BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි●
Top Ad
පුවත්

සීනි ගැසට්ටුවේ කාලය අවසන් : දින 90කදී විල්මා සමාගම ඒකාධිකාරිය හිමි කර ගනී.

T

The Leader Desk

January 12, 2021 • 5:20 AM

 සීනි ගැසට්ටුවේ කාලය අවසන් : දින 90කදී විල්මා සමාගම ඒකාධිකාරිය හිමි කර ගනී.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුදල් අමාත්‍ය, මහින්ද රාජපක්ෂ විසින් 2020 ඔක්තෝබර් මස 13 දින ප්‍රකාශයට පත් කරන ලද සීනි තීරුබදු අඩු කිරීමේ ක්‍රියාමාර්ගයට අදාල නියෝගය සහ ගැසට් පත්‍රය 2021 ජනවාරි මස 13 දින මධ්‍යම රාත්‍රියෙන්
  •     එහෙත් දින 90 ක් තුල විල්මා සමාගමට 59% ක් වශයෙන් සහ අනෙකුත් සමාගම් වලට 41% වශයෙන් වෙළඳපළ කොටස මාරු  වී ඇත.
  •         පසුගිය දින 90 ක් තුල විල්මාර් සමාගමට 59% ක් වශයෙන් සහ අනෙකුත් සමාගම් වලට 41% වශයෙන් වෙළඳපළ කොටස් මාරු  වී ඇත.
  •   2020 ඔක්තෝබර් මස 13 දින රුපියල් 50/= ක් වූ සීනි සඳහා වූ විශේෂ ආනයන බද්ද අඩු කිරීම තුල එක් එක් පාර්ශවයන් විසින් අපේක්ෂාකල අරමුණු විවිධාකාර විය.
අකුරු ප්‍රමාණය (Font Size):
අවසන් වීමට නියමිත අතර පසුගිය දින 90 ක් තුළ දී බහුජාතික 'විල්මාර් සමාගම' (Wilmar Trading) වෙළඳපළ සීනි ඒකාධිකාරිය අත්පත්කර ගැනීමට සමත්ව ඇත. 
 
දින 90 ක් තුළ විල්මාර් සමාගම සීනි මෙට්‍රික් ටොන් 102,180 ක් ආනයනය කර ඇති අතර අනෙකුත් සමාගම් 14 ක්  ආනයනය කර ඇත්තේ සීනි මෙට්‍රික් ටොන් 71,366 කි.
 
ශත 25 වාසිය උපරිමයෙන් ලබා ගත් විල්මාර් සමාගම තෙමසක් තුලදී 59% ක වෙළඳපළ කොටසක් හිමි කර ගෙන ඇත.
 
2020 ජනවාරි 01 වෙනිදා සිට ඔක්තෝබර් 13 දක්වා විල්මාර් සමාගම ආනයනය කර තිබුණේ සිනී මෙට්ට්‍රික් ටොන් 17,991 ක් වු අතර එය ප්‍රතිශතයක් ලෙස 3.25% කි. 
 
එම කාලසීමාව තුල අනෙකුත් සමාගම් ආනයනය කර තිබුණ ප්‍රමාණය ටොන් 536,094 ක් වූ අතර ප්‍රතිශතයක් ලෙස 96.75% කි.  
 
එහෙත් දින 90 ක් තුල විල්මා සමාගමට 59% ක් වශයෙන් සහ අනෙකුත් සමාගම් වලට 41% වශයෙන් වෙළඳපළ කොටස මාරු  වී ඇත.
 
 
 

WhatsApp Image 2021 01 12 at 9.03.19 AM 1

 
පසුගිය දින 90 ක් තුල විල්මාර් සමාගමට 59% ක් වශයෙන් සහ අනෙකුත් සමාගම් වලට 41% වශයෙන් වෙළඳපළ කොටස් මාරු  වී ඇත.
 
 
අපි කිහිපවරක්ම පෙන්වාදුන් පරිදි 2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සීනි ආනයනයේ අපකීර්තිමත් වෙළද  (Trade scandal)  කතාවට මාස තුනක් සපිරෙන විට (ජනවාරි 13) වෙළඳපළේ ප්‍රභල භූමිකාවකට පනපෙව් ශ්‍රී ලාංකීය තොග වෙළඳුන් 14 දෙනෙකු පමණ බිමට ඇද දමා බහු ජාතික සමාගමක් ඉදිරියට පැමිණ ඇත.
 
2020 ඔක්තෝබර් මස 13 දින රුපියල් 50/= ක් වූ සීනි සඳහා වූ විශේෂ ආනයන බද්ද අඩු කිරීම තුල එක් එක් පාර්ශවයන් විසින් අපේක්ෂාකල අරමුණු විවිධාකාර විය.
 
 
# ඉහළ ගොස් තිබූ ජීවන වියදම ආනයන බද්ද අඩු කිරීම හරහා අඩු කර පාරිභෝගිකයන්ට සහනයක් සැලසීම ජනාධිපතිගේ, මුදල් ඇමතිගේ හා වෙළඳ ඇමතිගේ අපේක්ෂාව වූ බව පැවසේ.
 
ජීවන වියදම් කමිටුව රැස්වී මේ පිළිබඳව තීරණය කර නොමැති නිසා රජය පාර්ශවයෙන් වූ අරමුණු කිසිවක් අපි නොදනිමු. 
 
තවද මුදල් අමාත්‍යංශය හෝ අයවැය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමක් නොමැතිවීම නිසා ඔවුන්ට මේ සදහා අරමුණක් තිබුනාදැයි නොදනිමු.
 
