BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

ඇමෙරිකානු ජනපතිවරණ ප්‍රතිඵල හමුවේ, ඇමෙරිකානු ඩොලරය ඉරාන රියාල් 700,000 යි

T

The Leader Desk

November 6, 2024 • 5:55 PM

ඇමෙරිකානු ජනපතිවරණ ප්‍රතිඵල හමුවේ, ඇමෙරිකානු ඩොලරය ඉරාන රියාල් 700,000 යි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකානු ජනපතිවරණයෙන් ඉරාන ජන ජීවිතයට කිසිදු බලපෑමක් නොවන බව එරට රාජ්‍ය ප්‍රකාශක ෆටෙමේ මොහජෙරනි
  • ඊයේ පැවති, එක්සත් ජනපද ජනපතිවරණ ජය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තහවුරු කර ගනිමින් ඇති බවට වාර්තා පළවීමත් සමග ඉරානය එම නිවේදනය නිකුත් කළේය.
  • අප සතුව ඇත්තේ ස්ථාවර ප්‍රතිපත්ති මිස, යන එන චරිත  මත රැඳෙන තාවකාලික ප්‍රතිපත්ති නොවේ.
  • ඒ නිසා, ඔය ජනපතිවරණය මත ඉරානයේ ජන ජීවිතය වෙනස් වන්නේ නෑ,"  යි, මොහජෙරනි විසින් එරට අර්ධ - රාජ්‍ය හිමිකාරිත්වයෙන් යුත් ටස්නිම් ( Tasnim) පුවත් ඒජන්සියට ප්‍රකාශ කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

(Fatemeh Mohajerani) පවසයි.

ඊයේ පැවති, එක්සත් ජනපද ජනපතිවරණ ජය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තහවුරු කර ගනිමින් ඇති බවට වාර්තා පළවීමත් සමග ඉරානය එම නිවේදනය නිකුත් කළේය.

ධුරයේ දිවුරුම් දීමෙන් පසු, ට්‍රම්ප් විසින් ඉරානය වෙත දැඩි සම්බාධක පැනවීමේ සූදානමක් පවතින බවත්, ඉරාන න්‍යෂ්ටික මර්මස්ථාන වෙත පහර දීමට  සහ ඉරානය තුළ ඝාතන සිදු කිරීම පිණිස, ඊශ්‍රායලය තවදුරටත් බල ගන්වනු ඇති බවත්, අරාබි සහ බටහිර රාජ්‍ය බලධාරීන් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසයි.  

"එක්සත් ජනපද ජනපතිවරණය ගැන අපට කොහෙත්ම වැඩක් නෑ. අප සතුව ඇත්තේ ස්ථාවර ප්‍රතිපත්ති මිස, යන එන චරිත  මත රැඳෙන තාවකාලික ප්‍රතිපත්ති නොවේ. අනතුර දුර තියා දැක, ඊට අවශ්‍ය නිසි පියවර අප විසින් කල් තියා ගෙන තිබෙනවා. ඒ නිසා, ඔය ජනපතිවරණය මත ඉරානයේ ජන ජීවිතය වෙනස් වන්නේ නෑ,"  යි, මොහජෙරනි විසින් එරට අර්ධ - රාජ්‍ය හිමිකාරිත්වයෙන් යුත් ටස්නිම් ( Tasnim) පුවත් ඒජන්සියට ප්‍රකාශ කර තිබේ.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිලිබඳ, ඉරාන විප්ලවීය හමුදාවද සැලකිය යුතු කිසිත් ප්‍රකාශ කර නැති මුත්, ටෙහෙරානය සහ මිත්‍ර සන්නද්ධ කණ්ඩායම්, ඕනෑම මොහොතක ඊශ්‍රායලය වෙත පහර දීමට සූදානමින් පසුවන බව දන්වා ඇත.

"අපව යටත් කිරීමේ ශක්තිය ඔවුන් සතුව නොමැති බව දැනගත යුතුයි. ඒ වගේම, ඔවුන් අපේ ප්‍රතිචාරය අපේක්ෂාවෙන් ද රැඳී සිටිය යුතුයි. ඒ වෙනුවෙන්, අප අවි ගබඩා සතුව, ඕනෑවටත් වඩා අවි ආයුධ තිබෙනවා. අපේ සොල්දාදුවන් සිව් දෙනකු දිවි දුන්, ඔක්තෝබර 25 ඊශ්‍රායල ප්‍රහාර වලට, ඉරානය ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට අපේක්ෂා කරනවා.  ඔව්,  අපි එහෙම කරනවා," යි, ඉරාන විප්ලවීය බලකා නියෝජ්‍ය ප්‍රධානී, අලි ෆදාවී (Ali Fadavi) අද පැවසීය.

ඊට පෙර ඇමෙරිකා - ඊශ්‍රායල හවුල ඉරානය වෙත යළි  පහර දිය හැකි බවට  සැකයද එරට තුළ පවතී.

මීට පෙර, සිය ප්‍රථම ධුර කාලය තුළ, ට්‍රම්ප්, ඉරානය වෙත දැඩි ආර්ථික සම්බාධක පනවමින්, ඉරානය සහ ලෝක බලවතුන් අතර ඇති කරගත්, ආර්ථික ප්‍රතිලාභ හුවමාරුව පිණිස වූ, 2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් ද ඉවත් විය.

2018, එක්සත් ජනපද සම්බාධක මගින් ඉරාන තෙල් වෙළඳපොල ට එල්ල කළ බලපෑමෙන් එරට රාජ්‍ය ආදායම මුළුමනින්ම ක්ෂය මට්ටම තෙක් අද වැටිණි. ඉරාන රජය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වූ අතර, ඉහළ බදු මුදල් අය කිරීමට සිදු විය. ඒ හේතුවෙන් අය වැය පරතරය ද වර්ධනය විය. උද්ධමනය 40% තෙක් ඉහළ ගියේය.

ඇමෙරිකානු ජනපතිවරණ ප්‍රතිඵල අබියස ඉරානයේ මූල්‍ය අර්බුදය දැන් තවදුරටත් අවදානම් අඩියකට වැටෙමින් පවතී. අන් කවරදාවත් නොවූ පරිදි, විවෘත වෙළඳපොළ, ඇමෙරිකානු ඩොලරයක අද වටිනාකකම ඉරාන රියාල් 700,000 තෙක් ඉහළ ගොස් තිබේ.

(Reuters  ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...