BREAKING
Top Ad
පුවත්

ජුලි 9 : පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්!

T

The Leader

July 7, 2022 • 12:21 PM

ජුලි 9 : පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මූලික අයිතිවාසිකම් භුක්තිවිඳීම සඳහා කටයුතු කරන අවස්ථාවලදී ඉතා වගකීමෙන්
  • විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න අද මේ බව පැවසීය.
  • සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතියට පොලිසියෙන් බාධාවක් නොමැති බව ද පොලිස්පතිවරයා පවසයි.
  • "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය මෙන්ම, සාමකාමීව රැස්වීමට ඇති නිදහසට ශ්‍රී ලංකා පොලීසිය සෑමවිටම ගරු කරනු ලබනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

යුක්තව රජය සහ පුද්ගලික දේපළවලට හානි සිදුකිරීමෙන් සහ නිත්‍යානුකූල ලෙස සේවයේ යොදවා සිටින රජයේ සහ පුද්ගලික සේවකයින්ට බාධා කිරීමෙන් වැළකී සිටින ලෙස පොලිස්පති මහජනතාවගෙන් ඉල්ලා සිටී.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න අද මේ බව පැවසීය.

සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතියට පොලිසියෙන් බාධාවක් නොමැති බව ද පොලිස්පතිවරයා පවසයි.


අදාළ ප්‍රකාශය පහතින්.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය මෙන්ම, සාමකාමීව රැස්වීමට ඇති නිදහසට ශ්‍රී ලංකා පොලීසිය සෑමවිටම ගරු කරනු ලබනවා. එමෙන්ම පුරවැසියන්ගේ එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් ප්‍රවර්ධනය කිරීමටත් ගත හැකි සෑම පියවරක්ම උපරිම වශයෙන් අප ගනු ලබනවා. දිවයිනේ සෑම පොලිස් නිලධාරියෙකුටම ඒ පිළිබඳව පොලිස් මූලස්ථානය මගින් වරින් වර අඛණ්ඩව උපදෙස් ලබාදී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබාදී ඇති මෙම අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේදී අනිකුත් අයගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි එම අයිතිවාසිකම්වලට බාධා නොවන ආකාරයට කටයුතු කිරීමේ මූලික යුතුකමක් සෑම දෙනාටම තිබෙනවා.

ඒ වගේම රටේ පවත්නා නීතිය උල්ලංඝනය කරමින් සාමකාමී බව බිඳවැටෙන ආකාරයට ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කරමින් රාජ්‍ය සහ පුද්ගලික දේපළවලට හානි කරමින් රැස්වීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුවාවෙන් සිදුකරනු ලබන නීතිවිරෝධී ක්‍රියා ඉවසා සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රටේ නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින කිසිදු පොලිස් නිලධාරියෙකුට හැකියාවක් නොමැති බව අවධාරණය කරනවා.

එබැවින් මෙම අවස්ථාවේදී සියලුම මහජන ක්‍රියාකාරීන්, දේශපාලන නායකයින් හා ආගමික නායකයින් ඇතුළු සියළුදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ තම මූලික අයිතිවාසිකම් භුක්තිවිඳීම සඳහා කටයුතු කරන අවස්ථාවලදී ඉතා වගකීමෙන් යුක්තව රජය සහ පුද්ගලික දේපළවලට හානි සිදුකිරීමෙන් සහ නිත්‍යානුකූල ලෙස සේවයේ යොදවා සිටින රජයේ සහ පුද්ගලික සේවකයින්ට බාධා කිරීමකින් වැළකී නීතිමය රාමුව තුළ එම අයිතිවාසිකම් භුක්ති විඳින ලෙසයි."
 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...