මාස හතරකින් ඩොලර් බිලියන 480ක් වාෂ්ප වූ හැටි
චීනයේ කෘත්රිම බුද්ධිය (AI) සහ ක්ෂුද්ර චිප් (Microchips) නිෂ්පාදන සමාගම් නියෝජනය කරන ප්රධාන STAR50 දර්ශකය, පසුගිය ජූලි මාසයේ පැවති ඉහළම අගයේ සිට මේ වන විට 40%කින් පහත වැටී ඇත.
මෙම කඩාවැටීමත් සමග චීන කොටස් වෙළෙඳපොළෙන් අහිමි වී ගිය මුදල ඇමරිකානු ඩොලර් බිලියන 480කට අධිකය.
වසර දෙකක් පුරා පැවති ශීඝ්ර වර්ධනය එක්වරම නතරවීම, බීජිං පාලනය අපේක්ෂා කළ ස්ථාවර සහ තිරසාර ආර්ථික වර්ධන සැලසුම්වලට දැඩි බාධාවක් එල්ල කර තිබේ.
කුඩා පරිමාණ ආයෝජකයින් මහමගට
චීන කොටස් වෙළෙඳපොළේ සමස්ත වටිනාකමින් 42%ක්ම ආවරණය වූයේ AI සමාගම් මගිනි. දෛනික කොටස් ගනුදෙනුවලින් අඩකටත් වඩා (57%) සිදු වූයේද මෙම ක්ෂේත්රය කේන්ද්ර කරගනිමිනි.
ප්රකට රොබෝ නිෂ්පාදන සමාගමක් වන Unitree හි කොටස් අගය අගෝස්තු මාසයේ සිට අඩකින් පහත වැටී ඇති අතර, ප්රමුඛ පෙළේ චිප් නිෂ්පාදන සමාගම්වල වෙළෙඳපොළ වටිනාකම 25% සිට 50% දක්වා අඩු වී තිබේ.
රජයේ අනුග්රහය සහ දිරිගැන්වීම් කෙරෙහි විශ්වාසය තබා ඉතිරි කිරීම් මුදල් කොටස් වෙළෙඳපොළට යෙදවූ සාමාන්ය වැසියන් අද වන විට දැවැන්ත පාඩුවකට ලක්ව ඇති අතර, බොහෝ දෙනා මේ වන විට කොටස් විකුණා දමා ආරක්ෂිත ස්ථාවර තැන්පතු වෙත යොමුවෙමින් සිටිති.
ඇමරිකානු තහනම් සහ අභ්යන්තර මිල යුද්ධය
සමාගම්වල සැබෑ ලාභයට සාපේක්ෂව කොටස් මිල පාලනයකින් තොරව ඉහළ යාම මෙම බිඳවැටීමට මූලික හේතුව බව වෙළෙඳපොළ විමර්ශකයෝ පෙන්වා දෙති. ඇමරිකානු තාක්ෂණ සමාගම්වල සාමාන්ය අගයන් මෙන් තුන් ගුණයකටත් වඩා ඉහළ මිලකට චීන සමාගම්වල කොටස් කෘත්රිමව අලෙවි විය.
ජාත්යන්තර දත්ත මධ්යස්ථාන සඳහා චීන තාක්ෂණික උපාංග ලබාගැනීම සීමා කිරීමට වොෂින්ටනය ගෙන යන නීතිමය ක්රියාමාර්ග ආයෝජකයින් තුළ බරපතල බියක් ජනිත කර ඇත.
අනෙක් අතට, තරගකාරී සමාගම් අතර ඇතිවන මිල යුද්ධය හමුවේ ලාභාංශ පහත වැටීමත් සමග, පදනමකින් තොරව පිම්බුණු ඕනෑම මූල්ය බුබුලක් පුපුරා යාම වැළැක්විය නොහැකි බව ආයෝජන විශ්ලේෂකයින්ගේ ස්ථාවරයයි.
විශ්වාසනීය මූලාශ්ර සබැඳි :
Reuters මුල් පුවත් වාර්තාව: In China, the AI bubble has already burst
YouTube වීඩියෝ වාර්තාව: China's Stock Market Volatility and Tech Slump - Reuters Business



