BREAKING
Top Ad
විදේශ

හිස්බුල්ලා සතු ඉලෙක්ට්‍රොනික පේජර තොගයක් පුපුරා දහස් ගණනක් රෝහලේ - 9ක් මරුට

T

The Leader

September 18, 2024 • 5:51 AM

හිස්බුල්ලා සතු ඉලෙක්ට්‍රොනික පේජර තොගයක් පුපුරා දහස් ගණනක් රෝහලේ - 9ක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ සාමාජිකයින් 9 දෙනකුට මරු කැඳවමින්, සහ තවත් 3000ක ට අධික සාමාජික පිරිසකට තුවාළ සිදු කරමින්,
  •   තායිවානයේ පිහිටි නිෂ්පාදන සමාගමක් වන ගෝල්ඩ් ඇපොලෝ (Gold Apollo) ලේබලයෙන් එම පේජර  තොගය, මීට මාස කිහිපයකට පෙර ලෙබනනයට ආනයනය කර ඇතැයි, එරට ආරක්ෂක අංශ පවසයි.
  • එහෙත්, තම සමාගම එවැනි  සන්නිවේදන උපකරණ නිෂ්පාදනය නොකරන බවත්, සිය සන්නාමය භාවිතා කිරීමට අවසර ලත් බී.ඒ.සී.
  • (BAC) නම් සමාගමක් විසින් ඒවා නිෂ්පාදනය කර ඇති බවත්, ඔවුන් ප්‍රකාශ කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පණිවුඩ සන්නිවේදනයේදී යොදා ගැනෙන 'ඉලෙක්ට්‍රොනික කැඳවන' හෙවත් පේජර (pagers) දහස් ගණනක් ඊයේ (17) ලෙබනනයේදී පුපුරා ගියේය. අනතුරට පත් අය අතර බීරුත් (Beirut) හි ඉරාන නිත්‍ය නියෝජිත ද වේ. 

හිස්බුල්ලා සංවිධානය විසින් විදේශ රටකින් ආනයනය කරන ලද පේජර 5000ක් තුළ, එහි ආරක්ෂක බුද්ධි අංශවල "කනෙන් රිංගා," පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීමට ඊශ්‍රායල මොසාඩ් (Mossad) ඔත්තු සේවය සමත් විය.

 

තායිවානයේ පිහිටි නිෂ්පාදන සමාගමක් වන ගෝල්ඩ් ඇපොලෝ (Gold Apollo) ලේබලයෙන් එම පේජර  තොගය, මීට මාස කිහිපයකට පෙර ලෙබනනයට ආනයනය කර ඇතැයි, එරට ආරක්ෂක අංශ පවසයි. එහෙත්, තම සමාගම එවැනි  සන්නිවේදන උපකරණ නිෂ්පාදනය නොකරන බවත්, සිය සන්නාමය භාවිතා කිරීමට අවසර ලත් බී.ඒ.සී. (BAC) නම් සමාගමක් විසින් ඒවා නිෂ්පාදනය කර ඇති බවත්, ඔවුන් ප්‍රකාශ කර තිබේ.

 

ඊශ්‍රායලය ඊයේ සිදුකළ එම සමූල ඝාතනයට "අද අද ම" දරුණු ප්‍රතිචාර දක්වන බව හිස්බුල්ලා සංවිධානය පවසයි. පේජර පුපුරායාම පිලිබඳ වැඩි විස්තර ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.   

එම පේජර සියල්ල යුරෝපයේ නිෂ්පාදිත උපකරණ තොගයක් බව ගෝල්ඩ් ඇපොලෝ සමාගමේ නිර්මාතෘ ෂූ චිං-ක්වංග් (Hsu Ching-Kuang) ප්‍රකාශ කරයි. යුරෝපයට අයත් කිනම් රටක ඒවා නිෂ්පාදනය කළේ දැයි මෙතෙක් අනාවරණය වී නොමැත. ඊයේ පුපුරාගිය පේජර, කෙටි පණිවිඩ පමණක් හුවමාරු කරගත හැකි AP924 මාදිලියට අයත් බව ලෙබනන ආරක්ෂක අංශ විසින් තහවුරු කර තිබේ.

 

භූ තොරතුරු පද්ධති සහ ස්ථානගතවීම් පිලිබඳ ඊශ්‍රායල බුද්ධි මෙහෙයුම් හැකි තාක් මගහැරීම පිණිස හිස්බුල්ලා සංවිධානය විසින් සිය සන්නිවේදන කටයුතු උදෙසා අඩු-තාක්ෂණයක් සහිත පේජර උපකරණ භාවිතා කරයි. ආනයනිත පේජර තොගය, නිෂ්පාදන තත්ත්වයේදී, ඊශ්‍රායල ඔත්තු සේවයේ සහායෙන් නවීකරණයට බඳුන් කර ඇතැයි විශ්වාස කරන බව එම සංවිධානය පවසයි.

පුපුරණ ද්‍රව්‍ය අඩංගු කුඩා පරිපථයක් ඉතා සූක්ෂ්ම ලෙස එම පේජර උපකරණවලට එන්නත් කර ඇති අතර, කිසිදු බාහිර උපාංගයකට ඒවා කිසිසේත් නිරීක්ෂණය නොවන බව හිස්බුල්ලා සංවිධානය පවසයි. එම උපකරණ එහි සන්නද්ධ අංශ සාමාජිකයින් අතට පත්වීමෙන් පසු, මොසාඩ් සංවිධානය මගින් සම්ප්‍රේෂිත රහස් කේතයක් මගින් ඒවා පුපුරායාමට සලස්වා තිබේ. එක් පේජරයක ග්‍රෑම් 3 ක පමණ පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවද අනාවරණය වී ඇත. 

 



ගාසා යුද්ධය ආරම්භ වීමත් සමග හිස්බුල්ලා ආරක්ෂක බුද්ධි අංශ අන්ත පරාජයකට පත් ප්‍රථම අවස්ථාව මෙය බව නම සඳහන් කිරීම ප්‍රතික්ෂේප කළ එම සංවිධානයේ සාමාජිකයෙක් රොයිටර්ස් (Reuters) පුවත් සේවයට පැවසීය. පේජර තොගය පුපුරා යාමෙන් මුහුණ, අතැඟිලි සහ සාමාන්‍යයෙන් ඒවා සිරුරෙහි පළඳින ඉඟ ප්‍රදේශයට බරපතල තුවාල ලත් දහස් ගණනක් හිස්බුල්ලා සාමාජිකයින් රෝහල් ගත කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.  

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත) 

මූලාශ්‍ර:
Israel planted explosives in 5,000 Hezbollah pagers, say sources


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...