BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

අමෙරිකානු A-10 වර්ගයේ යානයකට මිසයිල ප්‍රහාරයක් - දිනක් තුළ අමෙරිකාවට ප්‍රහාරක යානා 2ක් අහිමිවේ

T

The Leader Desk

April 4, 2026 • 4:25 AM

අමෙරිකානු A-10 වර්ගයේ යානයකට මිසයිල ප්‍රහාරයක් - දිනක් තුළ අමෙරිකාවට ප්‍රහාරක යානා 2ක් අහිමිවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන ආරක්ෂක අංශ විසින් අමෙරිකානු A-10 වර්ගයේ යානයකටද මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙලා තිබේ.
  • මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඊයේ (3) බිමහෙළු F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා ගමන්ගත් යානයක් බව සඳහන්ය.
  • ඉරානයට ඉහළින් කඩා වැටුණු ඇමරිකානු F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මුදාගැනීමට ඇමරිකානු ආරක්ෂක අංශ සමත්ව ඇති බව CBS පුවත් සේවය වාර්තා කරයි.
  • ඇමරිකානු නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් එම පුවත් සේවය සඳහන් කරන්නේ, අදාළ නියමුවා ඇමරිකානු හමුදා මෙහෙයුමකින් සාර්ථකව මුදාගත් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


හෝමූස් සමුද්‍ර සන්ධිය අසල ඉහළ අහසේ දී මෙම යානය ප්‍රහාරයට ලක්ව ඇති අතර, ප්‍රහාරය එල්ල වනවාත් සමග ගුවන් නියමුවා ඉන් පිටතට පැන දිවි බේරාගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඊයේ (3) බිමහෙළු F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා ගමන්ගත් යානයක් බව සඳහන්ය. එහි සිටි ගුවන් නියමුවන්ගෙන් එක් අයෙකු බේරාගැනීමට අමෙරිකාවට හැකිව තිබේ.

3261

ඉරානයට ඉහළින් කඩා වැටුණු ඇමරිකානු F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මුදාගැනීමට ඇමරිකානු ආරක්ෂක අංශ සමත්ව ඇති බව CBS පුවත් සේවය වාර්තා කරයි.

ඇමරිකානු නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් එම පුවත් සේවය සඳහන් කරන්නේ, අදාළ නියමුවා ඇමරිකානු හමුදා මෙහෙයුමකින් සාර්ථකව මුදාගත් බවයි.

කෙසේවුවද දිනක් තුළ අමෙරිකාවට ප්‍රහාරක යානා 2ක් අහිමි විය.

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (04) දින 36ක් ගතවී තිබේ.


මුලාශ්‍ර :

Iranian state media reports at least one killed in north Tehran missile attack

One crew member from US fighter jet downed in Iran has been rescued, US media report

US pilot rescued after fighter jet downed over Iran, US media report


  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අමෙරිකානු A-10 වර්ගයේ යානයකට මිසයිල ප්‍රහාරයක් - දිනක් තුළ අමෙරිකාවට ප්‍රහාරක යානා 2ක් අහිමිවේ | The Leader