ඊශ්‍රායල හමුදා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ලබන කුලී හේවායන් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් මෙලෙස පලස්තීන වැසියන් ඝාතනයට ලක්ව තිබෙන අතර ඔවුන් බොහෝ දෙනා වෙඩි ප්‍රහාරවලට ලක්ව ඇත්තේ ‘ගාසා හියුමනීටේරියන් ෆවුන්ඩේෂන්’ පදනමේ ආධාර බෙදා දෙන ස්ථාන ආසන්නයේ දී ය.
පලස්තීන වැසියන් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පසුගිය සති හයක කාලයේ දී ය.
මෙම පලස්තීන වැසියන්ගෙන් 674 දෙනකුම ඝාතනයට ලක්ව ඇත්තේ ‘ගාසා හියුමනීටේරියන් ෆවුන්ඩේෂන්’ පදනමේ ආධාර බෙදා දෙන ස්ථාන ආසන්නයේ දී යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශක තමීන් අල්-කීටන් ජිනීවා නුවර දී ජූනි 15 වැනිදා පැවැසීය.
බලධාරීන්ට අනුව අනෙක් 201 දෙනා මරණයට පත්ව ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ වෙනත් සංවිධානවල හෝ ආධාර රැගත් මෝටර් රථ ගමන් කරන මාර්ගවලදී හෝ ඒ ආසන්න ස්ථානවලදී ය.
“මේ දත්ත අපගේ තොරතුරු එක්රැස් කිරීම්වලට අනුව ලබාගත්තු ඒවා. මේවා විශ්වාසනීය මූලාශ්‍රවලින් ලබාගත්තු තොරතුරු. උදාහරණයක් විදියට ඇතැම් දත්ත එක්රැස් කරගත්තේ වෛද්‍ය, මානව හිමිකම්, මානුෂීය සංවිධාන යනාදියෙන්” යැයි තමීන් අල්-කීටන් පැවැසීය.

‘ගාසා හියුමනීටේරියන් ෆවුන්ඩේෂන්’ (GHF) පදනම මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නේ යැයි චෝදනා කරයි. කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
‘ගාසා හියුමනීටේරියන් ෆවුන්ඩේෂන්’ (GHF) ආධාර මොඩලය ආරම්භයේ සිට අසාර්ථක සහ අනාරක්ෂිත ක්‍රමවේදයක් බවත් එය අපක්ෂපාතී ජාත්‍යන්තර මානුෂීය මූලධර්ම ද උල්ලංඝණය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරයි.
‘ගාසා හියුමනීටේරියන් ෆවුන්ඩේෂන්’ ඔවුන්ගේ මෙහෙයුම් ආරම්භ කරන ලද්දේ ඉකුත් මැයි මාසයේ අගභාගයේ දී ය. ඒ ඊශ්‍රායලය ක්‍රියාත්මක කළ සති හයක අවහිරය අතරවාරයේ දී ය. මෙම පදනම ඔවුන්ගේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ කුලී හේවායන් භාවිත කරයි.




