BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

ආණ්ඩුවේ පක්ෂ 8ක් අභයාරාමයට කැඳවයි : ජනාධිපති ගැන තීන්දුවක් ගනී ?

T

The Leader Desk

February 25, 2021 • 5:59 AM

ආණ්ඩුවේ පක්ෂ 8ක් අභයාරාමයට කැඳවයි : ජනාධිපති ගැන තීන්දුවක් ගනී ?  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දේශපාලනික වශයෙන් බලසම්පන්න කළ යුතු බව ආණ්ඩුවට පක්ෂපාති මහ සංඝරත්නය පවසති.
  •   "මුරුත්තෙට්ටුවේ ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් පක්ෂ 8ක නායකයින් අභයාරාමයට පැමිණියා.
  • වර්තමාන ආණ්ඩුවට ඇති අභියෝග ගැන තමයි සාකච්ඡා කළේ.
  • ඒවා අභ්‍යන්තර කාරණා විදිහට තියේවි." යනුවෙන් ද ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):
උන්වහන්සේලා එබව අවධාරණය කර සිටියේ අමාත්‍ය විමල් විරවංශ ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් කිහිප දෙනෙකු නාරාහේන්පිට අභයාරාමයට කැඳවමිනි.
 
එම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක්වූ උදය ගම්මන්පිල අමාත්‍යවරයා පැවසුයේ, යම් බාහිර පාර්ශ්වයන් විසින් ආණ්ඩුවේ අභ්‍යන්තරයට අභියෝග එල්ල කරඇති බවට දේශපාලන විචාරකයින් කරුණූ අනාවරණය කරඇති බවයි. 
 
ඔහු පවසන්නේ එම අභියෝගවලට මුහුණ දෙමින් ශක්තිමත්ව ආණ්ඩුව කරගෙන යෑමට ජනාධිපතිවරයාට සහාය ලබාදිය යුතු බවය.
 
"මුරුත්තෙට්ටුවේ ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් පක්ෂ 8ක නායකයින් අභයාරාමයට පැමිණියා. එම අවස්ථාවට තවත් නායක ස්වාමීන් වහන්සේලා පිරිසක් වැඩම කරලා සිටියා. වර්තමාන ආණ්ඩුවට ඇති අභියෝග ගැන තමයි සාකච්ඡා කළේ. විවෘත සංවාදයක් ඇති වුණා. ඉදිරි ක්‍රියාමාර්ග ගැනත් සාකච්ඡා කළා. ඒවා අභ්‍යන්තර කාරණා විදිහට තියේවි." යනුවෙන් ද ඔහු පැවසීය.
 
රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාගේ ශක්තිය දේශපාලන වශයෙන් බලසම්පන්න කිරීමේ වැදගත්කම භික්ෂූන්වහන්සේ පෙන්වා දුන් බව එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා එහිදී පැවසීය.
 
පැවැති සාකච්ඡාවෙන් පසු වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේය.
 
"මුරුත්තෙට්ටුවේ නායක ස්වාමීන් වහන්සේ මට පණිවුඩයක් දුන්නා අද හැන්දෑවේ පන්සල පැත්තෙ ඇවිත් යන්න කියලා. මං ඇහුවේ නෑ මොකද කියලා. ආවට පස්සේ උන්වහන්සේ ආණ්ඩු කටයුතු කරගෙන යන ආකාරය ගැන විමසුවා. ඒ වගේ විමසුමක් තමයි ගියේ."
 
හම්බයාට දෙමළාට නොවැටෙන සිංහල කඳුළු
 

 
 

බිලිබා ගැනීම ඇරඹේ - ජොනි අසංගව උස්සලා?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...