BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
පුවත්

පොහොට්ටු මැර කල්ලිය ඇවිළූ ගින්නෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු 7ක් මරුට

T

The Leader Desk

May 10, 2022 • 5:16 AM

පොහොට්ටු මැර කල්ලිය ඇවිළූ ගින්නෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු 7ක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අරලිය ගහ මන්දිරය අසල විරෝධතාව අතරතුර තුවාල ලැබූ පොලිස් නිලධාරීයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
  • එමෙන් ම, ගාලු මුවදොර පිටියේ ගැටුම අතරතුර තුවාල ලැබූ පුද්ගලයෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇත.
  • මේ අතර, නිට්ටඹුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගොස් ඇති බව නිට්ටඹුව පොලිසිය පැවසීය.
  • පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල, ඔහුගේ ආරක්ෂක නිලධාරීයා සහ වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 27 හැවිරිදි තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):



එම පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මිය ගිය බව එහි ප්‍රකෂකයෙකු සඳහන් කළේ ය.

එමෙන් ම, ගාලු මුවදොර පිටියේ ගැටුම අතරතුර තුවාල ලැබූ පුද්ගලයෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇත.

මේ අතර, නිට්ටඹුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගොස් ඇති බව නිට්ටඹුව පොලිසිය පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල, ඔහුගේ ආරක්ෂක නිලධාරීයා සහ වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 27 හැවිරිදි තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් වී තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් 5 දෙනෙකු මේ වන විට වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මේ අතර, වීරකැටිය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවෙස් පරිශ්‍රයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමක් අතරතුර පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වී තව ත් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

කොළඹ, ගාලු මුවදොර පිටියේ පිහිටුවා ඇති ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ ඊයේ (මැයි 9) දහවල් ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් තුවාල ලැබූ 200කට අධික පිරිසක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර මෙම පිරිස අතර ආරක්‍ෂක අංශ සාමාජිකයන් ද සිටින බව වාර්තා වේ.

ඊට අමතරව කළුබෝවිල රෝහලට තුවාලකරුවන් 23 දෙනෙකු ඇතුළත් කර ඇති බව එම රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.


(mawbima.lk)

Galle Face Injuries

1652085629 Many hospitalized in attack on GotaGoHome protest site L
 
lskj
image eeeef4ac8e
 124647371 crowds gettyimages 1240557668
7a12b8c2 899d 498e bf77 ebf518cbad4d
 
 


Leader Whats app

 

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...