BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි●
Top Ad
පුවත්

ඇමති පුතා ඇතුළු 9 දෙනාට ම ඇප - අරුන්දික යළි හෙට දිව්රුම්දෙයි !

T

The Leader Desk

February 7, 2022 • 5:28 PM

  ඇමති පුතා ඇතුළු 9 දෙනාට ම ඇප - අරුන්දික යළි හෙට දිව්රුම්දෙයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාගම වෛද්‍ය පීඨයට අයුතු ලෙස ඇතුලු වී එහි වෛද්‍ය ශිෂ්‍යයන්ට පහරදුන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගේ පුත්‍රයා ඇතුලූ සැකකරුවන් 09 දෙනකු ඇප මත මුදා හරින
  • සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වෛද්‍ය පීඨ සිසුන් ඇතුළු සැකකරුවන් 09 දෙනාගෙන් 07 දෙනෙකු බන්ධනාගාර නිළධාරීන් විසින් අධිකරණයට අද ඉදිරිපත් කෙරිණ.
  • මෙම සැකකරුවන් ගෙන් දෙදෙනකු අද (07) හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් පසු සාක්ෂිකරුවන් විසින් එම සැකකරුවන් හදුනාගනු ලැබ තිබිණී.
  • සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් ඔවුන්ගේ නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ඉදිරිපත්ව ඇති බොහෝ චෝදනා සමථ මණ්ඩලයකට යොමුකර සමථයකට පත්විය හැකි චෝදනා බව පෙනී යන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෙස වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් අද (07) නියෝග කළේය.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වෛද්‍ය පීඨ සිසුන් ඇතුළු සැකකරුවන් 09 දෙනාගෙන් 07 දෙනෙකු බන්ධනාගාර නිළධාරීන් විසින් අධිකරණයට අද ඉදිරිපත් කෙරිණ.

මෙම සැකකරුවන් ගෙන් දෙදෙනකු අද (07) හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් පසු සාක්ෂිකරුවන් විසින් එම සැකකරුවන් හදුනාගනු ලැබ තිබිණී.

කෙසේවෙතත් එක් සැකකරුවෙකුට කොවිඩ් ආසාදනයවීම සහ තවත් සැකකරුවෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම හේතුවෙන් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණ.

සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් ඔවුන්ගේ නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ඉදිරිපත්ව ඇති බොහෝ චෝදනා සමථ මණ්ඩලයකට යොමුකර සමථයකට පත්විය හැකි චෝදනා බව පෙනී යන බවයි.

කොවිඩ් තත්ත්වය සහ සැකකරුවන් සියලුදෙනා තරුණ වයසේ පසුවන්නන් බව සලකා ඔවුන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කෙරින. ඒ අනුව මෙම සැකකරුවන් නව දෙනා ම ඇප මත මුදා හැරිමට අධිකරණය නියෝග කර තිබේ.



යලි ඇමතිකමේ දිවුරුම් දෙයි !



රාගම වෛද්‍ය පිඨයේ නේවාසිකාගාරයට කඩාවැදී එහි සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් සිය පුත්‍රයාට එල්ලවූ චෝදනා මත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ ජනාධිපතිවරයා විසින් කල දැනුම්දීමකට අනුවය.

කෙසේවුවද අරුන්දික ප්‍රනාන්දු හෙට යලි රාජ්‍ය ඇමතිවරයකු ලෙස දිවුරුම් දීමට බොහෝදුරට ඉඩ ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.

අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව ජනාධිපතිවරයාට හිතවත් නාහිමිවරුන් කිහිප නමක් විසින්ම පැසසුමට ලක්කර තිබිණ.

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට යළි රාජ්‍ය ඇමතිකමක් නොදෙන්නැයි ද උන්වහන්සේලා ජනාධිපතිවරයාගේ ඉල්ලා සිටියේය.



සබැඳි පුවත් :
අරුන්දිකට යළි ඇමතිකමක් දෙන්න එපා ! - ජනාධිපතිට හිතවත් හිමිවරු කියති


ඇමති අරුන්දිකගේ පුත්‍රයා අත්අඩංගුවට : නවකවද කතාවකුත් පටලවාගෙන !


අරුන්දිකට ඇමතිකමෙන් අස්වෙන්නැයි ජනාධිපති ගෙන් දැනුම්දීමක් !

 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...