BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

ආණ්ඩුවේ පොහොර කතාවට කෝටි 8ක කැම්පේන් එකක්!

T

The Leader Desk

June 7, 2021 • 11:09 AM

ආණ්ඩුවේ පොහොර කතාවට කෝටි 8ක කැම්පේන් එකක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාබනික පොහොර වගාව පිළිබඳ ජනමතයක් ඇතිකරලීමට රුපියල් කෝටි 8 ක ප්‍රචාරක ව්‍යාපෘතියක්
  •   අදාල කැබිනට් පත්‍රිකාව අනුමත කරන තෙක් අදාල වැඩසටහන් සකස් කර ප්‍රචාරය කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ විසින් 2021.06.05 දිනැති ලිපියක් මගින් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ට දැනුම් දී ඇත.
  •     මෙම ප්‍රචාරක කොන්ත්‍රාත්තුව දියයුත්තේ කාටදැයි කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් නොනිල දැනුම්දීමක් කර ඇතැයි ද ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
  •     ඒ අනුව මෙම ප්‍රචාරක කොන්ත්‍රාත්තුව හිමිවීමට නියමිතව ඇත්තේ, ජනප්‍රිය ගායන ශිල්පින් දෙදෙනෙකුගේ ප්‍රචාරක ආයතනයටය.
අකුරු ප්‍රමාණය (Font Size):

සඳහා වන කැබිනට් පත්‍රිකාවක් මේ වන විට සකස් කරමින් තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි.

 
අදාල කැබිනට් පත්‍රිකාව අනුමත කරන තෙක් අදාල වැඩසටහන් සකස් කර ප්‍රචාරය කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ විසින් 2021.06.05 දිනැති ලිපියක් මගින් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ට දැනුම් දී ඇත.
 
 
මෙම ප්‍රචාරක කොන්ත්‍රාත්තුව දියයුත්තේ කාටදැයි කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් නොනිල දැනුම්දීමක් කර ඇතැයි ද ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
 
 
ඒ අනුව මෙම ප්‍රචාරක කොන්ත්‍රාත්තුව හිමිවීමට නියමිතව ඇත්තේ, ජනප්‍රිය ගායන ශිල්පින් දෙදෙනෙකුගේ ප්‍රචාරක ආයතනයටය.
 
 
වෙනත් කිසිදු ආයතනයකට මෙම ප්‍රචාරක වැඩසටහන ලබා නොදිය යුතු යැයි අමාත්‍යවරයා විසින් උපදෙස් දී ඇතැයි ද පැවසේ. 
 
 
කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය විශේෂඥයින්/ පරිපාලන සේවා නිලධාරීන් 16 දෙනෙකු සිටිය දී, මෙම ප්‍රචාරක ව්‍යාපෘතියේ සම්බන්ධිකරණ කටයුතු පවරා ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස තාවකාලික පත්වීමක් ලබා ඇති හරීන් සපරමාදු වෙත ය. 
 
 
 
දැවැන්ත අර්බුදයක් අභියස ...
 
මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සමඟ ඇතිකර ගත් ගැටුමක් හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ  ලේකම් රෝහණ පුෂ්පකුමාර පසුගියදා ඉල්ලා අස්විය.
 
රටේ වාර්ෂික රසායන පොහොර අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් ලක්ෂ 12 ක් ගෙන්වීම රජය විසින් තහනම් කර තිබේ.
 
මේ වන විට රට පුරා බරපතල පොහොර හිඟයක් මතුව ඇති අතර රජය සීමිත පොහොර බෙදා හැරීමක් සිදු කර ඇත.  
 
ලංකාවේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම කාබනික පොහොර මත පමණක් ගොඩනැගීමට නම් පෙහොර ටොන් ලක්ෂ එක්දහස් දෙසීයක් (123,003,100) අවශ්‍ය වේ. එබැවින් පොහොර තහනම වගා ක්‍රියාත්මක කිරීමෙන් දැවැන්ත ආහාර හිඟයක් රටේ ඇතිවිය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවති.
 
 
ඇමතිතුමාගේ ප්‍රකාශය
 

මෙවැනි ප්‍රචාරක මෙහෙයුමක් සිදුකිරීමට කටයුතු කර ඇද්දැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් අප කළ විමසීමේ දී ඔහු ප්‍රකාශ කර සිටියේ, කාබනික පොහොර බෙදාහැරීමේ කටයුතු සඳහා ලියාපදිංචිය පිළිබඳ ප්‍රචාරක වැඩපිළිවෙළක් ඇති නමුත් මෙවැනි ප්‍රචාරක මෙහෙයුමක් සිදු නොවන බවයි. 

 


THE LEADER TV 

 

හිරු සලකුණට ගිය අජිත් රෝහණට 'ස' ගෙන් කුණු බැනුම්!

 

ස' ෆේල් සීසන් - 2 : 'ශ' ෆේල් ඇතුලේ ගේමක් ද?

 

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...