BREAKING
Top Ad
පුවත්

මහ බැංකු අධිපතිගේ රුව සහිත ව්‍යාජ AI විඩීයෝව ගැන විමර්ශන

T

The Leader

March 7, 2025 • 9:01 AM

මහ බැංකු අධිපතිගේ රුව සහිත ව්‍යාජ AI විඩීයෝව ගැන විමර්ශන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල මහ බැංකු අධිපතිවරයාගේ රුව අනිසි ලෙස යොදාගනිමින් AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද වංචනික වීඩියෝ
  • එහි සන්නිවේදන අධ්‍යක්ෂ හේමන්තා ඒකනායක සඳහන් කළේ, මෙම දැන්වීමේ පළ වන කරුණු අසත්‍ය බවයි.
  • එවැනි රැවටිලිකාර වීඩියෝ මගින් නීතිය මගින් තහනම් කරන ලද ආයෝජන ක්‍රම මහ බැංකු අධිපතිවරයා විසින් අනුමත කරන බව ව්‍යාජ ලෙස නිරූපණය කරන අතර එවැනි ආයෝජන සඳහා ජනතාව යොමු කිරීමට අදාළ වංචා සැලසුම් කිරීම මෙවැනි වීඩියෝ මුදාහැරීමේ අරමුණ වේ.
  • මෙම වීඩියෝ AI තාක්ෂණය මගින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් භාවිත කරමින් මහජනතාව නොමඟ යැවීමට වංචනික පාර්ශ්වයන් විසින් සිදුකරන අතර මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි.

මහ බැංකු අධිපතිවරයාගේ රුව යොදා ගනිමින් AI තාක්ෂණයෙන් සමාජ මාධ්‍යයේ පළ වන දැන්වීම සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන  බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එහි සන්නිවේදන අධ්‍යක්ෂ හේමන්තා ඒකනායක සඳහන් කළේ, මෙම දැන්වීමේ පළ වන කරුණු අසත්‍ය බවයි.

එවැනි රැවටිලිකාර වීඩියෝ මගින් නීතිය මගින් තහනම් කරන ලද ආයෝජන ක්‍රම මහ බැංකු අධිපතිවරයා විසින් අනුමත කරන බව ව්‍යාජ ලෙස නිරූපණය කරන අතර එවැනි ආයෝජන සඳහා ජනතාව යොමු කිරීමට අදාළ වංචා සැලසුම් කිරීම මෙවැනි වීඩියෝ මුදාහැරීමේ අරමුණ වේ.

මෙම වීඩියෝ AI තාක්ෂණය මගින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් භාවිත කරමින් මහජනතාව නොමඟ යැවීමට වංචනික පාර්ශ්වයන් විසින් සිදුකරන අතර මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසය.

ඒ අනුව පහත සඳහන් කරුණු වෙත අවධානය යොමු කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

*  විමසිලිමත් වන්න. එමෙන්ම, එවැනි වංචනික ක්‍රියා සමග සම්බන්ධ වීමෙන් වළකින්න.

* අපගේ වෙබ් අඩවිය (www.cbsl.gov.lk) සහ නිල සමාජ මාධ්‍ය ජාලා වැනි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල මූලාශ්‍රවලින් තොරතුරුවල නිවැරදි බව තහවුරු කරගන්න.

* මෙවැනි සැක සහිත තොරතුරු පිළිබඳව පැහැදිලි කරගැනීමට ශ්‍රී ලංකා මහ බැංකු නිල සන්නිවේදන නාලිකා වෙත වාර්තා කරන්න.

මෙවැනි වංචාවන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ ක්‍රියාකාරීව කටයුතු කරන බවද දැනුම්දෙයි. 

juuu8nh

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...