BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

නේපාලය Facebook, X, YouTube ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කරයි

T

The Leader Desk

September 6, 2025 • 7:27 PM

නේපාලය Facebook, X, YouTube ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නේපාලය තුළ ලියාපදිංචි නොවන සියලූම සමාජ මාධ්‍ය වේදිකාවලට පිවිසීම අවහිර කිරීමට, එරට රජය තීරණය කර තිබේ.
  • අන්තර්ජාලය තුළ පැතිර යන වෛරය, කටකතා සහ සයිබර් අපරාධ වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව නේපාල රජය නිවේදනය කර තිබිණි.
  • කෙසේ නමුත් බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 4 වැනිදා සමාජ මාධ්‍යවලට ප්‍රවේශ විය හැකිව තිබූ බව ප්‍රංශ ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබිණි.
  • “ලියාපදිංචි නොවන සියලු සමාජ මාධ්‍ය වේදිකා අද සිට අක්‍රීය වෙනවා” යැයි සන්නිවේදන අමාත්‍යාංශයේ ප්‍රකාශක ගජේන්ද්‍ර කුමාර් ඨාකූර් ප්‍රංශ පුවත් සේවයට එදින පැවැසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

නේපාල රජය මේ බව නිවේදනය කළේ ඉකුත් බ්‍රහස්පතින්දා (4) ය.

අන්තර්ජාලය තුළ පැතිර යන වෛරය, කටකතා සහ සයිබර් අපරාධ වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව නේපාල රජය නිවේදනය කර තිබිණි.

නේපාලය තුළ ලියාපදිංචි වීම සඳහා, එරට රජය සියලුම සමාජ මාධ්‍යවලට අවසාන දිනයක් ලබා දී තිබූ අතර එය බදාදා, එනම් සැප්තැම්බර් 3 වැනිදායින් අවසන් විය.

මෙම දිනය වනවිට ෆේස්බුක්, එක්ස් (ට්විටර්), ඉන්ස්ටග්‍රෑම්, යූටියුබ්, වට්ස්ඇප්, රෙඩිට්, සහ ලින්ක්ඩ්ඉන් යන සමාජ මාධ්‍ය බදාදා වනවිටත් ලියාපදිංචි වී නොතිබිණි.

නේපාලය තුළ ක්‍රියාත්මක සියලු සමාජ මාධ්‍ය, එරට සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණය අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු බවත්, දේශීය නියෝජිතයකු පත් කළ යුතු බවත්, දුක් ගැනවිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට පුද්ගලයකු පත් කළ යුතු බවත්, එමෙන්ම ස්වයං-නියාමන කටයුතු සඳහා පුද්ගලයකු පත් කළ යුතු බවත් එසේ නොමැති නම් වසා දැමිය යුතු බවත් නේපාල රජය දන්වා තිබිණි.

කෙසේ නමුත් බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 4 වැනිදා සමාජ මාධ්‍යවලට ප්‍රවේශ විය හැකිව තිබූ බව ප්‍රංශ ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබිණි.

“ලියාපදිංචි නොවන සියලු සමාජ මාධ්‍ය වේදිකා අද සිට අක්‍රීය වෙනවා” යැයි සන්නිවේදන අමාත්‍යාංශයේ ප්‍රකාශක ගජේන්ද්‍ර කුමාර් ඨාකූර් ප්‍රංශ පුවත් සේවයට එදින පැවැසීය.

“අපි ඔවුන්ට ප්‍රමාණවත් කාලයක් ලබාදුන්නා. ඒ වගේම අපගේ ඉල්ලීමට අනුකූලව කටයුතු කරන්නැයි ඔවුන්ගෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියා. නමුත් ඔවුන් එම ඉල්ලීම නොසලකා හැරියා. ඒ නිසා නේපාලය තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් අවසන් කරන්නට සිදු වෙනවා” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නේපාලයේ  සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යා ප්‍රිත්වි සුබා ගුරුන්ග් කීවේ ය.

මුලාශ්‍ර :

Nepal moves to block Facebook, X, YouTube and others

Nepal blocks citizens from accessing Facebook, X, YouTube, and dozens more

 

 

 


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...