BREAKING
Top Ad
විදේශ

තවත් ඉන්දීය නිළියක් සියදිවි නසාගනී

T

The Leader

September 3, 2023 • 9:37 AM

තවත් ඉන්දීය නිළියක් සියදිවි නසාගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ මොලිවුඩ් (මලයාලම්) සිනමාවේ ප්‍රසිද්ධ නිළියක් වන අපර්ණා නායිර් සියදිවි නසා ගෙන තිබේ.
  • පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30ට පමණ මෙය සිදුව ඇති බවත් එම අවස්ථාවේ ඇයගේ මව සහ සොහොයුරිය නිවසේ සිට ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
  • ‍ මිය යන විට ඇය 33 වැනි වියේ පසුවුණි.
  • අපර්ණාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මේ වන විට ඥාතීන්ගෙන් සහ ඇයගේ සමීපතමයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තිරුවානන්තපුරම් ප්‍රදේශයේ ඇයගේ නිවසේ නිදන කාමරය තුළ ගෙල වැලළාගෙන අපර්ණා සියදිවි හානිකර ගෙන ඇති බවය.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30ට පමණ මෙය සිදුව ඇති බවත් එම අවස්ථාවේ ඇයගේ මව සහ සොහොයුරිය නිවසේ සිට ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
‍
මිය යන විට ඇය 33 වැනි වියේ පසුවුණි.

අපර්ණාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මේ වන විට ඥාතීන්ගෙන් සහ ඇයගේ සමීපතමයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අපර්ණා සෑම විටම සැමියා සහ දියණියන් දෙදෙනා සමඟ සතුටින් සිටින බව හැඟවෙන දෑ සමාජ මාධ්‍ය තුළ පළ කර ඇති අතර අවසන් වරට ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇය පළ කර ඇත්තේ ඇයගේ සැමියාගේ නම සඳහන් කරමින් "මගේ ශක්තිය" යනුවෙනි.

ඇය මලයාලම් සිනමාවේ මෙන්ම මාලයාලම් ටෙලි නාට්‍ය රැසකට ද රංගනයෙන් දායකත්වය දක්වා ඇති අතර ඇයගේ හදිසි මරණයෙන් රසිකයින් කම්පනයට පත් ව ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ද මාධ්‍ය වාර්තා කරයි.

(adaderana.lk)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...