BREAKING
Top Ad
පුවත්

තවත් ඖෂධ දෙකක් ලංකාවේ නිපදවයි : රු. මිලියන 88ක ඉතිරියක්

T

The Leader Desk

August 7, 2021 • 7:35 AM

තවත් ඖෂධ දෙකක් ලංකාවේ නිපදවයි : රු. මිලියන 88ක ඉතිරියක්   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට සුලභව භාවිතා කරන ඖෂධ වර්ග දෙකක් වන ලෙවොතයිරොක්සීන් (Levothyroxine) සහ ට්‍රැමඩොල් (Tramadol) ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ නිපදවා එළිදැක්වීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ
  •   බැසිල් රාජපක්ෂ, ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යං චන්න ජයසුමන, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා , ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.
  •      ට්රැමඩෝල් මිලිග්රෑම් 50 කරල් මිලියන 9.8ක් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ භාවිත වන අතර ලෙවොතයිරොක්සීන් මිලිග්රෑම් 50 පෙති මිලියන 98ක් පමණ වාර්ෂිකව භාවිත කෙරේ.
  •    දේශීය ගොවියා කෙරෙහි විශ්වාසය තබමින් දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කළා සේ ම ඖෂධ නිෂ්පාදනය ඇතුළු අනෙකුත් නිෂ්පාදන ක්ෂේත්රයන්හි උන්නතිය වෙනුවෙන් රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් දියත් කරමින් සිටින බව ද බැසිල් රාජපක්ෂ එහිදී සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
ප්‍රධානත්වයෙන් ඊයේ (06) දින රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේදී සිදු විය.
 
බැසිල් රාජපක්ෂ, ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යං චන්න ජයසුමන, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා , ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.
 
වේදනා නාශකයක් වන ට්රැමඩෝල් සහ තයිරොක්සීන් ඌණතාව වෙනුවෙන් භාවිත කෙරෙන ලෙවොතයිරොක්සීන් යන ඖෂධ මෙතෙක් විදෙස් වලින් ආනයනය කරනු ලැබිය.
  
 
ට්රැමඩෝල් මිලිග්රෑම් 50 කරල් මිලියන 9.8ක් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ භාවිත වන අතර ලෙවොතයිරොක්සීන් මිලිග්රෑම් 50 පෙති මිලියන 98ක් පමණ වාර්ෂිකව භාවිත කෙරේ. මෙම ඖෂධ ආනයනය නතර කිරීම මගින් වාර්ෂික ඉතිරි වන මුදල රුපියල් මිලියන 88කි. 
 
 
 
 
 
c9b5a86a 9aea 4f41 b4ce b87edb614576 
 
භාණ්ඩ ආනයනය අවම කර දේශීය නිෂ්පාදනය ඉහළ නංවමින් විදේශ විනිමය මෙරට තුළ ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙහිදී පැවසිය.
 
 දේශීය ගොවියා කෙරෙහි විශ්වාසය තබමින් දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කළා සේ ම ඖෂධ නිෂ්පාදනය ඇතුළු අනෙකුත් නිෂ්පාදන ක්ෂේත්රයන්හි උන්නතිය වෙනුවෙන් රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් දියත් කරමින් සිටින බව ද බැසිල් රාජපක්ෂ එහිදී සඳහන් කළේය.
 
මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය රජය විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතයන වෙත ගෙවීමට විශාල ණය ප්‍රමාණයක් ඉතිරි කර තිබූ අතර එම ණය ගෙවා දැමීමට තමාට පෙර මුදල් අමාත්‍ය ධුරය දැරූ අගමැති  මහින්ද රාජපක්ෂ කටයුතු කළ බවයි. 
 
ඒ අතර ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත ගෙවීමට තිබූ රුපියල් මිලියන 1945ක මුදල ද පියවීමට කටයුතු කළ බව මුදල් අමාත්‍යවරයා මෙහි දී පැවැසීය.  
 
ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන ඖෂධවලින් 20%ක් පමණක් මේ වන විට දේශීය වශයෙන් නිපදවන අතර එය 50% දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බව ද මුදල් අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් සඳහන් කළේය.
 
 
යහපාලන ආණ්ඩුව සමයේ දී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ උපදෙස්  මත ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර විසින් ඖෂධ කිහිපයක්ම මෙරට නිෂ්පාදනයට අවශ්‍ය මුලික පදනම හා ඒ වෙනුවෙන් ම විශේෂ වැඩපිළිවෙලක් සකසා තිබිණ.
 
 
THE LEADER TV 
 

 

බොරු කියන්නේ ගෝඨා ද ? බැසිල් ද?

නාමල්ගේ ඇඳන් වලට වෙච්ච දෙයක්!

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...