The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
විදේශ

තවත් ඉන්දීය නිළියක් සියදිවි නසාගනී

T

The Leader Desk

September 3, 2023 • 3:07 PM

තවත් ඉන්දීය නිළියක් සියදිවි නසාගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තිරුවානන්තපුරම් ප්‍රදේශයේ ඇයගේ නිවසේ නිදන කාමරය තුළ ගෙල වැලළාගෙන අපර්ණා සියදිවි හානිකර ගෙන ඇති බවය.
  • පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30ට පමණ මෙය සිදුව ඇති බවත් එම අවස්ථාවේ ඇයගේ මව සහ සොහොයුරිය නිවසේ සිට ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
  • ‍ මිය යන විට ඇය 33 වැනි වියේ පසුවුණි.
  • අපර්ණාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මේ වන විට ඥාතීන්ගෙන් සහ ඇයගේ සමීපතමයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තිරුවානන්තපුරම් ප්‍රදේශයේ ඇයගේ නිවසේ නිදන කාමරය තුළ ගෙල වැලළාගෙන අපර්ණා සියදිවි හානිකර ගෙන ඇති බවය.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30ට පමණ මෙය සිදුව ඇති බවත් එම අවස්ථාවේ ඇයගේ මව සහ සොහොයුරිය නිවසේ සිට ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
‍
මිය යන විට ඇය 33 වැනි වියේ පසුවුණි.

අපර්ණාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මේ වන විට ඥාතීන්ගෙන් සහ ඇයගේ සමීපතමයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අපර්ණා සෑම විටම සැමියා සහ දියණියන් දෙදෙනා සමඟ සතුටින් සිටින බව හැඟවෙන දෑ සමාජ මාධ්‍ය තුළ පළ කර ඇති අතර අවසන් වරට ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇය පළ කර ඇත්තේ ඇයගේ සැමියාගේ නම සඳහන් කරමින් "මගේ ශක්තිය" යනුවෙනි.

ඇය මලයාලම් සිනමාවේ මෙන්ම මාලයාලම් ටෙලි නාට්‍ය රැසකට ද රංගනයෙන් දායකත්වය දක්වා ඇති අතර ඇයගේ හදිසි මරණයෙන් රසිකයින් කම්පනයට පත් ව ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ද මාධ්‍ය වාර්තා කරයි.

(adaderana.lk)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...