BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

BTS රසිකයන්ට සුබ ආරංචියක්

T

The Leader Desk

June 12, 2025 • 4:23 AM

BTS රසිකයන්ට සුබ ආරංචියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අඟහරුවාදා RM සහ Vගේ නැවත පැමිණීම දැකීමට, වෙනත් රටවල්වල සිට පැමිණි රසිකයන් ඇතුළු රසිකයන් සිය ගණනක් මධ්‍යම සෝල්හි පිහිටි Hybe ප්‍රධාන කාර්යාලය අසල රැස්වී සිටියහ.
  • අඟහරුවාදා (ජූනි 10) සේවය අවසන් කර පැමිණීමෙන් පසුව RM සහ V යන එම කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනා සැක්සෆෝන වාදනයකින් සහ ආචාර කරමින් රසිකයන්ට ප්‍රතිචාර දැක්වූහ.
  • BTS රසිකයන් සංගීත කණ්ඩායම නැවත් ඔවුන් අතරට එන්නනේ කාවදා ද යන්න සම්බන්ධව දින ගණන් කරමින් සිටි අතර RM සහ V පිළිගැනීමට හමුදා කඳවුර අසල රසිකයන් විශාල පිරිසක් රැස්ව සිටි අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
  • රසිකයන් ඉදිරියට පැමිණි RM සහ V පවසා ඇත්තේ, ඔවුන් එනතුරු බලාසිට සියලුමදෙනාට කෘතඥ වන බවත් BTS කණ්ඩාය ඉතාමත් ඉක්මනින් සංගීත කටයුතු ආරම්භ කරන බවත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ලොව සුප්‍රකට K-pop සංගීත කණ්ඩායමක් වන BTSහි සාමාජිකයින් දෙදෙනෙකු ඔවුන්ගේ අනිවාර්ය හමුදා සේවය නිල වශයෙන් සම්පූර්ණ කර ඇති අතර, ඔවුන් දීර්ඝ කාලයකට පසු යළි පැමිණීම පිළිබඳව රසිකයන් අතර උද්යෝගයක් සහ අපේක්ෂාවක් ඇති කර තිබේ.

අඟහරුවාදා (ජූනි 10) සේවය අවසන් කර පැමිණීමෙන් පසුව RM සහ V යන එම කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනා සැක්සෆෝන වාදනයකින් සහ ආචාර කරමින් රසිකයන්ට ප්‍රතිචාර දැක්වූහ.

BTS පුනරාගමනය සඳහා "තව පොඩි කාලයක් රැඳී ඉන්න," යැයි V රසිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

BTS රසිකයන් සංගීත කණ්ඩායම නැවත් ඔවුන් අතරට එන්නනේ කාවදා ද යන්න සම්බන්ධව දින ගණන් කරමින් සිටි අතර RM සහ V පිළිගැනීමට හමුදා කඳවුර අසල රසිකයන් විශාල පිරිසක් රැස්ව සිටි අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රසික පිරිසෙන් බහුතරයක් BTS කණ්ඩායමේ සංකේතාත්මක වර්ණය වන දම් පැහැයෙන් සැරසී සිටි අතර, මෙම K-pop සාමාජිකයන් දෙදෙනාගේ රුව සහිත විශාල බැනර් සහ ඡායාරූප අතින් ගෙන සිටියහ.

රසිකයන් ඉදිරියට පැමිණි RM සහ V පවසා ඇත්තේ, ඔවුන් එනතුරු බලාසිට සියලුමදෙනාට කෘතඥ වන බවත් BTS කණ්ඩාය ඉතාමත් ඉක්මනින් සංගීත කටයුතු ආරම්භ කරන බවත්ය.

BTS 1මේ මාසයේදී BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයන් හත් දෙනා ම මිලිටරි සේවය අවසන් කිරීමට නියමිත ය 

දකුණු කොරියාව, එහි උතුරට [උතුරු කොරියාවට] එරෙහිව සටනකට සූදානම් වීම සඳහා, වයස අවුරුදු 18 ත් 28 ත් අතර සියලු ම ශාරීරික දුබලතා නැති පිරිමින් වසර දෙකක් පමණ අනිවාර්ය හමුදා සේවයේ යෙදිය යුතු ය.


2020 දී දකුණු කොරියානු පාර්ලිමේන්තුව විසින් ඔවුන්ගේ අනිවාර්ය හමුදා සේවය වයස අවුරුදු 30 දක්වා කල් දැමීමට ඉඩ සලසන පනතක් සම්මත කිරීමෙන් පසු BTS කණ්ඩායම මීට පෙර එක් වරක් එසේ හමුදා සේවයට එක්වීම එය කල් දමා තිබිණි.

2022 දී කණ්ඩායමේ වැඩිමහල් ම සාමාජිකයා වන 29 හැවිරිදි "ජින්"  පළමුවෙන් හමුදා සේවයට ඇතුළත් වූ අතර අනෙක් සාමාජිකයෝ ද එය අනුගමනය කළහ.

මෙම මාසය අවසන් වන විට BTS කණ්ඩායමේ සාමාජිකයන් හත් දෙනා ම ඔවුන්ගේ හමුදා සේවාව අවසන් කිරීමට නියමිත අතර, ඔවුන්ගේ ඒජන්සිය වන Hybe පුනරාගමනයක් සම්බන්ධයෙන් ඉඟි කර තිබේ. ඔවුන් ගෝලීයව අතිශය ජනප්‍රිය තලයක සිටි 2022 වසරේදී ඔවුහු විරාමයක් ලබා ගත්හ.

 

BTS FansBTS කණ්ඩායමේ සාමාජිකයින් අනිවාර්ය හමුදා සේවය සම්පූර්ණ කරන බැවින්, සැමරුම්වලට එක්වීමට BTS රසිකයන් විශාල පිරිසක් වෙනත් රටවල්වල ද සිට පැමිණ තිබිණි.

සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ ජින් පසුගිය වසරේ ජුනි මාසයේ හමුදා සේවය අවසන් කළ අතර, ජේ-හෝප් ඔක්තෝබර් මාසයේ සිය හමුදා සේවය අවසන් කර තිබුණි.

එමෙන්ම ඊයේ  (11) දිනයේ ජිමින් සහ ජුන්ග් කුක් ඔවුන්ගේ ජාතික රාජකාරිය අවසන් කිරීමට නියමිත බව සඳහන් විය.

සුගා මෙම මස 21 වනදා සිය ජාතික රාජකාරිය අවසන් කිරීමට නියමිත බව වාර්තා වේ.

2013 වසරේදී පළමුවරට සිය නිර්මාණ ඉදිරිපත්කළ BTS සංගීත කණ්ඩායම ලොව පුරා තරුණ පරපුර අතර අතීශය ජනප්‍රිය සංගීත කණ්ඩායමකි.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

BTS රසිකයන්ට සුබ ආරංචියක් | The Leader