BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

තීරණාත්මක බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP පක්ෂයට බහුතර බලයක්

T

The Leader Desk

February 13, 2026 • 5:10 AM

තීරණාත්මක බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP පක්ෂයට බහුතර බලයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP (Bangladesh Nationalist) පක්ෂය පාර්ලිමේන්තු ආසන 299න් 211ක් දිනාගැනීමට සමත්ව ඇති බව එරට මාධ්‍ය තහවුරු කරයි.
  • එම ඡන්ද ප්‍රතිපල අනුව BNP පක්ෂයේ නායක, හිටපු අගමැතිනි කලීසා සියාගේ පුත් තාරික් රහ්මාන් බංග්ලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.
  •   තාරික් රහ්මාන් පසුගිය 17 වසරක කාලය පුරා තරීක් රෙහ්මාන් ජීවත් වූයේ ලන්ඩන් නුවරය.
  • ඔහු යළි බංග්ලාදේශය බලා පැමිණියේ පසුගිය 2025 දෙසැම්බරයේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදී පාර්ශවය වූ ජමාත්-ඊ-ඉස්ලාමි (Jamaat-e-Islami) සන්ධානය ආසන 70ක් ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ඡන්ද ප්‍රතිපල අනුව BNP පක්ෂයේ නායක, හිටපු අගමැතිනි කලීසා සියාගේ පුත් තාරික් රහ්මාන් බංග්ලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.

 

66b1cd72629b9 bnps acting chairman tarique rahman 061456675 16x9තාරික් රහ්මාන්
පසුගිය 17 වසරක කාලය පුරා තරීක් රෙහ්මාන් ජීවත් වූයේ ලන්ඩන් නුවරය. ඒ, ඇගේ මව සහ පවුලේ සාමාජිකයන් ෂෙයික් හසීනාගේ පාලනය යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක් වුණු බැවිනි. ඔහු යළි බංග්ලාදේශය බලා පැමිණියේ පසුගිය 2025 දෙසැම්බරයේය.

2024 වසරේ සිසු අරගලෙයන් පසු බංග්ලාදේශයේ පාලනය අන්තර්වාර පාලක මණ්ඩලයකට හිමිවිය. ඊයේ (12) පැවැත්වූයේ සිසු අරගලයෙන් පසු පළමු මැතිවරණයයි.

නව අග්‍රාමාත්‍යවරයකු තෝරා පත්කර ගැනීම මෙන්ම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ජනතා අනුමැතිය ලබා ගැනීමද මෙම මැතිවරණයේ ප්‍රධාන අරමුණු විය.

ඒ අනුව එරට ඉතිහාසයේ ඡන්ද විමසීම් දෙකක් එකවර පැවැත්වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්විය.

කෙසේ නමුත් ධුරයෙන් පහකළ එරට හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාගේ අවාමි ලීගයට මෙවර මැතිවරණය සඳහා තරග කිරීම තහනම් කර තිබුණි.

 



මැතිවරණය ව්‍යවස්ථාවට පටහැනියි: ෂෙයික් හසීනා

2024 සිසු අරගලයෙන් පසු ධුරය හැර දමා ඉන්දියාවට පලා ගිය බංගලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසන්නේ, බංග්ලාදේශ මහ මැතිවරණය ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය අවලංගු කළ යුතු බවත් ය.

හසීනා නියෝජනය කරන්නේ අවාමි ලීගය පක්ෂය වන අතර, පනවා ඇති තහංචි හේතුවෙන් එම පක්ෂයට මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට නොහැකිවිය.

sheikh hasina 6

ඉන්දියාවේ සිට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හසීනා පැවැසුවේ, තම පක්ෂය තහනම් කර ඇති බැවින් සහ ඡන්ද දායකයන් ඉතා අඩු ප්‍රතිශතයක් ඡන්ද පොළට යෑම හේතුවෙන් මැතිවරණය අවලංගු කළ යුතු බවය.

ඊයේ (12) සවස 4.30 වෙද්දී ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වුණු අතර, එසැණින් ඡන්ද ගණන් කිරීම ආරම්භ විය. බංග්ලාදේශ මැතිවරණ බලධාරින්ට අනුව, ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 55 කි. මැතිවරණ කොමිසම නිවේදනය කර තිබුණේ මිලියන 127 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බවය.‍


මුලාශ්‍ර :

Bangladesh election results live: Tarique Rahman’s BNP claims victory

'Confident we will form the next government': Bangladesh National Party tells BBC

Live Updates: Bangladesh Nationalist Party Claims Victory in Pivotal Election

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...