෙක්සැන්ඩර් ගේ පවුලේ සාමාජිකයින් අමතා ප්‍රාණ ඇපකරුවන් ඉක්මනින් මුදා ගන්නා බව ප්‍රකාශ කර තිබේ. 

ප්‍රාණ ඇපකරුවකු ලවා බලහත්කාරයෙන් එවැනි ප්‍රකාශයක් සිදු කිරීම හමාස් සංවිධානයේ ත්‍රස්තවාදී ලක්ෂණ ජාත්‍යන්තරය වෙත තව දුරටත් ඉස්මතු කර පෙන්වන බව එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලය පවසයි. 

හමාස් ත්‍රස්ත සංවිධානය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නේ නම්, හෙට වුව,  යුද්ධය නතර කිරීමේ හැකියාව පවතින බවත්, ඉන් ගාසා තීරයේ මිලියන ගණනක ජනතාවට සිදුව ඇති පීඩාව සැණින් නවතාලිය හැකි බවත් ආරක්ෂක කවුන්සිල නිවේදනයේ  දැක්වේ. 

(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි)
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...