BREAKING
Top Ad
විදේශ

මැතිවරණයට AI අපේක්ෂකයෙක්

T

The Leader

June 21, 2024 • 12:08 AM

මැතිවරණයට AI අපේක්ෂකයෙක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කළ පුවත් නිවේදකයන්, ගුරුවරුන් අපට දකින්න ලැබෙයි.
  • මෙම අවස්ථාව උදා වන්නේ, එලැඹෙන ජුලි 4 වැනිදා ඡන්ද පොළට යන බ්‍රිතාන්‍ය ඡන්ද දායකයන්ටය.
  • මෙම පළමු AI අපේක්ෂකයා, ව්‍යාපාරික 59 හැවිරිදි ස්ටීව් එන්ඩකෝට් ය.
  • ස්වාධීන අපේක්ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වන ස්ටීව් ඔහුගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සමාජ මාධ්‍ය සිදු කරන්නේ AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ඔහුගේ රූපය භාවිතයට ගනිමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දියාවේ ගොවීන්ට තාක්ෂණික දැනුම ලබා දීමට AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ගොවි යුවළක් ද පසුගිය දා හඳුන්වා දීම සිදුවිය.

දැන් ලොව පළමු වරට AI අපේක්ෂකයකුට ඡන්දය දීමට ද අවස්ථාවක් උදා වෙයි. මෙම අවස්ථාව උදා වන්නේ, එලැඹෙන ජුලි 4 වැනිදා ඡන්ද පොළට යන බ්‍රිතාන්‍ය ඡන්ද දායකයන්ටය.

මෙම පළමු AI අපේක්ෂකයා, ව්‍යාපාරික 59 හැවිරිදි ස්ටීව් එන්ඩකෝට් ය. ස්වාධීන අපේක්ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වන ස්ටීව් ඔහුගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සමාජ මාධ්‍ය සිදු කරන්නේ AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ඔහුගේ රූපය භාවිතයට ගනිමිනි. AI ස්ටීව් යනුවෙන් එම චරිතය හැඳින්වෙයි.

ස්ටීව් එන්ඩකෝට්ගේ අභිනවයෙන් පක්ෂයක් පිහිටුවාගෙන අතර, ඔහු එම පක්ෂයට තෝරා ගන්නා අපේක්ෂකයන් සියලු දෙනා ද මැතිවරණ ප්‍රචාරක කටයුතු හරහා ජනතාව අතරට යන්නේ AI අපේක්ෂකයන් ලෙසය.

කෙසේ නමුත් ජනතා විශ්වාසය දිනා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු යෑමට මෙම AI අපේක්ෂකයන්ට හැකිවුවහොත්, පාර්ලිමේන්තුවට යනු ඇත්තේ සැබෑ අපේක්ෂකයන්ය.

(lankadeepa.lk)

මුලාශ්‍රය :
 
Meet 'AI Steve', First AI Candidate Contesting In UK Elections


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...