 
 

Sajad Basil1

ගාලුමුවදොර යුධ හමුදා මුලස්ථානය පිහිටි භුමියේ  Shangri-La හෝටලය ඉදිකිරීමට පළමු පස්පිඩැල්ල කැපීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැමිණි විට විල්මාර්' (Wilmar Trading) සමාගමේ දේශීය කළමණාකාර අධ්‍යක්ෂ සජාඩ් මවුසූන් විසින් පිළිගත් අවස්ථාව.
 
 
 
#  තුන්වන පාර්ශවයක් වශයෙන් මෙම ක්‍රියාදාමයට එක්වන විල්මාර්' සමාගමේ දේශීය කළමණාකාර අධ්‍යක්ෂ 
සජාඩ් මවුසූන්ගේ  (Sajjad Mawzoon) අරමුණ නම් ඉටුවී තිබේ. 
 
ඒ වන විටත් විල්මා සමාගමේ බන්ධිත ගුදම්වල තිබුණ සීනි ටොන් 8000 ක ප්‍රමාණයට ශත 25 හේ තීරුබද්ද ගෙවා නිදහස් කරගෙන එවකට පැවති වෙළඳපළ මිල වූ රුපියල් (123 - 125) මිලකට එම සීනි තොගය අලෙවි කර ඉහල ලාභයක් ලබාගැනීමට ඔහු සමත්ව තිබේ. (කිලෝවකට අතිරේක රුපියල්. 49.75 ක් ලබා ගැනීමය ) ඒ අර්ථයෙන් ඔහුගේත් 'විල්මාර්' සමාගමේත් අරමුණු ඉටු වී ඇත.
 
 
 
# දෙවනුව ඒ වන විටත් රුපියල් 50/= හේ තීරු බද්ද ගෙවූ පිටකොටුවේ ආනයනකරුවන් ගෙන්වා තිබූ සීනි ටොන් 80,000 ට උපරිම මිලක් පනවා (නොවැම්බර් 01 වන දින රුපියල් 85/= උපරිම බද්ද පනවා ඇත.) - ඔවුන්ට දැඩි අලාභයක් කර ඔවුන් බිමට දමා වෙළඳපළ ඒකාධිකාරිය ලබා ගැනීමේ  මවුසූන්ගේ අරමුණද ඉටු වී ඇත.
 
 
 පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා නොවැම්බර් මස 10 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශිත ගැසට් නිවේදනයෙන් සුදු සීනි තොගමිල රුපියල් 80/= ක් ද සිල්ලර මිල රුපියල් 85/= ක් ද ඇසුරුම් කරන ලද සීනි සිල්ලර මිල වශයෙන් රුපියල් 90 /= ක් ලෙසද  නියම කළේය.
 
එහෙත් අද දක්වා කිසිවෙකුටත් රුපියල් 85/= ට සීනි ලැබුණ බවක් අසා නැත.
 
 

WhatsApp Image 2021 01 12 at 9.03.19 AM

 
 
මාස තුනක් ගතවුවද අධිකාරියට මෙම මිළ අඩු කිරීමටවත් පාලන මිළට වැඩියෙන් සීනි අලෙවි කළ එකදු ගබඩාවක් හෝ වෙළඳසැළක් හෝ වැටලීමට නොහැකි වි ඇත.
 
ඔහුන්ගේ අරමුණ ඉටු වූවා දැයි අපි නොදනිමු.
 
 
දැන් එළැඹෙමින් තිබෙන්නේ මෙම තිත්ත සීනි කථාවේ දෙවන කොටසය.
 
එයත් ප්‍රෙක්ෂකයින් නොදැන සිටියාට මෙම වංචාව පිළිබඳ සියලු තොරතුරු රැස්කල අපහට නම් ඉතා පැහැදිළිය.
 
 
 
 
 මුදල් අමාත්‍ය, මහින්ද රාජපක්ෂ විසින් 2020 ඔක්තෝබර් මස 13 දින ප්‍රකාශයට පත් කරන ලද නියෝගය සහ ගැසට් පත්‍රය 2021 ජනවාරි මස 13 දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
 
 
 මුදල් අමාත්‍ය, මහින්ද රාජපක්ෂ විසින් 2020 ඔක්තෝබර් මස 13 දින ප්‍රකාශයට පත් කරන ලද නියෝගය සහ ගැසට් පත්‍රය 2021 ජනවාරි මස 13 දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
 
නැවත ශත 25 තීරුබද්දම පැනවිය හැකිය.
 
නැතහොත් මේ වන විටත් ජීවන වියදම් කමිටුවේ අදහස් අනුව තීරණයක් ගත යුතුව ඇත. 
 
නැතහොත් නැවත ඔක්තෝබර් 13 දිනට පෙර පැවති රුපියල් 50/= තීරුබද්ද හෝ දෙවැනියට සාකච්ඡා වූ රුපියල් 40/= තීරුබද්ද පැනවිය යුතුය.
 
ප්‍රශ්නය එතනින් අවසන් නොවේ. 
 
එනම් විල්මාර් සමාගම ශත 25/= ක තීරු බද්දක් ගෙවා ආනයනය කරන ලද ටොන් 103,000 ක් සහ අනෙකුත් සමාගම් ආනයනය කරන ලද ටොන් 60,000 ක් පමණ ගබඩා තුල ඇත.
 
රුපියල් 85/= හේ උපරිම සිල්ලර මිල ගැසට් පත්‍රයද තවමත් ක්‍රියාත්මකය.
 
එසේනම්, නැවත තීරුබද්ද පැනවුවහොත් ශත .25 තීරුබද්දට ආනයනය කරන ලද සීනි අලෙවි කරන්නේ කවර මිළකටද?
 
අපි මෙම ගැටලුව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා වෙත යොමු කරමු.
 
 
(විශේෂ වාර්තාකරු )
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
###################
 
 
අද මෙතන - හෙට අතන - හිමි රතන - ආණ්ඩුවට!
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...