BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

රත්‍රන් සමග ඇල්ලූ මන්ත්‍රීගේ ගමන් මල්ලේ ස්මාට් දුරකථන 91ක්

T

The Leader Desk

May 23, 2023 • 5:29 PM

රත්‍රන් සමග ඇල්ලූ මන්ත්‍රීගේ ගමන් මල්ලේ ස්මාට් දුරකථන 91ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිතීවිරෝධි ලෙස රත්‍රන් රැගෙන ඒම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී
  •   එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 74කට ආසන්න බවට ගණන් බලා ඇත.
  • මේ අතර මන්ත්‍රීවරයාගේ ගමන්මල්ලේ තිබී ජංගම දුරකථන තොගයක් ද සොයාගැනීමට රේගු පරීක්ෂක නිලධාරීන් සමත්ව ඇත.
  • එහි තිබී ස්මාට් ජංගම දුරකථන 91ක් හමුවී ඇති අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 4.2ක් ලෙසට ගණන් බලා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අලි සබ්රි රහීම් ගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පවසයි.

නිතීවිරෝධි ලෙස රත්‍රන් කිලෝ 3යි ග්‍රෑම් 397ක් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැණුනි.  

එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 74කට ආසන්න බවට ගණන් බලා ඇත.

මේ අතර මන්ත්‍රීවරයාගේ ගමන්මල්ලේ තිබී ජංගම දුරකථන තොගයක් ද සොයාගැනීමට රේගු පරීක්ෂක නිලධාරීන් සමත්ව ඇත.

එහි තිබී ස්මාට් ජංගම දුරකථන 91ක් හමුවී ඇති අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 4.2ක් ලෙසට ගණන් බලා තිබේ.

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ ඔරුගොඩවත්තේ පිහිටි ජංගම ශාඛාව වෙත අද (23) පස්වරුවේ රැගෙන එනු ලැබීය.

ඔහු එහි රැගෙන එනු ලැබුවේ, පැය 5කට ආසන්න කාලයක් ගුවන්තොටුපළේ රඳවාගෙන මූලික ප්‍රශ්න කිරීමකින් අනතුරුව ය.

එක්සත් මුස්ලිම් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අද පෙරවරු 9.45ට දිවයිනට පැමිණ තිබුණේ ඩුබායි සිට පැමිණි Fly Dubai ගුවන් සේවයට අයත් FZ547 ගුවන් යානයකිනි.

අනතුරුව ඔහු ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් මෙරටට ඇතුළුවීමට උත්සාහ දැරීමේදී රේගු නිලධාරින්ගේ පරීක්ෂාවට ලක්වී තිබේ.


පරීක්ෂාවට ලක්කර ඇත්තේ ලැබුණු විශේෂ තොරතුරකට

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ සෘජුව පාලනය වන අංශයක් වන ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරින් මෙලෙස මන්ත්‍රීවරයා පරීක්ෂාවට ලක්කර ඇත්තේ ලැබුණු විශේෂ තොරතුරකට අනුවය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සතුව තිබී නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ කිලෝග්‍රෑම් 3.5ක් බරැති රත්‍රං බිස්කට් තොගයක් හමුවී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙසේ පැවසිය.

"නීතිය ක්‍රියාත්ම කිරීමේදී රජය බලපෑමක් කරන්නේ නැහැ. රේගුව නීතිය ක්‍රියාත්ම කරයි. රත්‍රන් රාජසන්තක කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. දඩ මුදලක් අය කරන්න කටයුතු කරයි. අද නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් අරන්."


(adaderana.lk)

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...